Why is this happening (Sinhala)

ඇමති බිමල් හොරාට ගිටපු ගමනක් මිනිස්සු වීඩියෝ කරලා.!

ඇමති බිමල් හොරාට ගිටපු ගමනක් මිනිස්සු වීඩියෝ කරලා.!

ප්‍රවාහන මහාමාර්ග වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා අද (20) උදෑසන මොරටුව දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව බලා ධාවනය වන කාර්‍යාල දුම්රියේ නැගී සේවයට වාර්තා කර තිබේ.

අමාත්‍යවරයා මෙලෙස පෙර දැනුම්දීමකින් තොරව දුම්රියට නැග ඇත්තේ දුම්රිය සේවයේ ඇති සැබෑ ගැටළු හඳුනාගැනීමේ අරමුණින්.

මෙහිදී දුම්රිය මගීන් අමාත්‍යවරයා සමඟ සුහද කතා බහක නිරතවෙමින් ගමන් ගන්නා අයුරු මගීන් විසින් ජංගම දුරකථන හරහා රූගත කර සමාජ මාධ්‍ය වෙත එක් කර තිබුනි.

ගමන අතරවාරයේ ඇතැම් දුම්රිය ස්ථාන වලින් බැස දුම්රිය ස්ථාන නිරීක්ෂණය කිරීමටද අමාත්‍යවරයා කටයුතු කර තිබූ අතර අමාත්‍යවරයා ගමන් ගත් දුම්රිය පැමිණ තිබුනේ මිනිත්තු 13ක් ප්‍රමාදවී බව සඳහන්.

ගමන අතරතුර දුම්රියේ අපිරිසිදු ස්ථාන සහ විදුලි පංකා ක්‍රියාත්මක නොවීම ආදී කරුණුද අමාත්‍යවරයාගේ අවධානයට ලක්ව තිබේ.

“ශාක්ෂි දුන්නොත් බලගෙනයි” තුෂාර ජයරත්නට නාමල්ගෙන් තර්ජන.!

“ශාක්ෂි දුන්නොත් බලගෙනයි” තුෂාර ජයරත්නට නාමල්ගෙන් තර්ජන.!

2010 වසරේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී නාමල් රාජපක්ෂ මහතා වංචා සහගත ලෙස නීති විද්‍යාලයේදී නීති විභාගයට පෙනී සිටි බවත් ඒ සම්බන්ධයෙන් සිදුකළ පැමිණිල්ලක් මත තමා පැහැරගත් බවත් විදේශ රටක දේශපාලන රැකවරනය ලබා සිටි තුෂාර ජයරත්න මහතා මහතා නැවත වරක් සිය හඬ අවදි කළේ වත්මන් රජය බලයට පත්වීමෙන් පසුවයි.

කෙසේවෙතත් පසුගියදා පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධ කතාබහ ඇතිවීමෙන් පසු නැවතත් කරලියට පැමිණි තුෂාර ජයරත්න මහතා ඊට අදාළ පැමිණිල්ල සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිනෙන බවද සඳහන් කළේය.

තුෂාර ජයරත්න මහතා පවසන්නේ එම සිදුවීමෙන් පසුව ඊට අදාළ ශාක්ෂි ලබා නොදෙන ලෙස නාමල් රාරපක්ෂ මහතා ඔහුට දිගින් දිගටම තර්ජනය කරනා බවයි.

ඒ සම්බන්ධයෙන් ඔහු පැමිණිලි අංක ESC 161851172 යටතේ රහස් පොලීසියටද පැමිණිල්ලක් සිදුකල බවත් නාමල් රාජපක්ෂ සහ ඔහුගේ සහචර ඉරාජ් වීරරත්න එක්ව දිගින් දිගටම තමාට බලපෑම් සිදුකරමින් සිටිනා බවත් ඔහු පවසයි.

එමෙන්ම තමා එල්.ටී.ටී ත්‍රස්තවාදියෙක් බවට පවා මේ වනවිට මඩ ප්‍රචාරයක් ගෙනයෑමට නාමල් රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩයම කටයුතු කරමින් සිටිනා බවත් තමාගේ ඉතිහාසය තුල කිසිදු අයුරකින් ත්‍රස්තවාදී සම්බන්ධතා පිළිබඳ චෝදනාවක් හෝ එල්ල වී නැති බවත් ඔහු පවසයි.

ස්වීස්ටර්ලන්තයේ සිටින තම නීතී උපදේශකවරියගේ උපදෙස් මත රහස් පොලීසියට මෙම පැමිණිල්ල සිදුකල බවද ඔහු පවසයි.

දීගය තීන්දුයි.. එජබ ගේ දොර බලන්න සජබ පැමිණෙයි.!

දීගය තීන්දුයි.. එජබ ගේ දොර බලන්න සජබ පැමිණෙයි.!

දේශපාලන පක්ෂ දෙකක් ලෙස පසුගිය ජනාධිපතිවරනයට සහ මහ මැතිවරනයට මුහුණ දුන් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය සිය ඉදිරි දේශපාලන කටයුතුවලදී එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් සිදුකරන පළමු සාකච්ඡාව අද (20) දිනයේ පැවැත්වීමට නියමිත බව වාර්තා වෙයි.

සමගි ජන බලවේගයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ අදාල සාකච්ඡාව සම්බන්ධයෙන් දෙපාර්ශවයේ කමිටු සාමාජිකයින් අතර එම සාකච්ඡාව පැවැත්වීමට නියමිත බවයි.

එහිදී දෙපාර්ශවයේම යෝජනා සැලකිල්ලට ගනිමින් ඉදිරි නායකත්වය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටද නියමිත බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

G.රාජපක්ෂ නාඳුනන ගෝඨාගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කරයි.!

G.රාජපක්ෂ නාඳුනන ගෝඨාගෙන් පැය දෙක හමාරක් ප්‍රශ්න කරයි.!

කත­ර­ගම මැණික් ගඟට යාබ­දව ඇති රජයේ රක්ෂි­ත­යට අයත් ඉඩම් කොට­සක නීති විරෝධී ලෙස ඉදි­කර ඇති කාමර 12ක පමණ වූ ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කරනු ලබන විම­ර්ශ­න­යට අදා­ළව ගෝඨා­භය රාජ­පක්ෂ මහ­තා­ගෙන් පසු­ගිය 17 වෙනි­දා ප්‍රශ්න කර ඇත.

එහිදී එම ගොඩනැගිල්ල සඳහා ජී. රාජ­පක්ෂ නමින් ලැබෙන විදුලි බිල සම්බ­න්ධ­යෙන් තමා කිසි­වක් නොදන්නා බවත් එම ගොඩ­නැ­ඟි­ල්ලට තමාගේ කිසිදු සම්බ­න්ධ­යක් නොමැති බවත් හිටපු ජනා­ධි­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව හමුවේ පවසා තිබේ.

අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් කර ඇති විම­ර්ශ­න­ව­ලින් අනා­ව­ර­ණය වී ඇත්තේ මෙම ඉදි­කි­රීම සිදු­කර ඇත්තේ 2010 වස­රට පෙර­ බවත් එම ඉදි­කි­රීම් හමු­දාවේ කණ්ඩා­ය­ම­කගේ ශ්‍රම දාය­ක­ත්ව­යෙන් සිදු­කර ඇති බවත් ය.

කෙසේවෙතත් එම ඉදි­කි­රී­ම්ව­ලින් පසු එම ගොඩ­නැ­ඟිල්ල බලා කියා­ගෙන සිට ඇතැයි පැව­සෙන්නේ යෝෂිත රාජ­පක්ෂ මහ­තාගේ ආර­ක්ෂා­වට යොදවා සිට ඇතැයි පැව­සෙන්නේ එම නාවික හමුදා සාමා­ජි­ක­යෙකි.

ඒ සම්බ­න්ධ­යෙන් යෝෂිත රාජ­පක්ෂ මහ­තා­ගෙන්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව විසින් ඉකුත් 03 වෙනිදා ප්‍රශ්න­කර තිබූ අතර එහිදී ඔහු පවසා තිබුණේ එම ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් තමා කිසි­වක් නොදන්නා බවයි.

ඉකුත් දෙසැ­ම්බර් 27 වැනි­දා යෝෂිත රාජ­පක්ෂ මහ­තා­ගෙන් ප්‍රශ්න කිරී­මට පෙර හිටපු ජනා­ධි­පති මහින්ද රාජ­පක්ෂ මහ­තාගේ පුද්ග­ලික ආර­ක්ෂක නිල­ධා­රියා වූ මේජර් නෙවිල් වන්නි­ආ­රච්චි මහ­තා­ගෙන්ද අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුව ප්‍රශ්න කළ අතර රජයේ රක්ෂි­ත­යක ඉදි­කර ඇති මෙම ගොඩ­නැ­ඟිල්ල සම්බ­න්ධ­යෙන් යහ­පා­ලන ආණ්ඩුව සමයේ දී ද විම­ර්ශ­න­යක් ආරම්භ කළත් ගෝඨා­භය රාජ­පක්ෂ ජනා­ධි­ප­ති­ව­රයා වීමෙන් අන­තු­රුව එම විම­ර්ශ­නය ඇන­හිට තිබුණි.

කෙසේවෙතත් එම ගොඩ­නැ­ඟි­ල්ලට ලබා­ගෙන ඇති විදු­ලි­යට බිල්පත් ලැබෙන්නේ ජී. රාජ­පක්ෂ නමැති අයෙ­කුගේ නමිනි.

කිව්වොත් කිව්වා.. එහෙනම් මහතුනේ හැප්පිලා බලමු.!

කිව්වොත් කිව්වා.. එහෙනම් මහතුනේ හැප්පිලා බලමු.!

වත්මන් රජය බලයට පත්වීමත් සමඟ මුහුණදීමට සිදුවූ පළමු අභියෝගය වූයේ සහල් පිළිබඳ අර්බුදයයි. එම මොහොත දඩ මීමා කරගත් මෙරට මහාපරිමාන සහල් ව්‍යාපාරිකයන් ජනතාව කබලෙන් ලිපට ඇද දමා ඉන් අසීමිත ලාභ ඉපයූ බව නොරහසක්.

පසුව ගැටළුව නිරාකරණය කිරීම සඳහා ජනපතිවරයාට පවා කිහිප අවස්ථාවකදී මැදිහත්වීමට සිදුවූ අතර ඉන් තත්වය යම් පාලනයකට ගෙන ඒමට හැකිවූවත් ඇතැම් මහාපරිමාණ ව්‍යාපාරිකයින් රටේ නීතිය පවා ඉවත දමමින් සිට පටු ලාභ අරමුණු උදෙසා කටයුතු කළහ.

කෙසේවෙතත් ඉන්පසු සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනපතිවරයාට සිදුවූ අතර ඊට විපක්ෂ දේශපාලන පක්ෂ විසින් දැවැන්ත අවලාද නැඟීමටද අමතක නොකළහ.

කෙසේවෙතත් මෙම අර්බුද මැද ජනපතිවරයා අවධාරණය කර සිටියේ එළඹෙන කන්නයේ සිට නියත වශයෙන්ම මෙම සහල් අධිකාරිය බිඳ දැමීමට අවශ්‍ය සියළු තීරණ ගන්නා බවයි.

එමෙන්ම සහල් යනු මෙරට ජාතික ධනයක් මිස හුදු ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකුගේ පුද්ගලික බූදලයක් නොවන බවද ජනපතිවරයා සිහිපත් කළේය.

එහිදී වී අලෙවි මණ්ඩලය හරහා රජය විසින් සහල් වෙළඳපොලේ කොටසක් අත්පත් කරගැනීමේ වැදගත්කමද ඔහු පෙන්වා දුන්නේය.

ජනපතිවරයාගේ එම දැක්ම යථාවත් කරමින් මෙවර වී අස්වනු නෙලීම ආරම්භ වී ඇති පසුභිමක කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ඇඹිලිපිටිය වී ගබඩා සංකීරණයේ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමින් කියා සිටියේ, රජයේ ගබඩා සඳහා වී තොග ගෙනවිත් භාරදෙන ගොවීන්ට සහතික මිලට අමතරව වී කිලෝවක් සඳහා රුපියල් 2ක මුදලක් ලබාදෙන බවයි.

එමෙන්ම තම අස්වැන්නෙන් යම් වී ප්‍රමාණයක් රජයේ ගබඩා සඳහා ද ගෙනවිත් භාරදෙන ලෙස ඔහු ගොවීන්ගෙන් ඉල්ලා සිටියේය.

මේ වනවිටත් ඇතැම් දිස්ත්‍රික්කවල වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බවත් තවත් සති දෙකක් ඇතුලත සහල් ගැටලුව සම්පූර්ණයෙන්ම අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මෙම ක්‍රියාවලිය හරහා වී අස්වැන්නෙන් සැළකියයුතු කොටසක් රජය අත් පත් කරගනිමින් ඒ හරහා සහල් ඒකාධිකාරිය බිඳහෙලා ජනතාවට හිඟයකින් තොරව නිසි මිල ගනන් යටතේ සහල් ලබාදීම ‍රජයේ අරමුණ බව පැහැදිලි වේ.

මහජන සේවය බල්ලට දමා සල්ලි පැටව් ගස්සලා.. පළාත් පාලනයේ කෙරුවාව මෙන්න.!

මහජන සේවය බල්ලට දමා සල්ලි පැටව් ගස්සලා.. පළාත් පාලනයේ කෙරුවාව මෙන්න.!

පළාත් පාලන ආයතන විසින් රුපියල් මිලියන 26,726ක මුදලක් ස්ථාවර තැන්පතු හා වෙනත් තැන්පතුවල ආයෝජනය කර ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති වාර්ෂික විගණන වාර්තාව මගින් පෙන්වාදී ඇත.

ඒ එම ආයතනවලට පැවරී ඇති මහජන සෞඛ්‍ය, පොදු උපයෝගි සේවා, පොදු මංමාවත් පිළිබඳ කටයුතු සහ ජනතා සුබසාධන වැනි සේවාවන් නිසි පරිදි ඉටුකර නොමැති පසුබිමකයි.

අයවැය හා පරිපූරක ඇස්තමේන්තු නිවැරදිව පිළියෙළ නොකිරීම නිසා පළාත් පාලන ආයතන බොහොමයක ඉතිරි වී ඇති ප්‍රතිපාදන ආදායම් ඉපයීමේ අරමුණ ඇතිව ආයෝජනය කර ඇති බවට අනාවරණය වී ඇත.

ඒ අනුව මෙරට මහා නගර සභාව විසින් රුපියල් මිලියන 12,479ක මුදලක්, නගර සභා විසින් රුපියල් මිලියන 2,716 ක මුදලක් හා ප්‍රාදේශීය සභා විසින් රුපියල් මිලියන 11531ක මුදලක් ආයෝජනය කර ඇති බව වාර්තා වේ.

කෙසේවෙතත් ජාතික විගණන කාර්යාලය පෙන්වාදී ඇත්තේ මහජන සුබසාධනයන් නිසි පරිදි ඉටුනොකර පළාත් පාලන ආයතනවල ඇති අරමුදල් ස්ථාවර තැන්පතු ලෙස පවත්වා ගෙන යෑම ගැටලුකාරී තත්ත්වයක් බවයි.

තප්පර 42න් ඇල්ල ඔඩිසිය මිලට ගත් විශ්මකර්මයා අල්ලයි.!

තප්පර 42න් ඇල්ල ඔඩිසිය මිලට ගත් විශ්මකර්මයා අල්ලයි.!

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පසුගියදා ඇල්ල බලා ධාවනය වන ඇල්ල ඔඩිසි දුම්රියේ ප්‍රවේශ පත්‍ර සියල්ල තත්ත්පර 42 ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ දී අලෙවි වීම සම්බන්ධයෙන් වූ ජාවාරමක තතු හෙළි කළ අතර ඒ සම්බන්ධයෙන් පොලීසියටද විමර්ශණ ආරම්භ කරනා ලෙස දැනුම්දුන්නේය.

ඒ සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයෙන්, මෙම දුම්රිය ප්‍රවේශ පත් වංචාවට සම්බන්ධ එක් ප්‍රධාන සැකකරුවකු හදුනා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට හැකි වී තිබේ.

අදාල සැකකරු මාකුඹුර දුම්රිය ස්ථානයේ නිළධාරියෙකු බව වාර්තා වේ.

ඔහුගේ ඥාතියෙකුගේ නමින් ඔන්ලයින් දුම්රිය ප්‍රවේශ පත්‍ර නිකුත් කරන පෞද්ගලික ආයතනයක් ආරම්භ කර තිබෙන මෙම දුම්රිය නිළධාරියා, ඒ මගින් ඔහු සියලු දුම්රිය ප්‍රවේශ පත්‍ර තාක්ෂණික ක්‍රමවේදයක් හරහා වෙන්කර ගැනීම සිදු කර ඇත.

පසුව එම දුම්රිය ප්‍රවේශ පත්‍ර ඔහුට සම්බන්ධ එම ආයතනය හරහා වැඩි මිලකට අලෙවි කිරීම ඔහුගේ ජාවාරම වන අතර එහිදී 1200 ප්‍රවේශ පත්‍රය රුපියල් 16000ක් වැනි අධික මිලකට විදේශිකයන්ට විකුණා ඇති බව දැනගන්නට තිබේ.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ මූලිකත්වයෙන් මෙම වංචාව හසුකර ගැනීම සදහා කටයුතු කරන ලද අතර මේ වන විට අදාල නිළධාරියාගේ සේවය අත්හිටුවා ඇති බව වාර්තා වේ. 

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල නියත වශයෙන් ඉහළට.!

අත්‍යවශ්‍ය භාණ්ඩ මිල නියත වශයෙන් ඉහළට.!

ලංකා භාණ්ඩ හා ප්‍රවාහන සංගමය පවසන්නේ රේගුවේ හටගෙන ඇති බහාලුම් ප්‍රමාදය හේතුවෙන් ආනයනික භාණ්ඩවල මිල ඉහළ යන බවත් එහි බර පාරිභෝගිකයන් පිට අනිවාර්යයෙන් ම පැටවෙන බවත් ය.

මෙම ප්‍රමාදය මත ආනයනික භාණ්ඩවල මිල තීරණය කිරීමේ ගැටලුවක් පවතින අතර ලොරි හිඟය හේතුවෙන් ලොරි ගාස්තු ඉහළ යෑමේ අවාසිය ද පාරිභෝගිකයා මත සෘජුව ම පැටවෙන බව ත් ඔහු සඳහන් කළේ ය.

මීට පෙර දිනකට ගෙවූ රුපියල් 15,000 – 20,000ත් අතර මුදල මේ වනවිට රුපියල් 40,000 – 50,000 දක්වා වැඩි කිරීමට රථකරුවන් කටයුතු කර ඇති බවත් එම සංගමයේ සභාපති ඉනාම් කෆූර් මහතා වැඩිදුරටත් පැවසීය.

එමෙන් ම, මේ හේතුවෙන් ආනයනකරුවන්ට භාණ්ඩවල මිල තීරණය කිරීමේදී විශාල ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවත් කෙසේ හෝ භාණ්ඩ විකුණා ගත්තද පාරිභෝගිකයන්ට එහි පිරිවැය ගෙවීමට සිදුවන බව ත් කෆූර් මහතා පෙන්වා දුන්නේය.

“අපේ වැඩේට ආණ්ඩුව නම දාගන්න හදනවා” චානකගෙන් විලාපයක්.!

“අපේ වැඩේට ආණ්ඩුව නම දාගන්න හදනවා” චානකගෙන් විලාපයක්.!

හම්බන්තොට චීන පිරිපහදුව ඉදිකිරීම සම්බන්ධයෙන් වූ අතීතය රටට අනාවරණය කිරීමට හිටපු බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය ඩීවී චානක මහතා ඊයේ (17) කටයුතු මාධ්‍ය හමුවක් කැඳවා තිබුනි.

එහිදී චානක මහතා කියා සිටියේ ඊට අදාළ ඉඩම හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙන් කළ බවත්, ඊට අදාළ කටයුතු කංචන විජේසේකර මහතා ඉදිරියට ගෙන ගිය බවත්ය.

හම්බන්තොට ආයෝජන කළාපයක් ඇතිකරනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් එම ආයෝජන කළාපය ඇතිකිරීමෙන් පසු මෙවැනි තෙල් පිරිපහදුවක් ඇතිකිරීම සඳහා හිටපු අමාත්‍ය කංචන මහතාගේ මූලිකත්වයෙන් ටෙන්ඩර් කැඳවීමෙන් පසු ඒ සඳහා සිනොපැක් සමාගම තෝරාගත් බවත් ඩීවී චානක මහතා පවසයි.

නමුත් එම පිරිපහදු ක්‍රියාවලියට අවශ්‍ය විදුලිය සහ ජලය සපයාව්ගැනීමේ ගැටළුකාරී තත්වයක් මතුවූ බවත් එම ගැටළු සඳහා පිළියම් යෙදුවේ තමා ඇතුළු කණ්ඩායම බවත් මන්ත්‍රීවරයා පවසයි.

එමෙන්ම සිනොපැක් සමාගමට මෙරට පෙට්‍රල් සෙඩ් 150ක් ලබාදීමත් මෙම ව්‍යාපෘතියේ මූලික පියවරක් ලෙස සිදුකළ බවත් මෙවර රජය මෙම ආයෝජනය සඳහා සිනොපැක් සමාගමත් සමඟ ගිවිසුමක් අත්සන් කළ බවට පැවසූවත් එම ගිවිසුම මින් පෙර අත්සන් කර තිබූ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

සජිත් අළුත් තුරුම්පු එකතු කරයි.. ගමේ බලය අල්ලන්න ලොකු සැළැස්මක්.!

සජිත් අළුත් තුරුම්පු එකතු කරයි.. ගමේ බලය අල්ලන්න ලොකු සැළැස්මක්.!

සමගි ජන බලවේගයේ පක්‍ෂ මූලස්ථානය ඉදිරිපිට දී මාධ්‍යයට අදහස් දක්වමින් විපක්‍ෂ නායක හා සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණ දීම සඳහා විපක්‍ෂය නියෝජනය කරන සියලුම දේශපාලන පක්‍ෂ සමග සාකච්ඡා කරන බවයි.

තුනෙන් දෙකක ජනවරමක් ලබා බලයට පත්වූ වත්මන් රජය එම ජනවරමට ගරුකර ජනතාව අපේක්‍ෂා කරන සහන ලබාදී ජනතාවට සේවය කළයුතු බවත් එය නොකරන්නේ නම් ජනතාව වෙනුවෙන් විපක්‍ෂය පෙනී සිටිනා බවත් ඔහු අවධාරණය කළේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ, සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී රජය ක්‍රියාත්මක කරන ජනතා මර්දන වැඩපිළිවෙළට එරෙහිව නැඟී සිටිය යුතු ආකාරය පිළිබඳවත් එළැඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා මුහුණ දෙන ආකාරය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කළ බවයි.

රටේ ජනාධිපතිවරයා සියලුම රටවල් සමග රාජතාන්ත්‍රික සම්බන්ධතා පවත්වාගෙන යායුතු බවත් එහිදී ජනතාවට සහන සැලසෙන වැඩපිළිවෙළකට විපක්‍ෂයේ ද සහාය ලබාදෙන බවත් කී සජිත් ප්‍රේමදාස මහතා තෙල් මිල අඩු කිරීම, පොහොර සහනාධාර ලබාදීම වැනි පොරොන්දු ඉටුකිරීම රජය විසින් පසෙකට දමා කටයුතු කිරීමට එරෙහිව ජනතාව සමග එක්ව රජයට විරෝධය පළ කරන බවත් පැවසීය.