Why is this happening (Sinhala)

මහින්ද පාපයක් යාපාගේ කර මතින් කැපෙයි.!

මහින්ද පාපයක් යාපාගේ කර මතින් කැපෙයි.!

අල්ලක් කොමිසම විසින් හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඇතුළු දෙදෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර ඇත.

ඒ 2014 වසරේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්ති සංවත්සරය වෙනුවෙන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත්වල දැන්වීම් පළ කිරීම හරහා රජයට රුපියල් ලක්ෂ 17 කට අධික පාඩුවක් සිදු කළේ යැයි කිය සිදුවීමකට අදාළවය.

හිටපු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය  ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙලෙස නඩු පැවරීමට කටයුතු කර ඇත.

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පදවි ප්‍රාප්තිය වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වනදා පුවත්පත් 11ක ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල් වලින් පුවත්පත් අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76 ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර ඇත.

මෙම නඩුවේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 5ක් සහ සාක්ෂිකරුවන් වශයෙන් පුද්ගලයින් 15 දෙනෙකු නම් කර ඇති අතර නඩු භාණ්ඩ වශයෙන් ලේඛන 21 ක්ද ඉදිරිපත් කර ඇත.

දේශබන්දු පරීක්ෂණයට දින නියම වෙයි.!

දේශබන්දු පරීක්ෂණයට දින නියම වෙයි.!

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිදුකර ඇතැයි කියන විෂමාචාර සහ ධුරයේ බලතල බරපතළ අන්දමින් අනිසි ලෙස යොදාගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට පත්කළ පරීක්ෂණ කමිටුව විසින් වැඩ තහනම් වී සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට කැඳවීමක් කර තිබේ.

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එළැඹෙන 19වනදා ප.ව. 2ට පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දන්වා තිබේ.

පොදු ප්‍රවාහනය සඳහා ලොරි චැසි බස් බොඩි එන ජනවාරියෙන් පසු තහනම්.!

පොදු ප්‍රවාහනය සඳහා ලොරි චැසි බස් බොඩි එන ජනවාරියෙන් පසු තහනම්.!

ප්‍රවාහන මහාමර්ග, සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසන්නේ 2026 ජනවාරි මාසයේ සිට මෙරට පොදු ප්‍රවාහනය සඳහා දැනට භාවිත කරනා නිසි ප්‍රමිතියෙන් සහ ආරක්ෂාවෙන් තොර ඉන්දියානු බස් රථ මෙරටට ආනයනය කිරීම තහනම් කරන බවයි.

ඔහු මේ බව පැවසුවේ, රම්බොඩ, ගැරඩිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් අනතුර සම්බන්ධයෙන් පසුගිය දා කරුණු පැහැදිලි කරමින් එම අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවේදී ය.

මගී ප්‍රවාහනය සඳහා යොදාගන්නා බස් රථ සම්බන්ධයෙන් විශේෂිත මාර්ගෝපදේශන මාලාවක් කඩිනමින් ඉදිරිපත් කර ඊට අනුකූල බස් රථ පමණක් ආනයනය කිරීමට කටයුතු කරනා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

දැනට මෙරට පවතින එවැනි බස් රථ භාවිතයෙන් ඉවත්කිරීම සඳහා දීර්ගකාලීන වැඩ පිළිවෙලක් සකස් කළ යුතු බවත්, දෙවන අදියර ලෙස එම කටයුත්ත ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රථ වාහන අනතුරු වළක්වා ගැනීම සඳහා රියැදුරන් නිරීක්ෂණය කළ හැකි AI තාක්ෂණික පද්ධති ලංගම සහ පෞද්ගලික දුර ගමන් සේවා බස් රථ සඳහා හඳුන්වා දීමට පියවර ගන්නා බවද බිමල් රත්නායක මහතා පැවසීය.

ඉදිරියේදී මගී ප්‍රවාහනයට අවසර ලැබෙන්නේ AI වැනි තාක්ෂණික පහසුකම් සහිත බස් රථවලට පමණක් බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, මෙම තාක්ෂණික ක්‍රමවේදය බර වාහන සහ දුම්රිය සේවය සඳහා ද හඳුන්වා දීමට කටයුතු කරන බව ත් එමෙන් ම දුර සේවා රියැදුරන්ට විවේක ගැනීමට ඇති ස්ථාන නවීකරණය කර සකස් කිරීමට කටයුතු කරන බව ත් ය.

නාමල් සජිත් වමට සිග්නල් දමා දකුණට හරවයි.!

නාමල් සජිත් වමට සිග්නල් දමා දකුණට හරවයි.!

ඊයේ (15) කොළඹදී ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ පළාත් පාලන ආයතනවල විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව බලය පිහිටුවීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් පැවැත්වුණි.

එහි විශේෂත්වය වූයේ, පළාත් පාලන ආයතන 13ක ජය තහවුරු කර ගැනීමට හැකි වූ සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ඊට සහභාගී නොවීමයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්, විපක්ෂය නියෝජනය එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු පක්ෂවල මහ ලේකම්වරුන් ඊට සහභාගී වූහ.

නමුත් සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යන විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි , පක්ෂ මහ ලේකම්වරුන්ගේ මෙම සාකච්ඡාවට සහභාගි වී තිබුණේ නැහැ. 

පසුගිය පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු  පක්ෂයක් බහුතර සභික සංඛ්‍යාව 50% ඉක්මවු හෝ 50% ප්‍රතිශතයක් ලබාගැනීමට අපොහොසත් වුණා.

ඒ හේතුවෙන් පළාත් පාලන ආයතනයන් හි බලය පිහිටුවීම සඳහා දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම වෙනුවෙන් පසුගියදා මෙම සාකච්ඡා ආරම්භ කෙරුණා.

එමෙන්ම පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමග හෙට (17) දිනයේ සාකච්ඡා කිරීමට විපක්ෂයේ පක්ෂ ලේකම්වරු එකඟ වී තිබෙනවා.

මගමරු ට්‍රැවල්ස් දුර ගමන් සේවා 11කට වැඩ වරදී.!

මගමරු ට්‍රැවල්ස් දුර ගමන් සේවා 11කට වැඩ වරදී.!

දුරගමන් සේවා සඳහා යොදවා ඇති ලංගම සහ පෞද්ගලික බස් පරීක්ෂා කිරීමේ මෙහෙයුමේ දිගුවක් ලෙස හැටන් සිට දුරගමන් සේවා සඳහා යොදවා ඇති බස් ගිනිගත්හේන පොලීසිය මගින් අද (15) හදිසි පරීක්ෂාවට ලක් කෙරුණි.

හැටන් මහනුවර ප්‍රධාන මාර්ගයේ ගිනිගත්හේන අඹගමුව ප්‍රදේශයේදි දුර ගමන් සේවා බස් රථ පරීක්ෂාව ලක් කළ අතර මෙහිදී මගීන්ට අනතුරුදායක ලෙස අඩුපාඩුකම් සහිතව ධාවනයේ යෙදුණු බස් රථ 11කට එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කර තිබේ.

ඒ අතර ලංගම බස් රථ 5ක්, පෞද්ගලික බස් රථ 6ක් ඇතුලත් බව පොලීසිය පවසයි.

එමෙන්ම තවත් බස් රථ කිහිපයක රියදුරන්ට එම අඩුපාඩුකම් නිවැරදි කරගැනීමට උපදෙස් ලබාදී ඇත.

මෙම බස් රථ පරික්ෂාවේදී බස් රථවල ගමන් ගන්නා මගීන්ද දැනුවත් කරමින් පොලීසිය පැවසුවේ බස් රථයේ රියදුරන් විසින් සිදුකරන මාර්ගනීති උල්ලංගණය කිරීම් සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කරන ලෙසය.

වාහන ගන්න අයට සීසර් සංගමෙන් අවවාදයක්.!

වාහන ගන්න අයට සීසර් සංගමෙන් අවවාදයක්.!

සමස්ථ ලංකා දේපොල අත්පත් කරගගැනීමේ වෘතිකයන්ගේ සංගමය මාධ්‍ය හමුවක් කැඳවමින් පවසන්නේ වාහනයක් මිලදී ගැනීමේදී තමන්ට ගෙවිය හැකි වාරිකය තීරණය කර මූල්‍ය ආයතන හරහා ණය ලබාගන්නා ලෙසයි.

යම් හෙයකින් වාරික හෙවාගැනීමට නොහැකි අවස්ථාවකදී ඒ වෙනුවෙන් මැදිහත්වී සහන සළසන බවට පවසන පිරිස් වෙත නොරැවටී අදාළ මූල්‍ය සමාගමින් හෝ තම සංගමය අමතා අවශ්‍ය උපදෙස් ලබාගන්න ලෙස එම සංගමයේ ලේකම් ප්‍රියන්ත ලියනගේ මහතා පවසයි.

පොලිස් නිළධාරියෙක් රාජකාරි ගිනි අවිය විකුනා ඩුබායි පනී.?

පොලිස් නිළධාරියෙක් රාජකාරි ගිනි අවිය විකුනා ඩුබායි පනී.?

ගල්කිස්ස පොලිස් ස්ථානයේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකු රජයේ ගිනි අවියක් රැගෙන රටින් පලා ගොස් ඇති බව වාර්තාවේ.

අදාළ පොලිස් නිලධාරියා සිය රාජකාරි ටී-56 ගිනි අවිය හා උණ්ඩ වලට කුමක් කළේදැයි නොදන්වා ඩුබායි රාජ්‍යයට පලාගොස් ඇත.

ඔහු සතු ගිනිඅවිය මෙතෙක් සොයා ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙම කොස්තාපල්වරයා පෙබරවාරි 08 වන දින සවස  5.30ට පමණ ගල්කිස්ස පොලිස් ස්ථානයට පැමිණ රාජකාරී සඳහා ටී-56 ගිනි අවියක් සහ උණ්ඩ 30ක් ලබාගෙන පිටත්ව ගොස් ඇතත් ඔහු නියමිත මාර්ගබාධක රාජකාරියට වාර්තා කර නොමැත.

පසුව අනාවරණය වී ඇත්තේ එම කොස්තාපල්වරයා එදිනම රාත්‍රී 10.15ට පමණ ඩුබායි රාජ්‍යය බලා ගුවන්ගත වී ඇති බවයි.

මෙම පලාගිය නිලධාරියා නැවත මෙරටට ගෙන්වා ගැනීම සඳහා අන්තර්ජාතික පොලීසියේ (ඉන්ටපෝල්) සහය ලාගැනීමට නියමිත අතර, නීති විරෝධී ලෙස රැගෙන ගිය ගිනි අවිය සහ උණ්ඩ සොයා ගැනීම සඳහා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.

නියෝජ්‍ය විදුහල්පති ගෙදර ගෙනගොස් බිරිඳ ලවා වද දීලා.!

නියෝජ්‍ය විදුහල්පති ගෙදර ගෙනගොස් බිරිඳ ලවා වද දීලා.!

බියගම සියඹලාපේ ප්‍රදේශයේදී රජයේ පාසලක නියෝජ්‍ය විදුහල්පතිවරයෙක් පැහැරගෙන ගොස් එම ප්‍රදේශයේම් නිවසක සිර කර හිංසා කළ අඹු සැමි යුවළක් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු අවුරුදු 37ක් වන ගුරුවරයෙක් වන අතර සැකකාරිය අවුරුදු 32ක් වන එම ගුරුවරයාගේ බිරිඳ වෙයි.

පහරකෑමට ලක්ව ඇත්තේ ගුරුවරයා සේවය කරන විදුහලෙ නියෝජ්‍ය විදුහල්පතිවරයෙකි.

පැරණි අමනාපයක් මත මෙම නියෝජ්‍ය විදුහල්පතිවරයා පැහරගෙන ගොස් මෙලෙස සිය බිරිඳ ලවා වද හිංසා කර ඇති බව පැවසේ.

පියා බල්ලන්ට ඇටවූ මරුවැලේ පුතා පැටලී මරුට.!

පියා බල්ලන්ට ඇටවූ මරුවැලේ පුතා පැටලී මරුට.!

සෙවනගල, නෙලුම්වැව ප්‍රදේශයේදී නිවසක ඇද තිබූ නීතිවිරෝධී විදුලි රැහැනක ගැටී 31 හැවැරිදි පුද්ගලයෙකු පුද්ගලයෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

මියගිය පුද්ගලයාගේ නිවස අසළ පදිංචිව සිටින රෝගි මවට දිවා ආහාරය ලබාදීම සඳහා ගිය අවස්ථාවේදී මෙම විදුලි රැහැනේ ගැටී ඇති බව පැවසේ.

මෙම විදුලි රැහැන ඇද ඇත්තේ මරණකරුගේ පියා විසින් නිවසට සුනඛයන් පැමිණිම වැළැක්වීම සඳහා බව පොලිසිය පවසයි.

චාමර සමන්ත ප්‍රසිද්ධ විවාදයක්.!

චාමර සමන්ත ප්‍රසිද්ධ විවාදයක්.!

අද පාර්ලිමේන්තුවේදී බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීන් වන චාමර සම්පත් දසනායක සහ සමන්ත විද්‍යාරත්න යන මන්ත්‍රීවරුන් අතර උණුසුම් විවාදයක් හටගත්තේය.

එහිදී චාමර සම්පත් දසනායක මහතා පැවසූවේ තමන්ට එරෙහිව නඩු ඇත්නම් ඒවා කඩිනමින් පවරන ලෙසයි.

තමන් නඩුවලට බිය නොමැති බවත්, නඩු පරණවීමට ඉඩ නොදී ඇප දීමට නොහැකි වන ලෙස නඩුව පවරන ලෙසත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ගුරුවරයෙක් දණ ගැස්ස වූ බවට තමන්ට චෝදනා කළ ද, තමන් අධිකරණයෙන් නිදහස් වී ඇති බවත්, ඒවා පරණ කතා වන බවත්, අලුත් කතාව වන්නේ සමන්ත කජු කෑ ආකාරය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

එහිදී ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඊට පිළිතුරු සපයිමින් කියාසිටියේ අදාළ මන්ත්‍රීවරයා විසින් සිදුකර ඇති වංචා දූෂණ රැසක් සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත් ඊට අදාළ කටයුතු ඉදිරියේදී සිදුවනු ඇති බවත් ය.

එමෙන්ම බදුල්ල මහ ඇමතිව කටයුතු කළ සමයේ ගුරුවරියක් දණ ගැස්වීම සම්බන්ධයෙන්ද සඳහන් කළ විද්‍යාරත්න මහතා ඊට අදාළ වින්දිත ගුරුවරිය විසින් ලබාදී ඇති ශාක්ෂියද ඉදිරිපත් කළේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ කාල වේලාව නාස්ති නොකර වෙනම විවාදයක් සඳහා ‍චාමර සම්පත් මහතා යෝජනා කළ අතර සමන්ත විද්‍යාරත්න මහතා එය ස්ථිර කළේය.