Why is this happening (Sinhala)

“හිරු මාධ්‍යට අත නොතබනු” තැපෑල වර්ජනයකට සැරසෙයි.!

“හිරු මාධ්‍යට අත නොතබනු” තැපෑල වර්ජනයකට සැරසෙයි.!

තැපැල් දෙපාර්තමේන්තුව තුළ මතුව ඇති ගැටලුවලට විසඳුම් ජනවාරි 19 වැනිදාට ප්‍රථම ලබා නොදෙන්නේ නම් දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට යොමුවන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි.

එහි සම කැඳවුම්කරු චින්තක බන්ඩාර මහතා මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් කියා සිටියේ ආණ්ඩුව පත්වීමට පෙර ලබාදුන් පොරොන්දු අනුව සේවක වැටුප් වැඩිකිරීම් මෙවර අයවැයෙන් ලබාදෙනු ඇති බවට විශ්වාස කරනා බවත් එසේ නොවේ නම් ආන්ඩුව සමඟ ඉදිරියට ගැටළු ඇතිවිය හැකි බවත් ය.

එහිදී වැඩිදුරත් අදහස් දැක්වූ සම කැඳවුම්කරු සරත් ශාන්තප්‍රිය පැවසූවේ ආණ්ඩුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ තිබූ පොරොන්දු ඉටු නොකිරීම නිසා එම තොරතුරු ජනතාවට ලබාදෙන හිරු වැනි මාධ්‍ය ආයතන මර්දනයක් ක්‍රියාත්මක කර ඇති බවයි.

ගාසා තීරයේ විලාපයට විරාමයක්.!

ගාසා තීරයේ විලාපයට විරාමයක්.!

විදෙස් මාධ්‍ය පවසන්නේ ඊශ්‍රායලය හා හමාස් සංවිධානය අතර මාස 15ක් පුරා ගාසා තීරයේ පැවති යුද්ධය අවසන් කරමින් දෙපාර්ශ්වය සටන් විරාම ගිවිසුමකට එළඹ ඇති බවයි.

ඒ අනුව දෙරටේ ප්‍රාණ ඇපකරුවන් අදියරෙන් අදියර නිදහස් කිරීමේ එකඟතාවකටද එළඹ ඇති අතර ඉකුත් 2023 වසරේ හමාස් සංවිධානය දකුණු ඊශ්‍රායලයට පහර එල්ල කිරීමෙන් මෙම යුද්ධයේ ආරම්භය විය.

ෙහි ප්‍රතිඵලයක් ලෙස ඊශ්‍රායලය වැසියන්  1,200ක් පමණ මිය ගිය අතර තවත් 251 දෙනෙකු හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා වෙත රැගෙන ගියේය.

ඊශ්‍රායලය විසින් දිගින් දිගටම ගාසා තීරයට දැවැන්ත ප්‍රහාර දියත් කළ අතර ගත වූ මාස 15ක කාලය තුළ මේ දක්වා පලස්තීනුවන් 46,000කට වැඩි පිරිසක් එහිදී ජීවිතක්ෂයට පත්ව තිබේ.

මාස ගණනාවක් තිස්සේ පැවති සාකච්ඡාවලින් පසුව මෙම සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වේ.

මෙහි ප්‍රධාන මැදිහත්කරුවෙකු ලෙස කටාර් රාජ්‍ය කටයුතු කරනු ඇති බව සඳහන්.

සජබ මන්ත්‍රීවරුන්ගේ සහයත් ආණ්ඩුවට.. 118ක් අත්සන් තබයි.!

සජබ මන්ත්‍රීවරුන්ගේ සහයත් ආණ්ඩුවට.. 118ක් අත්සන් තබයි.!

මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා පවසන්නේ, අභියාචනාධිකරණයේ වත්මන් සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව රජය විසින් ගෙන ඒමට නියමිත දෝෂාභියෝග සඳහා මේ වන විට මන්ත්‍රීවරුන් 118ක් අත්සන් තබා ඇති බවයි.

එමෙන්ම එම දෝෂාභියෝග සඳහා සමඟි ජන බලවේගයද සහ දැක්වීමට තීරණය කර ඇති බවද වාර්තා වේ.

විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සම්බන්ධයෙන් ඉකුත් දෙසැම්බර් මස 12 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කරනු ලැබූ මූලික අයිතිවාසිකම් නඩුවක තීන්දුවක් හේතුවෙන් ඔහුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒම සඳහා රජයේ අවධානය යොමු විය.

රනිල් වික්‍රමසිංහ පාලන සමයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්ධුල කරුණාරත්න ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ධූරය සඳහා නම් කරමින් ඔහුගේ නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබූ නමුත් බහුතර සමාජිකයින්ගේ තීරණය මත එම නාම යෝජනාව ප්‍රතික්ෂේප කිරීමට තීන්දු කළේය.

වැඩිවන බනින ජනතාවට නායකත්වය දෙන්න සජබ සැරසෙයි.!

වැඩිවන බනින ජනතාවට නායකත්වය දෙන්න සජබ සැරසෙයි.!

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා පුවත්පතකට පිළිතුරු දෙමින් පවසන්නේ දූෂිත නැති ඕනෑ ම කෙනෙකුට සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා කිරීමට, වැඩපිළිවෙලක් සාදා ගැනීමට හා එකඟතාවට පැමිණීමට සමගි ජන බලවේගය සූදානම් බවයි.

ඔහු පවසන්නේ, රටේ ජනතාව මුහුණ දී ඇති පීඩනය හමුවේ ආණ්ඩුවට විරුද්ධ සියලු බලවේග එකතු කරගෙන ඉදිරි ගමන යෑමට සජබ සූදානම් බවයි.

ආණ්ඩුව ඡන්දවලට පෙර කී දේට වෙනස්ම දෙයක් දැන් කරන බව ත් අඩු මිලට වාහන ගැනීමට සිටි තරුණ තරුණියන්ට හොඳ ඉහළ මිලකට වාහන ගැනීමට සිදුවනු ඇති බවත් මන්ත්‍රීවරයා පවසයි.

ආණ්ඩුව විසින් ජනතාව ‍රවටා ඇති බවත් කිසිදිනක නොවූ ආකාරයට රටේ සහල් හිඟයක් ඇති වී තිබෙන බවත් හාල් නැති තැනක් පෙන්වන්නැයි වෙළෙඳ ඇමතිවරයා කීවත් හාල් තිබෙන තැන් පෙන්වීම ඊට වඩා පහසු වනු ඇති බවත් ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මේ අනුව ජනමතයට අනුව විපක්ෂයේ බලවත්ම පක්ෂය ලෙස සමගි ජන බලවේගය රජයට එරෙහි ඕනෑම බලවේගයක් සමග වැඩ කිරීමට නායකත්වය ලබා දෙන බවත් ආණ්ඩුවට බනින ජනතාව මේ වන විට වැඩි වී ඇති බැවින් ඒ සියලුම දෙනා එකතු කරගෙන ඔවුන්ට නායකත්වය දීමට සමගි ජන බලවේගය ඉදිරියේදී කටයුතු කරන බවත් මන්ත්‍රීවරයා පවසයි.

නිශ්ශංක බන්දුලට එරෙහිව නිල වශයෙන් රතු කොඩිය එසවෙයි.!

නිශ්ශංක බන්දුලට එරෙහිව නිල වශයෙන් රතු කොඩිය එසවෙයි.!

මහජන ආරක්‍ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසූවේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුව නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට රජට තීරණය කර ඇති බවයි.

දෝෂාභියෝගය සඳහා මේ වන විට ඒ සඳහා අත්සන් ලබා ගැනීමද අවසන් බවත් වටගල මහතා වැඩිදුරටත් පැවසීය.

අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට වාර්තා පළ වී ඇති නිසා ඒ පිළිබඳව සොයා බැලීමෙන් අනතුරුව ඉදිරි පියවර ගැනීමට නියමිත බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් අභියාචනාධිකරණයේ සභාපති වරයා සිය ධුරයෙන් විශ‍්‍රාම යාමට ඉතිරිව ඇත්තේ තවත් දින ගණනක් වන අතර ඊට අදාල ලේඛණ බාර දීමෙන් පසු ක‍්‍රියාවලිය අවසන් වීමෙන් පසු ඔහුගේ සේවය අවසන් වීමටද නියමිතයි.

“එක කුස ඉපදුනත් අපි වෙනස්” මනූෂගෙන් මල්ලී ගස් යන ප්‍රකාශයක්.!

“එක කුස ඉපදුනත් අපි වෙනස්” මනූෂගෙන් මල්ලී ගස් යන ප්‍රකාශයක්.!

පුවත්පතකට පිලිතුරු දෙමින් හිටපු ඇමැති, මනූෂ නානායක්කාර මහතා පවසන්නේ, සිය සහෝදරයාගේ මූල්‍ය වංචා සිද්ධි නිසා වසර දෙකකින් තමන්ට නිවෙසට යෑමට නොහැකි වී ඇති බවයි.

තමා සිය මැතිවරණ ව්‍යාපාරය කරගෙන ගියේද වෙනත් ස්ථානයක සිට බවත් සහෝදරයාගේ මූල්‍ය වංචා පිළිබඳව මුල්වරට හෙළි කළේ තමා බවත් හිටපු අමාත්‍යවරයා පවසයි.

තමන් එම වංචා සම්බන්ධයෙන් පැමිණිලි කළ දා සිට ඔහු සමඟ පැවැති හිතවත්කම් ද අත්හැරි බවත් එක කුස ඉපදුණත් පුද්ගලයන් එකිනෙකාට වෙනස් බවත් නානායක්කාර මහතා වැඩිදුරටත් පවසයි.

සුදු අලියෙක් ගොඩදාන්න ඇමති රාජපක්ෂ මකවන්න සැරසෙයි.!

සුදු අලියෙක් ගොඩදාන්න ඇමති රාජපක්ෂ මකවන්න සැරසෙයි.!

ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පැවසූවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ නම ඉදිරියේදී වෙනස් කිරීමට කටයුතු කරන බවයි.

අදාල ක්‍රීඩා සංකීර්ණය මේ වන විට දැඩි ලෙස අබලන් තත්වයේ පවතින බවත් විශාල වශයෙන් මහජන මුදල් නාස්ති කර ඇති බවත් එහිදී අමාත්‍යවරයා සඳ්හන් කළේය.

එහි ඉදිරි සංවර්ධන කටයුතු සඳහා පෞද්ගලික අංශයේ ආයෝජකයින් හා එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන නමුත් මහින්ද රාජපක්ෂ නමින් ක්‍රීඩා සංකීර්ණ පවත්වාගෙන යාමට කිසිදු ආයෝජකයෙකු මුදල් ආයෝජන නොකරන බවත් එබැවින් එම නම ඉවත් කිරීමටද ඉදිරියේ කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ආණ්ඩුව හැරෙද්දී නිශ්සංක බන්දුල ඉල්ලා අස්වෙයි.?

ආණ්ඩුව හැරෙද්දී නිශ්සංක බන්දුල ඉල්ලා අස්වෙයි.?

අභියාචනාධිකරණ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතව ඇති බව වාර්තා වේ.

ඔහුට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත් කිරීමට ජාතික ජන බලවේග (NPP) රජය සැලසුම් කර ඇති පසුබිමක මෙම තීරණය ගෙන ඇති බව පැවසේ.

ඒ අනුව, විනිසුරු කරුණාරත්න මහතා මේ මස අවසානයේ සිය ඉල්ලා අස්වීම ඉදිරිපත් කිරීමට නියමිත අතර, ඔහුගේ මෑත කාලීන කාර්‍ය සාධනය පදනම් කරගනිමින් එම දෝෂාභියෝග යෝජනාව ගෙන ඒමට රජය සූදානම් වී ඇති බව වාර්තා වේ.

විනිසුරු කරුණාරත්න මහතා මේ වසරේ ජුනි 16 වන දින වයස අවුරුදු 63 සම්පූර්ණ කර විශ්රාම යාමට නියමිතව සිටියද, දෝෂාභියෝග චෝදනා හේතුවෙන් ොහු ඊට ප්‍රථම ඉල්ලා අස්වීමට නියමිත බව වාර්තා වේ.

මීට අමතරව, පසුගිය සඳුදා නීතිපති පාරින්ද රණසිංහ සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර පැවති සාකච්ඡාවකින් පසුව, බරපතල අපරාධ නඩු 11ක් කඩිනමින් අවසන් කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර, මෙම තීරණය දෝෂාභියෝග ක්‍රියාවලිය සඳහාද බලපෑමක් ඇතිකර ඇති බව පැවසේ.

විනිසුරු කරුණාරත්න මහතා මහේස්ත්රාත්වරයකු ලෙස තම අධිකරණ ජීවිතය ආරම්භ කළ අතර, පසුව අභියාචනාධිකරණ සභාපති ධුරයට පත්වූ අතර පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චකාරවරයකු ලෙස පත් කිරීමට නිර්දේශ කළ නමුත්, ව්‍යවස්ථාදායක සභාව විසින් එම නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන ලදී.