Why is this happening (Sinhala)

පොලිස් නිළධාරියෙක් රාජකාරි ගිනි අවිය විකුනා ඩුබායි පනී.?

පොලිස් නිළධාරියෙක් රාජකාරි ගිනි අවිය විකුනා ඩුබායි පනී.?

ගල්කිස්ස පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු රජයේ ගිනි අවියක් රැගෙන රටින් පලා ගොස් ඇති බව වාර්තාවේ.

අදාළ පොලිස් නිලධාරියා සිය රාජකාරි ටී-56 ගිනි අවිය හා උණ්ඩ වලට කුමක් කළේදැයි නොදන්වා ඩුබායි රාජ්‍යයට පලාගොස් ඇත.

ඔහු සතු ගිනිඅවිය මෙතෙක් සොයා ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙම කොස්තාපල්වරයා පෙබරවාරි 08 වන දින සවස  5.30ට පමණ ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණ රාජකාරී සඳහා ටී-56 ගිනි අවියක් සහ උණ්ඩ 30ක් ලබාගෙන පිටත්ව ගොස් ඇතත් ඔහු නියමිත මාර්ගබාධක රාජකාරියට වාර්තා කර නොමැත.

පසුව අනාවරණය වී ඇත්තේ එම කොස්තාපල්වරයා එදිනම රාත්‍රී 10.15ට පමණ ඩුබායි රාජ්‍යය බලා ගුවන්ගත වී ඇති බවයි.

මෙම පලාගිය නිලධාරියා නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අන්තර්ජාතික පොලීසියේ (ඉන්ටපෝල්) සහය ලාගැනීමට නියමිත අතර, නීති විරෝධී ලෙස රැගෙන ගිය ගිනි අවිය සහ උණ්ඩ සොයා ගැනීම සඳහා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.

නියෝජ්‍ය විදුහල්පති ගෙදර ගෙනගොස් බිරිඳ ලවා වද දීලා.!

නියෝජ්‍ය විදුහල්පති ගෙදර ගෙනගොස් බිරිඳ ලවා වද දීලා.!

බියගම සියඹලාපේ ප්‍රදේශයේදී රජයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් පැහැරගෙන ගොස් එම ප්‍රදේශයේම් නිවසක සිර කර හිංසා කළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අවුරුදු 37ක් වන ගුරුවරයෙක් වන අතර සැකකාරිය අවුරුදු 32ක් වන එම ගුරුවරයාගේ බිරිඳ වෙයි.

පහරකෑමට ලක්ව ඇත්තේ ගුරුවරයා සේවය කරන විදුහලෙ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි.

පැරණි අමනාපයක් මත මෙම නියෝජ්‍ය විදුහල්පතිවරයා පැහරගෙන ගොස් මෙලෙස සිය බිරිඳ ලවා වද හිංසා කර ඇති බව පැවසේ.

පියා බල්ලන්ට ඇටවූ මරුවැලේ පුතා පැටලී මරුට.!

පියා බල්ලන්ට ඇටවූ මරුවැලේ පුතා පැටලී මරුට.!

සෙවනගල, නෙලුම්වැව ප්‍රදේශයේදී නිවසක ඇද තිබූ නීතිවිරෝධී විදුලි රැහැනක ගැටී 31 හැවැරිදි පුද්ගලයෙකු පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයාගේ නිවස අසළ පදිංචිව සිටින රෝගි මවට දිවා ආහාරය ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී මෙම විදුලි රැහැනේ ගැටී ඇති බව පැවසේ.

මෙම විදුලි රැහැන ඇද ඇත්තේ මරණකරුගේ පියා විසින් නිවසට සුනඛයන් පැමිණිම වැළැක්වීම සඳහා බව පොලිසිය පවසයි.

චාමර සමන්ත ප්‍රසිද්ධ විවාදයක්.!

චාමර සමන්ත ප්‍රසිද්ධ විවාදයක්.!

අද පාර්ලිමේන්තුවේදී බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීන් වන චාමර සම්පත් දසනායක සහ සමන්ත විද්‍යාරත්න යන මන්ත්‍රීවරුන් අතර උණුසුම් විවාදයක් හටගත්තේය.

එහිදී චාමර සම්පත් දසනායක මහතා පැවසූවේ තමන්ට එරෙහිව නඩු ඇත්නම් ඒවා කඩිනමින් පවරන ලෙසයි.

තමන් නඩුවලට බිය නොමැති බවත්, නඩු පරණවීමට ඉඩ නොදී ඇප දීමට නොහැකි වන ලෙස නඩුව පවරන ලෙසත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ගුරුවරයෙක් දණ ගැස්ස වූ බවට තමන්ට චෝදනා කළ ද, තමන් අධිකරණයෙන් නිදහස් වී ඇති බවත්, ඒවා පරණ කතා වන බවත්, අලුත් කතාව වන්නේ සමන්ත කජු කෑ ආකාරය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

එහිදී ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඊට පිළිතුරු සපයිමින් කියාසිටියේ අදාළ මන්ත්‍රීවරයා විසින් සිදුකර ඇති වංචා දූෂණ රැසක් සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත් ඊට අදාළ කටයුතු ඉදිරියේදී සිදුවනු ඇති බවත් ය.

එමෙන්ම බදුල්ල මහ ඇමතිව කටයුතු කළ සමයේ ගුරුවරියක් දණ ගැස්වීම සම්බන්ධයෙන්ද සඳහන් කළ විද්‍යාරත්න මහතා ඊට අදාළ වින්දිත ගුරුවරිය විසින් ලබාදී ඇති ශාක්ෂියද ඉදිරිපත් කළේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ කාල වේලාව නාස්ති නොකර වෙනම විවාදයක් සඳහා ‍චාමර සම්පත් මහතා යෝජනා කළ අතර සමන්ත විද්‍යාරත්න මහතා එය ස්ථිර කළේය.

හසීනාගේ සුවිසල් රජ මැදුර පොළොවට සමතලා කරයි.!

හසීනාගේ සුවිසල් රජ මැදුර පොළොවට සමතලා කරයි.!

බංග්ලාදේශයේ ආරම්භ වූ අරගලයෙන් පසුව බලයෙන් පහකළ හිටපු අගමැතිනි ෂීක් හසීනාගේ පවුලේ නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා විනාශකර ඇත.

දැනට රටින් පැන ගොස් සිටින හසීනා ඉන්දියාවේ සිට සමාජ මාධ්‍ය හරහා ජාතිය අමතනු ඇතැයි යන පුවතත් සමඟ මෙම නොසන්සුන්තාව ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය බදාදා සවස, හසීනාගේ නැසීගිය පියා වන බංග්ලාදේශයේ ආරම්භක ජනාධිපති ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවස ඩෝසර් යන්ත්‍රයක් යොදාගනිමින් කඩා බිඳ දැමීය.

එම විනාශ කළ නිවසද මීට පෙර කෞතුකාගාරයක් ලෙස භාවිත කිරීමට සැලසුම් කර තිබුණි.

හසීනාගේ පියා නිදහස් වීරයෙකු ලෙස පුළුල් ලෙස සලකනු ලැබේ, නමුත් ඔහුගේ දියණිය හසීනා කෙරෙහි ඇති කෝපය හේතුවෙන් මෙලෙස විරෝධතා මතුව ඇත.

වසර 20 ක් බංග්ලාදේශය භාරව සිටි 77 හැවිරිදි හසීනා, ඒකාධිපතියෙකු ලෙස සැලකේ.

ෆේස්බුක් සජීවී විකාශයක දී හසීනා තම පියාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් “යුක්තිය” ඉල්ලා සිටියාය. “ඔවුන්ට ගොඩනැගිල්ලක් කඩා දැමිය හැකිය, නමුත් ඔවුන්ට ඉතිහාසය මකා දැමිය නොහැක,” ඇය එහිදී පැවසුවාය.

පසුගිය අගෝස්තු මාසයේදී හසීනා ඉන්දියාවට පලා ගිය අතර පසුගිය වසරේ විරෝධතා මර්දනය කිරීමට හසීනාගේ රජය උත්සාහ කිරීමේදී පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මිය ගියහ.

කථානායකට එරෙහි සජිත්ගේ අශිෂ්ඨ වචනය ප්‍රසිද්ධියේ ඉල්ලා අස්කරගනී.!

කථානායකට එරෙහි සජිත්ගේ අශිෂ්ඨ වචනය ප්‍රසිද්ධියේ ඉල්ලා අස්කරගනී.!

අද පාර්ලිමේන්තු සභාවාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අමතමින් දී කී අශිෂ්ඨ වචනයක් පිළිබඳ ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ විරෝධය හමුවේ ඉල්ලා අස්කර ගත්තේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට පෙර අතුරු කාරණයක් මතු කරමින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය පරීක්ෂණ ගැන රජය ගන්නා පියවර කුමක්දැයි විමසීමක් කළ අතර ඒ අවස්ථාවේ නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂ නායක අමතමින් යමක් ප්‍රකාශ කිරීමට ගත් උත්සාහයේදී සජිත් ප්‍රේමදාස මහතා ‘පොඩ්ඩක් පනින්නේ නැතුව ඉන්නැයි” පැවසීය.

පසුව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා නැඟී සිට එම ප්‍රකාශය නුසුදුසු බවත් ඉල්ලා අස්කර ගත යුතු බවත් දැඩිව ප්‍රකාශ කළේය.

අනතුරුව නැගී සිටි විපක්ෂ නායකවරයා තමාට මහන්තත්ත කමක් නැති බවත් නුසුදුසු වචනයක් ප්‍රකාශ වී නම් එය ඉල්ලා අස්කර ගන්නා බවත් පැවසීය.

රාගම කතක් ගෙල කපා ගිනි තබා මරලා.!

රාගම කතක් ගෙල කපා ගිනි තබා මරලා.!

ඊයේ (05) සවස වයස 76 ක් වූ රාගම – තලගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් සිය නිවසේදී ගෙල කපා ගිනි තබා ඝාතනය කර තිබේ.

මියගිය කත ස්වාමි පුරුෂයා සමග නිවසේ පදිංචිව සිටින අතර ස්වාමි පුරුෂයා සිද්ධිය වන අවස්ථාවේදී රැකියාව සඳහා නිවසින් පිටව ගොස් සිට ඇති බව පොලිස් පරික්ෂණ වලදී  අනාවරණය වී ඇත.

ස්වාමි පුරුෂයා නිවසට පැමිණ බිරිඳ පිළිබඳව සොයා බැලීමේදී ඇය මෙලෙස ඝාතනය කර ඇති බව දැක ඇති බව පොලීසිය පවසයි.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

නවක මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම ගැන නලින්ද පහදයි.!

නවක මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම ගැන නලින්ද පහදයි.!

අද (5) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් සදහා රජයෙන් වාහන ලබාදීමට බලාපොරොත්තු නොවන බවයි.

මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම රජයේ ප්‍රමුඛ කටයුත්තක් නොවන බවත් ඒ වෙනුවෙන් වාහන ආනයනය නොකරන බවත් මාත්‍යවරයා පැවසීය.

දැනට රජයේ ස්ථාවරය අනුව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අවශ්‍ය වාහන පහසුකම් ඔවුන් විසින් සලසා ගත යුතු බව අමාත්‍යවරයා පැවසීය.

රජය විසින් වාහන සංචිතයක් පවත්වාගෙන යමින් ඒ හරහා මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන වසර පහකට පසුව නැවත රජයට භාරදිය යුතු බවට තීරණය කර ඇතත් එවැනි වාහන සංචිතයක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් වාහන මේ වනවිට රජය සතුව නොමැති බවත් ඔහු කියා සිටියේය.

එනිසා දැනට මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබාදීමට තීරණයක් ගෙන නොමැති බව ාමාත්‍යවරයා අවධාරණය කළේය.

ලසන්ත ඝාතනයේ යුක්තිය පිළිබඳ අපේක්ෂා බිඳ වැටෙයි.?

ලසන්ත ඝාතනයේ යුක්තිය පිළිබඳ අපේක්ෂා බිඳ වැටෙයි.?

2009 ජනවාරි 8 මහමග කුරිරු ලෙස ඝාතනය කර දැමූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කර සිටින තිදෙනකු සම්බන්ධයෙන් තවදුරටත් නීති මඟින් කටයුතු කරන්නට අදහස් නොකරන බවත් එනිසා ඔවුන් නිදහස්කර යැවිය හැකි බවටත් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත දන්වන්නැයි නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා යැවූ බව කියනා ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

එහි සත්‍යතාව තහවුරු කරමින් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුළ එම ලිපිය සම්බන්ධයෙන් අදහස් පළකර තිබුනි.

පසුගිය 27 වැනිදා නීතිපතිවරයා විසින් යොමු කර ඇති ලිපියකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දන්වා ඇත්තේ මේ බව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අධිකරණය ගත් ක්‍රියාමාර්ග දින 14ක් ඇතුළත තමන් වෙත දැනුම්දෙන ලෙසයි.

මෙසේ නිදහස්කර හැරීමට නිර්දේශ කරන සැකකරුවන් වන්නේ යුදහමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපා, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන අයයි.

පසුගිය කාලයන්හි සිදුකරන ලද රාජ්‍ය අපරාධ කිසිදා හෙළිදරව් නොවනු ඇති බවට වන සැකය ත්‍රීවෘ වන බව බොහෝ පිරිස් එම ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් රජය පාර්ශවයෙන් මෙතෙක් සිදුකර නොමැත.

ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනය සිදුවෙයි.!

ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනය සිදුවෙයි.!

ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

විදෙ මාධ්‍ය පවසන්නේ වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීම මෙය ලෙස හැඳින් වියහැකි බව එරට අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් පවසයි.

ඝාතකයා විසින් මෙම වෙඩි තැබීම සඳහා කුමන වර්ගයේ ගිනිඅවියක් භාවිත කළේද යන්න සහ වෙඩි තැබීම සිදුකළ ආකාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති අතර මියගිය පිරිස අතර වෙඩික්කරුද සිටින බව සඳහන්.

We are happy to invite you.