Why is this happening (Sinhala)

චාමර සමන්ත ප්‍රසිද්ධ විවාදයක්.!

චාමර සමන්ත ප්‍රසිද්ධ විවාදයක්.!

අද පාර්ලිමේන්තුවේදී බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීන් වන චාමර සම්පත් දසනායක සහ සමන්ත විද්‍යාරත්න යන මන්ත්‍රීවරුන් අතර උණුසුම් විවාදයක් හටගත්තේය.

එහිදී චාමර සම්පත් දසනායක මහතා පැවසූවේ තමන්ට එරෙහිව නඩු ඇත්නම් ඒවා කඩිනමින් පවරන ලෙසයි.

තමන් නඩුවලට බිය නොමැති බවත්, නඩු පරණවීමට ඉඩ නොදී ඇප දීමට නොහැකි වන ලෙස නඩුව පවරන ලෙසත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ගුරුවරයෙක් දණ ගැස්ස වූ බවට තමන්ට චෝදනා කළ ද, තමන් අධිකරණයෙන් නිදහස් වී ඇති බවත්, ඒවා පරණ කතා වන බවත්, අලුත් කතාව වන්නේ සමන්ත කජු කෑ ආකාරය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

එහිදී ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඊට පිළිතුරු සපයිමින් කියාසිටියේ අදාළ මන්ත්‍රීවරයා විසින් සිදුකර ඇති වංචා දූෂණ රැසක් සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත් ඊට අදාළ කටයුතු ඉදිරියේදී සිදුවනු ඇති බවත් ය.

එමෙන්ම බදුල්ල මහ ඇමතිව කටයුතු කළ සමයේ ගුරුවරියක් දණ ගැස්වීම සම්බන්ධයෙන්ද සඳහන් කළ විද්‍යාරත්න මහතා ඊට අදාළ වින්දිත ගුරුවරිය විසින් ලබාදී ඇති ශාක්ෂියද ඉදිරිපත් කළේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ කාල වේලාව නාස්ති නොකර වෙනම විවාදයක් සඳහා ‍චාමර සම්පත් මහතා යෝජනා කළ අතර සමන්ත විද්‍යාරත්න මහතා එය ස්ථිර කළේය.

හසීනාගේ සුවිසල් රජ මැදුර පොළොවට සමතලා කරයි.!

හසීනාගේ සුවිසල් රජ මැදුර පොළොවට සමතලා කරයි.!

බංග්ලාදේශයේ ආරම්භ වූ අරගලයෙන් පසුව බලයෙන් පහකළ හිටපු අගමැතිනි ෂීක් හසීනාගේ පවුලේ නිවස විරෝධතාකරුවන් විසින් ගිනි තබා විනාශකර ඇත.

දැනට රටින් පැන ගොස් සිටින හසීනා ඉන්දියාවේ සිට සමාජ මාධ්‍ය හරහා ජාතිය අමතනු ඇතැයි යන පුවතත් සමඟ මෙම නොසන්සුන්තාව ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය බදාදා සවස, හසීනාගේ නැසීගිය පියා වන බංග්ලාදේශයේ ආරම්භක ජනාධිපති ෂෙයික් මුජිබර් රහ්මාන්ගේ නිවස ඩෝසර් යන්ත්‍රයක් යොදාගනිමින් කඩා බිඳ දැමීය.

එම විනාශ කළ නිවසද මීට පෙර කෞතුකාගාරයක් ලෙස භාවිත කිරීමට සැලසුම් කර තිබුණි.

හසීනාගේ පියා නිදහස් වීරයෙකු ලෙස පුළුල් ලෙස සලකනු ලැබේ, නමුත් ඔහුගේ දියණිය හසීනා කෙරෙහි ඇති කෝපය හේතුවෙන් මෙලෙස විරෝධතා මතුව ඇත.

වසර 20 ක් බංග්ලාදේශය භාරව සිටි 77 හැවිරිදි හසීනා, ඒකාධිපතියෙකු ලෙස සැලකේ.

ෆේස්බුක් සජීවී විකාශයක දී හසීනා තම පියාගේ නිවසට එල්ල වූ ප්‍රහාරය හෙළා දකිමින් “යුක්තිය” ඉල්ලා සිටියාය. “ඔවුන්ට ගොඩනැගිල්ලක් කඩා දැමිය හැකිය, නමුත් ඔවුන්ට ඉතිහාසය මකා දැමිය නොහැක,” ඇය එහිදී පැවසුවාය.

පසුගිය අගෝස්තු මාසයේදී හසීනා ඉන්දියාවට පලා ගිය අතර පසුගිය වසරේ විරෝධතා මර්දනය කිරීමට හසීනාගේ රජය උත්සාහ කිරීමේදී පුද්ගලයින් 200 කට වැඩි පිරිසක් මිය ගියහ.

කථානායකට එරෙහි සජිත්ගේ අශිෂ්ඨ වචනය ප්‍රසිද්ධියේ ඉල්ලා අස්කරගනී.!

කථානායකට එරෙහි සජිත්ගේ අශිෂ්ඨ වචනය ප්‍රසිද්ධියේ ඉල්ලා අස්කරගනී.!

අද පාර්ලිමේන්තු සභාවාරය අතරතුර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා අමතමින් දී කී අශිෂ්ඨ වචනයක් පිළිබඳ ආණ්ඩු පක්ෂයෙන් එල්ල වූ විරෝධය හමුවේ ඉල්ලා අස්කර ගත්තේය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 27/2 යටතේ ප්‍රශ්නය ඉදිරිපත් කිරීමට පෙර අතුරු කාරණයක් මතු කරමින් ලසන්ත වික්‍රමතුංග ඝාතනය පරීක්ෂණ ගැන රජය ගන්නා පියවර කුමක්දැයි විමසීමක් කළ අතර ඒ අවස්ථාවේ නියෝජ්‍ය කතානායකවරයා විපක්ෂ නායක අමතමින් යමක් ප්‍රකාශ කිරීමට ගත් උත්සාහයේදී සජිත් ප්‍රේමදාස මහතා ‘පොඩ්ඩක් පනින්නේ නැතුව ඉන්නැයි” පැවසීය.

පසුව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා නැඟී සිට එම ප්‍රකාශය නුසුදුසු බවත් ඉල්ලා අස්කර ගත යුතු බවත් දැඩිව ප්‍රකාශ කළේය.

අනතුරුව නැගී සිටි විපක්ෂ නායකවරයා තමාට මහන්තත්ත කමක් නැති බවත් නුසුදුසු වචනයක් ප්‍රකාශ වී නම් එය ඉල්ලා අස්කර ගන්නා බවත් පැවසීය.

රාගම කතක් ගෙල කපා ගිනි තබා මරලා.!

රාගම කතක් ගෙල කපා ගිනි තබා මරලා.!

ඊයේ (05) සවස වයස 76 ක් වූ රාගම – තලගොල්ල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් සිය නිවසේදී ගෙල කපා ගිනි තබා ඝාතනය කර තිබේ.

මියගිය කත ස්වාමි පුරුෂයා සමග නිවසේ පදිංචිව සිටින අතර ස්වාමි පුරුෂයා සිද්ධිය වන අවස්ථාවේදී රැකියාව සඳහා නිවසින් පිටව ගොස් සිට ඇති බව පොලිස් පරික්ෂණ වලදී  අනාවරණය වී ඇත.

ස්වාමි පුරුෂයා නිවසට පැමිණ බිරිඳ පිළිබඳව සොයා බැලීමේදී ඇය මෙලෙස ඝාතනය කර ඇති බව දැක ඇති බව පොලීසිය පවසයි.

මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අපරාධයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා රාගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

නවක මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම ගැන නලින්ද පහදයි.!

නවක මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම ගැන නලින්ද පහදයි.!

අද (5) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුවන් සදහා රජයෙන් වාහන ලබාදීමට බලාපොරොත්තු නොවන බවයි.

මන්ත්‍රීවරුන්ට වාහන ලබාදීම රජයේ ප්‍රමුඛ කටයුත්තක් නොවන බවත් ඒ වෙනුවෙන් වාහන ආනයනය නොකරන බවත් මාත්‍යවරයා පැවසීය.

දැනට රජයේ ස්ථාවරය අනුව ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අවශ්‍ය වාහන පහසුකම් ඔවුන් විසින් සලසා ගත යුතු බව අමාත්‍යවරයා පැවසීය.

රජය විසින් වාහන සංචිතයක් පවත්වාගෙන යමින් ඒ හරහා මන්ත්‍රීවරුන්ට ලබා දෙන වාහන වසර පහකට පසුව නැවත රජයට භාරදිය යුතු බවට තීරණය කර ඇතත් එවැනි වාහන සංචිතයක් පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් වාහන මේ වනවිට රජය සතුව නොමැති බවත් ඔහු කියා සිටියේය.

එනිසා දැනට මන්ත්‍රීවරුන් සඳහා වාහන ලබාදීමට තීරණයක් ගෙන නොමැති බව ාමාත්‍යවරයා අවධාරණය කළේය.

ලසන්ත ඝාතනයේ යුක්තිය පිළිබඳ අපේක්ෂා බිඳ වැටෙයි.?

ලසන්ත ඝාතනයේ යුක්තිය පිළිබඳ අපේක්ෂා බිඳ වැටෙයි.?

2009 ජනවාරි 8 මහමග කුරිරු ලෙස ඝාතනය කර දැමූ මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම්කර සිටින තිදෙනකු සම්බන්ධයෙන් තවදුරටත් නීති මඟින් කටයුතු කරන්නට අදහස් නොකරන බවත් එනිසා ඔවුන් නිදහස්කර යැවිය හැකි බවටත් ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා වෙත දන්වන්නැයි නීතිපතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වා යැවූ බව කියනා ලිපියක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.

එහි සත්‍යතාව තහවුරු කරමින් මාධ්‍යවේදීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් බොහෝ දෙනෙකු සමාජ මාධ්‍ය තුළ එම ලිපිය සම්බන්ධයෙන් අදහස් පළකර තිබුනි.

පසුගිය 27 වැනිදා නීතිපතිවරයා විසින් යොමු කර ඇති ලිපියකින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරටත් දන්වා ඇත්තේ මේ බව මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තා කිරීමෙන් පසුව ඒ සම්බන්ධයෙන් අධිකරණය ගත් ක්‍රියාමාර්ග දින 14ක් ඇතුළත තමන් වෙත දැනුම්දෙන ලෙසයි.

මෙසේ නිදහස්කර හැරීමට නිර්දේශ කරන සැකකරුවන් වන්නේ යුදහමුදා මාණ්ඩලික සැරයන් ප්‍රේම් ආනන්ද උදලාගම, උප පොලිස් පරීක්ෂක තිස්සසිරි සුගතපා, නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර යන අයයි.

පසුගිය කාලයන්හි සිදුකරන ලද රාජ්‍ය අපරාධ කිසිදා හෙළිදරව් නොවනු ඇති බවට වන සැකය ත්‍රීවෘ වන බව බොහෝ පිරිස් එම ලිපිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් රජය පාර්ශවයෙන් මෙතෙක් සිදුකර නොමැත.

ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනය සිදුවෙයි.!

ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ ඝාතනය සිදුවෙයි.!

ස්වීඩනයේ ස්ටොක්හෝම් අගනුවරට බටහිරින් පිහිටි ඔරෙබ්‍රෝ රිස්බර්ග්ස්කාහි උසස් අධ්‍යාපන ආයතනයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 11 දෙනෙකු මියගොස් තිබේ.

විදෙ මාධ්‍ය පවසන්නේ වෙඩි වැඳීමෙන් තුවාල ලැබූ බොහෝ පිරිසක් රෝහල් ගත කර ඇති අතර මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවයි.

ස්වීඩන් ඉතිහාසයේ දරුණුතම සමූහ වෙඩි තැබීම මෙය ලෙස හැඳින් වියහැකි බව එරට අග්‍රාමාත්‍ය උල්ෆ් ක්‍රිස්ටර්සන් පවසයි.

ඝාතකයා විසින් මෙම වෙඩි තැබීම සඳහා කුමන වර්ගයේ ගිනිඅවියක් භාවිත කළේද යන්න සහ වෙඩි තැබීම සිදුකළ ආකාර සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නොමැති අතර මියගිය පිරිස අතර වෙඩික්කරුද සිටින බව සඳහන්.

ජනේලයෙන් ගෙට රිංගූ මාරය දුව ඉදිරියේ අම්මා මරලා.!

ජනේලයෙන් ගෙට රිංගූ මාරය දුව ඉදිරියේ අම්මා මරලා.!

නාවලපිටිය සෙම්රොක් ප්‍රදේශයේ පදිංචිව සිටි ගයානි දිල්රුක්ෂි කුමාරි (46) හැවිරිදි තිදරු මවක් අද (04) දින අලුයම ඝාතනයට ලක් වි ඇති බව පොලීසිය පවසයි.

එම කාන්තාව ඝාතනය කර ඇත්තේ සැමියා විසින් වන අතර දියණියගේ නිවසේ නිදාගෙන සිටියදී මෙලෙස පිහියකින් කපා ඝාතනය කර සැමියා නාවලපිටිය පොලිසියට භාර වී ඇත.

එම කාන්තාව සිය සැමියාගේ නිරන්තරයෙන් ආරවුල් හේතුවෙන් දියණියගේ නිවසේ නැවති සිටි බව පැවසේ

ජිවිතක්ෂයට පත් කාන්තවගේ දියණිය විසින් පොලිසියට ලබාදුන් ප්‍රකාශයේ සඳහන්ව ඇත්තේ අද (04) දින අලුයම 1.30 ට පමණ පිහියක් සහිතව නිවසේ පහල මහලේ ජනේලය මතින් හොර රහසේ නිවසට ඇතුල් වු පියා නිවසේ කාමරයේ නිදාගෙන සිටි මවට පිහියෙන් ඇණිමත් සමග මව බේරිම සදහා නිවසෙන් පිටතට දිවගිය බවත්, මව පිටුපසින් හබා ගිය පියා නිවසෙන් පිටතදි යලිත් මවට පිහියෙන් ඇණ ගලකින් හිසට ගසා මව ඝාතනය කල බවයි.

මව බේරිමට ගිය දියණියට තුවාල සිදු වි ඇති බවත්, මෙම ඝාතනය පවුල් ආරවුලක් මත සිදු ඝාතනයක් බවත්, ජිවිතක්ෂයට පත් කාන්තාව සහ සැකකාරු සැමියා කාලයක් තිස්සේ වෙන් වි ජිවිත් වි ඇති බව සිදු කරන ලද මුලික විමර්ෂණ වලදි අනාවරණය වු බව ස්ථානාධිපතිවරයා කියා සිටියේය.

සැකකරු යුධ හමුදාවේ සේවය කර පසුව වෛද්‍ය වාර්තා අනුව සේවයෙන් ඉවත් වු පුද්ගලයෙකු බවද පොලිසිය පැවසිය.

නාවලපිටිය මහෙස්ත්‍රාත්වරයාගේ ස්ථාන පරික්ෂාවෙන් පසු සිරුර පශ්චාත් මරණ පරික්ෂණ සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන බවද ස්ථානාධිපතිවරයා පැවසිය.

හිතපු තරම් නරක නෑ.. අනුර හොඳයි වගේ.!

හිතපු තරම් නරක නෑ.. අනුර හොඳයි වගේ.!

පසුගිය ජනාධිපතිවරණ සහ මහමැතිවරණ කාල සීමාවේදී ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තීන් සහ මතවාදයන් සම්බන්ධයෙන් ඉතා දැඩි විවේචනාත්මක ප්‍රකාශයන් සහ අපහාසයන් සිදුකළ හිමි නමක් වූ පූජ්‍ය පිටිදූවේ සමන්තභද්‍ර හිමියෝ මේ වන විට රජය ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පල කර තිබේ. 

මීට පෙර ජනාධිපතිවරුන් වූ මහින්ද රාජපක්ෂ සහ ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් සමග සමන්තභද්‍ර හිමි සමීප ඇසුරක් පැවැත්වූහ.

ඉරාජ් වීරරත්න සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් උන්වහන්සේ පවසා සිටියේ, මාලිමාව බලයට පත් වුවහොත් රට අගාධයට යනු ඇතැයි තමන් මුලදී සිතුවත් එවැන්නක් සිද්ධ නොවන බව දැන් තහවුරු වී ඇති බවයි. 

අදාල සංවාදය අතරතුර, “කාට නැතත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට රට ගොඩ නැගීමේ දැඩි උනන්දුවක් පවතින බව දැනගන්නට ඇතැයි” ඉරාජ් වීරරත්න පැවසූ විට, “ඊට ගරුකළ යුතු යි;” යැයි සමන්ත භද්‍ර හිමියෝ උන්වහන්සේගේ අදහසද ඊට එක් කළහ. 

ආරක්ෂක ඇමතිගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට සැරසෙයි.!

ආරක්ෂක ඇමතිගේ මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට සැරසෙයි.!

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා විසින් මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

වග උත්තරකර ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් මස 18 වනදා පත්කරන ලද බවත් පසුව අමාත්‍යවරයා ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියා වශයෙන්ද පත් කර තිබෙන බවත් පෙත්සම්කරු අදාළ පෙත්සම මගින් දක්වා ඇත.

පෙත්සමේ වගඋත්තරකරු ලෙස අමාත්‍ය ආනන්ද විජේපාල,  පාර්ලිමේන්තු මහලේකම් සහ නීතිපතිවරයා නම් කර තිබේ. 

පෙත්සම්කරු පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 91 වන ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය සේවයේ නිරත අයෙකු පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට හා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් නොලබන බව දක්වා ඇති බවයි.

ජනාධිපතිවරයාගේ කාර්යය මණ්ඩල ප්‍රධානියා යනු රාජ්‍ය තනතුරක් යැයි පෙන්වා දෙන පෙත්සන්කරු ඒ අනුව එවැනි තනතුරක් දරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දැරීමට අමාත්‍ය ආනන්ද විජේපාල මහතාට සුදුසුකමක් නොමැති බවත් අදාළ පෙත්සසම මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ආනන්ද විජේපාල අමාත්‍යවරයාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුකොට ඔහුගේ මන්ත්‍රී ධූරය බල රහිත කිරීමේ තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරනතුරු ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් අසුන් ගැනීම හා පාර්ලිමේන්තුවේ ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සමෙන් ඉල්ලා තිබේ. 

එසේම ආනන්ද විජේපාල මහතා මහජන ආරක්ෂක අමාත්‍ය  ධුරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සමෙන් වැඩිදුරටත් ඉල්ලා තිබේ.