Main news (Sinhala)

මාලිමාවේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට අභියෝගයක්.. ඉටු නොවන පොරොන්දුවක්.?

මාලිමාවේ ප්‍රතිපත්තිය ප්‍රකාශයට අභියෝගයක්.. ඉටු නොවන පොරොන්දුවක්.?

අද (27) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසූවේ හිටපු ජනාධිපතිවරුන් ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාට හැකියාවක් නොමැති බවයි.

හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීම ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයේ තිබුණු පොරොන්දුවක් බවත්, ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අවබෝධයක් තිබෙන කිසිම පුද්ගලයෙකු එම මැතිවරණ ප්‍රකාශනය සකස් කල කමිටුවේ නොසිටි බව පෙනී යන බවත් ඔහු පවසයි.

උදය ගම්මිම්නපිල මහතා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය,

“මාලිමා ආණ්ඩුව දුන්නු බොරු පොරොන්දු වැලේ ඉදිරියෙන්ම තිබුණු අනුර දිසානායක මැතිතුමා ඇතුළු මාලිමා නායකයින් රස කරමින් කියූ පොරොන්දුවක් තමයි හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරනවා කියන එක. ඒක එතුමන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ලිඛිතව සඳහන් වෙනවා. එහෙනම් ඇයි දැන් ඒක ගැන සද්ද නැත්තේ? අමතක වෙලා ද? අමතක වෙලා නොවේ. අමතක කරලා. වඩාත් නිවැරදිව කිව්වොත් අමතක කරන්න සිද්ධ වෙලා. ඇයි අපි එහෙම කියන්නේ.

අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) වගන්තියට අනුව දැනට විශ්‍රාම වැටුප් ලබන හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න බෑ. ඕනෑ නම් අනුර ජනාධිපතිතුමාට පුළුවන් එතුමාගේ සිට ඉදිරියට එන ජනාධිපතිවරුන්ට විශ්‍රාම වැටුපක් අහෝසි කරන්න. නමුත් දැනට ඉන්න අයගේ විශ්‍රාම වැටුප අහෝසි බෑ. අපි ඒ වගන්තිය කියවමු.

යම් තැනැත්තෙකු විසින් ජනාධිපති ධූරය භාර ගනු ලැබූ විට පාර්ලිමේන්තුව විසින් නිශ්චය කරනු ලබන පරිදි වූ වැටුප් සහ දීමනා ලැබීමට ද ඉන්පසුව, එසේ නිශ්චය කරනු ලබන විශ්‍රාම වැටුප් ලැබීමට ද ඒ තැනැත්තා හිමිකම් ලබන්නේය. පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලැබූ සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරීමක් සහ මෙම ව්‍යවස්ථාවට අනනුකූල වන පසුව පනවනු ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධි විධානයක් අතීතයට බල නොපාන්නේය.

කවුද කියන්නේ උදය ගම්මන්පිල නෙමෙයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ උත්තරීතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඒක රකින්න තමයි අනුර කුමාර ජනාධිපතිතුමා පොරොන්දු වෙලා දියුරුම් දීලා වැඩ පටන් ගත්තේ ඒ පොරොන්දු අනුව නම් එතුමාට හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්න බෑ.

මේ වගන්තියේ කියන විධියට ව්‍යවස්ථාවේ මේ වගන්තිය සංශෝධනය කළත් ඊට පටහැනි වෙනත් වගන්තියක් ගෙනාවත් ඒකෙන් අතීතයට බලපාන්නේ නෑ. බලපාන්නේ අනාගතයට විතරයි. සරලවම කිව්වොත් දැනට විශ්‍රාම වැටුප් ලබන කිසිම ජනාධිපතිවරයෙකුගේ විශ්‍රාම වැටුප අහෝසි කරන්න හැකියාවක් මාලිමා ආණ්ඩුවට නෑ.

විශ්‍රාම වැටුපක් අතීතයට බලපාන්න අහෝසි කරන්න විතරක් නොවේ අඩු කරන්නත් බෑ. ඒක ලෝකය පුරාම පිලිගත් නීතිමය මූල ධර්මයක්. ඒකට හේතුව තමයි තමන් සේවය කරන කාලයේ දී විශ්‍රාම වැටුපක් ලැබෙනවා කියන බලාපොරොත්තුවෙන් විශ්‍රාමික ජීවිතයේ දී වියදම් කරන්න මුදල් ඉතිරි කරන්න ඒ සේවකයා පෙළෙඹෙන්නේ නෑ. ඒකට නීතියේ කියනවා සුජාත අපේක්ෂාවේ න්‍යාය නැතිනම් doctrine of legitimate expectation. වයස අවුරුදු 80 දී විතර විශ්‍රාම වැටුප අහෝසි කරලා ජීවත් වෙන්න තිබෙන එකම ආදායම අහිමි කලොත් ඒ අයට ඒ වයසේ දී රස්සාවක් කරන්නත් හැකියාවක් නෑ. ඒ නිසා ජනාධිපතිවරුන්ගේ විතරක් නොවේ කිසිම පුද්ගලයෙකුගේ ලැබෙන විශ්‍රාම වැටුපක් අහෝසි කරන්නත් බෑ. අඩු කරන්නත් බෑ”

නොකෙරෙන වෙදකම දින 10කින් කෙරෙන හැඩ.. රනිල් සජිත් මුහුණට මුහුණ.!

නොකෙරෙන වෙදකම දින 10කින් කෙරෙන හැඩ.. රනිල් සජිත් මුහුණට මුහුණ.!

හිටපු ආණ්ඩුකාර නවීන් දිසානායක පවසන්නේ, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස අතර විශේෂ දේශපාලන සාකච්ඡාවක් ඉදිරි දින 10ය ඇතුළතදී පැවැත්වීමට නියමිත බවයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ, ඉදිරි පළාත් පාලන මැතිවරණයට එජාප සහ සජබ ඒකාබද්ධ සන්ධානයක් ගොඩනැඟීම වෙනුවෙන් මෙම හමුව සිදුවන බවත් ඉන් ඉදිරියට නායකයන් දෙපොළ තවත් මුහුණට මුහුණ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බවත් ය.

සන්ධානයේ නම, තරග කරන ලකුණ, අපේක්ෂක ලැයිස්තු සකස් කිරීම ඇතුළුව දේශපාලන කරුණු කිහිපයක් කෙරෙහි මෙහිදී අවධානයට යොමුවනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය.

එජාප සහ සජබ අතර තීරණාත්මක සාකච්ඡා වට දෙකක් පසුගිය දිනවල පැවති බවත් නායකත්ව මණ්ඩලයක් මඟින් මෙම සාකච්ඡා ඉදිරියට පැවැත්වුවහොත් සාර්ථක වනු ඇති බව ත්  දිසානායක මහතා පැවසීය.

එක්සත් ජාතික පක්ෂයේ අලියා ලකුණ හා සමගි ජන බලවේගයේ දුරකතනය ලකුණ හැර සියලු දෙනාට පිළිගත හැකි වෙනත් පොදු ලකුණකින් මැතිවරණයට ඉදිරිපත් විය යුතුය යන්න බොහෝ දෙනාගේ ස්ථාවරය වී ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

එසේ ම, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ඇතුළු විපක්ෂයේ අනකුත් දේශපාලන පක්ෂ සමග සාකච්ඡා කිරීමට එජාපය සැලසුම් කර ඇතැයිද හිටපු ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

සජබ ඇතුළු අනෙකුත් දේශපාලන පක්ෂ සමග පවත්වන සාකච්ඡා පෙබරවාරි 10 වන දා විට අවසන් කරන ලෙසට එජාප නායකයා කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී දැනුම් දුන් බවද දිසානායක මහතා පැවසීය.

අපේක්ෂකයන් තෝරා ගැනීමේදී එජාපය මෙන්ම සජබය සංවේදී විය යුතු බවත්,පසුගිය මහමැතිවරණයේදී ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුව ඒ ඒ පක්ෂවලට අපේක්ෂක ලැයිස්තුවල ඉඩකඩ හිමිවන  බව ත් හෙතෙම සඳහන් කළේය.

එජාප-සජබ එකතුවකින් ඉදිරි මැතිවරණයේදී ඡන්ද ලක්ෂ 40ක් ලබාගැනීමට හැකියාව තිබෙන බවද ඔහු පැවසීය.

නව ගුවන් හමුදාපතිවරයා පත්වීම් ලබයි.!

නව ගුවන් හමුදාපතිවරයා පත්වීම් ලබයි.!

එළැඹෙන ජනවාරි 29 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාපති ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත් කර තිබේ.

ඒ සේවා දිගුවක සිටින වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමෙන් අනතුරුවයි.

උදේනි රාජපක්ෂ මහතා මෙරට 19වන ගුවන් හමුදාපතිවරයා වන අතර වාසු බන්දු එදිරිසිංහ මහතා මෙරට 20වන ගුවන් හමුදාපතිවරයා වෙයි.

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයා වෙත රහසිගත තීන්දුවක්.!

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ජනාධිපතිවරයා වෙත රහසිගත තීන්දුවක්.!

පළාත් පාලන ඡන්ද විමසීම විශේෂ විවිධාන පළාත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට තීන්දු කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම් පිළිබඳ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද අවසන් කළේය.

දින දෙකක් තිස්සේ පැවැත්වූ නඩු විභාගය අවසන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේ එහි රහසිගත තීන්දුව ජනාධිපතිවරයාට සහ පාර්ලිමේන්තුවේ කථානායකවරයාට අද (27) යොමු කරන බවයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මහලේකම් ජනාධිපති නීතිඥ නිසාම් කාරියප්පර් මහතා ඇතුළු පාර්ශව හතරක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

නාමල්ගේ අභියෝගය අස්සෙන් හීන් කෙඳිරියක්.?

නාමල්ගේ අභියෝගය අස්සෙන් හීන් කෙඳිරියක්.?

දේශපාලන වේදිකාවේ බොරු චෝදනා නොකර දූෂණ අක්‍රමිකතාවන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත යුතු බවට පසුගිය කාලය පුරා ආණ්ඩුවට නොයෙකුත් අභියෝග එල්ල කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සිය සහෝදරයා වූ යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගැනීමෙන් පසු ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රකාශයක් අද මාධ්‍ය ඉදිරියේදී සිදු කළේය.

ඔහු පැවසූවේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳීමට කාලය වැයකරනවා වෙනුවට තමන්ගේ පවුලේ අයව දඩයම් කිරීමට රජය කටයුතු කරමින් සිටිනා බවයි.

යෝෂිත රාජපක්ෂ මහතාව අද (27) උදෑසන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට රැගෙන ආ අතර එම අවස්ථාවේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා පවසා සිටියේ පාර්ලිමේන්තුවේ හඬ නගන්නේ තමා වුවත් එයට වන්දි ගෙවීමට සිදුවුණේ තම සහෝදරයාට බවය.

“ඇයි මෙහෙම කරන්නේ කියලා මගෙන් අහන්න එපා. ඒක අහන්න නියෝජ්‍ය ආරක්ෂක ඇමතිගෙන්, පොලිස් ඇමතිගෙන් සහ රටේ ජනාධිපතිවරයාගෙන්. හැබැයි ඉතින් රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කාලය වැයකරන්න ඕන ආණ්ඩුව දේශපාලනඥයින්ව දඩයම් කරන්න සහ පවුලේ අයව දඩයම් කරන්න යොදනවා. පාර්ලිමේන්තුවේ කෑගහන්නේ මම නේ. හිරේ යන්නේ මල්ලි.

අපරාදේ හයිවේ එක දිගේ බෙලිඅත්තටම ඇවිත් අත්අඩංගුවට ගත්ත එක. අපිට එන්න කිව්වානම් අපි එනවා. තෙල් ගහගෙන බෙලිඅත්තට යන්නේ අපරාදේ. එන්න කිව්වා නම් ඇවිත් කටඋත්තරය දෙනවානේ. අපි වැරැද්දක් කරලා තියෙනවා නම් අධිකරණයේ දී ඔප්පු කරන්න. මාධ්‍ය සංදර්ශන දාලා රටේ ජනතාවගේ මුදල් නාස්ති කරන්න එපා.

මේ නඩුව පටන් ගත්තේ දුෂණ මර්දන කමිටුවේ ලේකම්වරයා විදියට අද ඉන්න පොලිසිය භාර අමාත්‍යවරයා. එතුමාගේ එදා තිබුණ දේශපාලන දඩයම අද සාක්ෂි හද හදා ඒ විදියටම ක්‍රියාත්මක කරන්න උත්සාහ කරනවා. විපක්ෂය මර්දනය කරලා තමන්ගේ දේශපාලනය කරන්න ආණ්ඩුව හදන්නේ. පැහැදිලිව අපි වැරැද්දක් කරලා තියෙනවා නම් ඒ වැරැද්ද අධිකරණයේ දී ඔප්පු කරන්න. මාධ්‍ය සංදර්ශන දාලා මුදල් නාස්ති කරන්න එපා.”

ගුවන් හමුදාපති තනතුරට එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු.?

ගුවන් හමුදාපති තනතුරට එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු.?

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමෙන් පසු ශ්‍රී ලංකාවේ විසිවැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කිරිමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඇමරිකා එක්සත් ජනපදයේ ඇලබාමා ගුවන් විශ්වවිද්‍යාලයේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ මාණ්ඩලික පාඨමාලා උපාධිය ද ලබා ඇති එයාර් මාර්ෂල් එදිරිසිංහ, රටවල් ගණනාවක විශේෂ පුහුණුවීම් ද ලබා ඇති නිලධාරියෙකි.

මහනුවර සිල්වෙස්තර විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන එයාර් වයිස් මාර්ෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා 1970දී මහනුවර දී උපත ලබා ඇත.

වාසු බන්දු එදිරිසිංහ මහතා 1993දී සාමාන්‍ය රාජකාරී නියමු ශාඛාවේ නියමු නිලධාරියකු ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාවට බැඳී ඇති අතර ගුවන් හමුදාවේ භමණ අංශයට අනුයුක්තව සේවය කර එම වසරේදිම බෙල් පුහුණුව ද නිමකර ඇත. පසුව ඔහු බෙල් 212 උපයෝගිතා හෙලිකොප්ටර් බළගණයට ද පත් කරන ලදී.

ඔහු ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ පුහුණු පාඨමාලාව හදාරා ඇති අතර, 1988 වසරේ සුදුසුකම්ලත් හෙලිකොප්ටර් උපදේශකයකු බවට පත්විය.

හෙලිකොප්ටර් පැය හත්දහසකට වැඩි ප්‍රමාණයක් රැස්කර ඇති අතර ඔහු හෙලිකොප්ටර් පියාසර කිරීමේ උපදේශකයෙකි.

අයවැයෙන් රුපියල් 7,500/= ක වැටුප් වැඩි කිරීමක්.!

අයවැයෙන් රුපියල් 7,500/= ක වැටුප් වැඩි කිරීමක්.!

වත්මන් ආණ්ඩුවේ මංගල අයවැයෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ගේ මූලික වැටුප හෝ දීමනා වැඩි කිරීමට තීරණය කර තිබේ.

අයවැය පෙබරවාරි 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

රජයේ ආරංචිමාර්ග පවසන්නේ අයවැයෙන් මසකට රුපියල් 7,500 දක්වා වැටුප් වැඩි කිරීමක් ‍යෝජනා වී ඇති බවයි.

ජාත්‍යන්තර මූල්‍ය මණ්ඩලයේ රාමුව යටතේ අයවැය සකස් කෙරෙමින් පවතින බවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැයට විශ්‍රාමිකයන් සඳහා වැටුප් වැඩිවීමක් ඇතුළත් නොවන බවද නිල නොලත් ආරංචි මාර්ග පවසයි.

චමුදිතගෙන් පැය 4ක් පාස්කු ප්‍රහාරය ගැන දැන සිටි හැටි විමසයි.!

චමුදිතගෙන් පැය 4ක් පාස්කු ප්‍රහාරය ගැන දැන සිටි හැටි විමසයි.!

“Truth with Chamuditha” යූටියුබ් නාළිකාවේ පළවූ වීඩියෝවක් සම්බන්ධයෙන් මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ප්‍රකාශ සටහන් කරගෙන තිබේ.

පෙරේදා (25) පැය 04ක පමණ කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව මෙලෙස ඔහු මුදා හැරීමට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පියවර ගෙන තිබුණි.

අසේල නුවන් රාජපක්ෂ නමැති අයකු මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග “ටෲත් විත් චමුදිත” යූටියුබ් නාළිකාවේ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය දැන සිටි බවට සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මෙම ප්‍රකාශ ලබාගෙන තිබේ.

ප්‍රකාශය ලබාගැනීමෙන් අනතුරුව නැවත කැඳවීමක් ලැබුණහොත් පෙනීසිටින ලෙස ද එම කොට්ඨාසය ඔහුට දැනුම්දී ඇත.

මෙම සිද්ධියට අදාළව සමාජ ක්‍රියාකාරී නාමල් කුමාර සහ අසේල නුවන් රාජපක්ෂ යන අය අත්අඩංගුට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටියි.

සීල් මූඩියෙන් ප්‍රකට නාමයෙන් තැබෑරුමට එන කසිප්පු.!

සීල් මූඩියෙන් ප්‍රකට නාමයෙන් තැබෑරුමට එන කසිප්පු.!

පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ නිලධාරින් විසින් ඉකුත් සති අන්තයේදී නීති විරෝධි ලෙස පවත්වාගෙන ගිය මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකරුවන් හය දෙනකු සමඟ ලක්ෂ ගණනක් වටිනා මත්පැන් තොග අත්අඩංගුවට ගනු ලැබීය.

එහිදී සැකකරුවන් සමඟ වෙළෙඳපොළට නිකුත් කිරීමට සූදානම් කර තිබූ ¼ මත්පැන් බෝතල් 4971ක් බෝතල් කිරීමට සකස් කර තිබූ මත්පැන් ලීටර් 228ක්, එතනෝල් ස්ප්‍රීත්තු ලීටර් 110ක් සහ අරක්කු බෝතල්වලට පුරවන සහ මූඩි සවි කරන නවීන මැෂිමක්ද අත්අඩංගුවට ගෙන ඇත.

එමෙන්ම මත්පැන් බෝතල්වල මූඩිවල ඇලවීමට සුරාබදු දෙපාර්තමේන්තුව මඟින් බලපත්‍ර සහිත මත්පැන් නිෂ්පාදනාගාරවලට පමණක් නිකුත් කරන තීරු කේත සහිත ව්‍යාජ ලෙස සකස් කරගත් ස්ටිකර් 4300ක් පිළිගත් මත්පැන් නිෂ්පාදන ආයතනයක නම සඳහන් ව්‍යාජ ලේබල් 8000ක් අත්අඩංගුවට ගෙන ඇති බව ජා – ඇළ සුරාබදු ස්ථානය සඳහන් කරයි.

ජා – ඇළ සුරාබදු කොට්ඨාසයට අයත් කිරිබත්ගොඩ මායා මාවතේ රුපියල් ලක්ෂයක කුලී පදනම මත ලබාගත් සුපිරි දෙමහල් නිවෙසක මෙම මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇත.

නීත්‍යනුකුලව දිවයිනේ පිළිගත් ප්‍රසිද්ධ මත්පැන් නිෂ්පාදන ආයතනයක නමින් මෙහි මත්පැන් බෝතල් ලේබල් කර තිබූ බවද ජා – ඇළ සුරාබදු ස්ථානය සඳහන් කරයි.

වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා එම මත්පැන් ජා – ඇළ සුරාබදු ස්ථානයට භාරදී ඇති අතර සැකකරුවන් සහ භාණ්ඩ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ජා – ඇළ සුරාබදු ස්ථානය පැවසූවේ, අත්අඩංගුවට පත් සැකකරුවන් කිරිබත්ගොඩ, නාරම්මල, පොල්පිතිගම, නාවලපිටිය සහ කළුතර පදිංචි 25 – 35 අතර වියේ පසුවන අය බව‍යි.

ඩිජිටල් පුනරුදය ගමින් ගමට.. රට වටා මධ්‍යස්ථාන 2,300ක්.!

ඩිජිටල් පුනරුදය ගමින් ගමට.. රට වටා මධ්‍යස්ථාන 2,300ක්.!

ඩිජිටල් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන ප්‍රමුඛ කාර්‍යක් වන ඩිජිට්ල් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු නොබෝදිනකින් ආරම්භ කරන බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

තඹුත්තේගම ප්‍රදේශයේ ඊයේ (26) පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

ඩිජිටල් හැඳුනුම්පත හරහා මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට මෙන්ම බදු ගෙවීමේ කටයුතු සඳහා එමඟින් පහසුකම් සැලසෙන බවත් දත්ත සොරකම් කිරීම සම්බන්ධයෙන් කිසිවෙකු බියවිය නොමැති බවත් එහිදී ජනපතිවරයා අවධාරනය කළේය.

ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ඇතුලත් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

We are happy to invite you.