Why is this happening (Sinhala)

හිස මත තැබූ ගිනිඅවිය අක්‍රිය වීමෙන් ජීවිතයක් රැකෙයි.!

හිස මත තැබූ ගිනිඅවිය අක්‍රිය වීමෙන් ජීවිතයක් රැකෙයි.!

කොස්ගොඩ මහඉඳුරුව ප්‍රදේශයේ නිව්සකට කඩාවැදුනු අපරාධකරුවන් විසින් සිදු කිරීමට ගිය ඝාතනයක් ගිනිඅවිය අක්‍රියවීමෙන් වැළකී තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසක් ඉදිරිපිට දී හා නිවස තුළට පැමිණ නිවසේ සිටි පුද්ගලයෙකුට වෙඩිතැබීමට කිහිප වතාවක් උත්සාහ කර ඇතත් ගිනිඅවිය ක්‍රියත්මක වී නොමැති බව වාර්තා වේ.

ඒ සම්බන්ධයෙන් 119 ට ලද පණිවුඩයක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර සිද්ධියේදී ජීවිත හෝ දේපොළ හානි කිසිවක් වාර්තා වී නොමැති බව පොලීසිය සඳහන් කරයි.

නිවස ආසන්නයේ තිබී අපරාධය සඳහා යොදාගත් ගිනිඅවිය බවට සැක කෙරෙන පිස්තෝල වර්ගයේ ගිනිඅවියක් හමුවී ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කොස්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

ශවේන්ද්‍රගේ තනතුර සදහටම විශ්‍රාම යවයි.. කාර්ය මණ්ඩලයත් විසිරුවා හරියි.!

ශවේන්ද්‍රගේ තනතුර සදහටම විශ්‍රාම යවයි.. කාර්ය මණ්ඩලයත් විසිරුවා හරියි.!

හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එම තනතුර අහෝසි කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ඉදිරියට එම තනතුරට නැවත කිසිවකු පත් නොකරන සිටීමට රජය තීරණය කර ඇත.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කාර්යාලය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පිහිටුවා තිබූ අතර එම කාර්ය මණ්ඩලය ද ඔවුනගේ මව් ඒකක වෙත නැවත හරවා යැවීමට තීරණය කර තිබේ.

ජාවාරම්කරුවෙකු බේරන්න රනිල් පොල්ස්පතිට යැවූ කියන ලිපියක් අධිකරණයට යොමු වෙයි.!

ජාවාරම්කරුවෙකු බේරන්න රනිල් පොල්ස්පතිට යැවූ කියන ලිපියක් අධිකරණයට යොමු වෙයි.!

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අත්සනින් යුත් ලිපි ශීර්ෂයක් යොදාගෙන ආරක්ෂක අංශ වෙත නිකුත් කළ විශේෂ නියෝග ලිපියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.

දකුණු පළාතේ ජාවාරම්කරුවෙකුට එම ජාවාරම සිදු කිරීමට අවසර දෙන ලෙස කරුණු ඇතුළත් කරමින් හිටපු පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතාට යොමු කරන ලද ලිපියක් සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කළ බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

මෙම ලිපිය මාතර තැපැල් කාර්යාලයෙන් යොමු කර ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයට ආරක්ෂක ලේකම් වරයාට සහ හිටපු පොලිස්පතිවරයාට යොමු කර ඇති බවත් පොලීසිය වැඩිදුර වාර්තාවක් යොමු කරමින් අධිකරණයට දන්වා සිටියේය.

හිටපු පොලිස්පතිවරයාද මේ සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස උපදෙස් දී ඇති බවත් මෙම ලිපිය ව්‍යාජ ලිපියක් ද යන්න සම්බන්ධයෙන් විමර්ශන කරන බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.

කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවිය පොලීසියට නියෝග කර සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කර අධිකරණයට වාර්තාවක් යොමු කරන ලෙසයි.

ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළ කරයි.!

ඉන්දීය රජයෙන් ශ්‍රී ලංකාවට අප්‍රසාදය පළ කරයි.!

ඩෙල්ෆ් දූපත ආසන්නයේදී ඉන්දීය ධීවරයින් 11 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී නාවික හමුදා සෙබලෙකු අතින් සිය ගිනිඅවිය ක්‍රියාත්මක වී ඉන්දීය ධීවරයින් තුවාළ ලැබීමේ සිද්ධියක් අද (28) පෙරවරුවේ වාර්තා විය.

තුවාල ලැබූවන් මේ වනවිට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටියි.

මේ සම්බන්ධයෙන් නවදිල්ලි ශ්‍රී ලංකා වැඩ බලන මහකොමසාරිස්වරයා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයට කැඳවා සිද්ධිය සම්බන්ධයෙන් ඉන්දීය රජය විරෝධය පළ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ජීවනෝපාය ගැටලු සැලකිල්ලට ගනිමින් ධීවරයින් පිළිබඳ ගැටළු මානුෂීය ආකාරයෙන් සලකා බැලීමේ අවශ්‍යතාව ඉන්දීය රජය එහිදී අවධාරණය කර ඇති බව සඳහන්.

එමෙන්ම ඉන්දීය විදේශ කටයුතු අමාතශංශය පවසන්නේ බලය භාවිත කිරීම කිසිදු අවස්ථාවක් යටතේ පිළිගත නොහැකි අතර මේ සම්බන්ධව ආණ්ඩු දෙක අතර පවතින අවබෝධතා දැඩි ලෙස නිරීක්ෂණය කළ යුතු බවයි..

පිරිමි පරයා හෙළ කතුන්ගේ නිකොටින් ‘සික්’ ඉහල නගී.!

පිරිමි පරයා හෙළ කතුන්ගේ නිකොටින් ‘සික්’ ඉහල නගී.!

විශේෂඥ වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා විශේෂ අනාවරණයක් කරමින් පවසන්නේ ශ්‍රී ලංකාවේ පිරිමින්ට වඩා කාන්තාවන් දුම්බීමේ ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බවයි.

වෛද්‍යවරයා පවසන්නේ ඒ අනුව, කාන්තාවන් පෙණහලු පිළිකා පළමු තත්ත්වයේ සිට පස්වන පිළිකා තත්ත්වයට පත්වීමේ අවදානමට ගොදුරුව ඇති බවයි.

මීට වසර දහයකට-පහළොවට පෙර ලංකාවේ දුම්පානය කළ ප්‍රමාණය හා ඒ පුද්ගලයන්ගේ සමීක්ෂණ වාර්තා දෙස බැලූ විට එය අඩු වෙමින් පවතින නමුත් අවාසනාවන්ත ලෙස කාන්තාවන් දුම් පානය කිරීමේ ප්‍රතිශතය ඉහළ යමින් ඇති බව සමන් ඉද්දගොඩ මහතා පවසයි.

මෙම හේතුවෙන් තරුණ කාන්තාවන් පෙණහලු පිළිකා අවදානමට පත්වීමේ සම්භාවිතාවයෙන් වැඩි වී ඇති බව විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙයි.

පොදුවේ ගත් කල ලංකාවේ පෙණහලු පිළිකා සුලබ තත්ත්වයක් වන අතර පිරිමි පුද්ගලයන්ගෙන් දෙවෙනියට පොදුවේ බහුල වී ඇත්තේ, පෙණහලු පිළිකාවයි.

නමුත් කාන්තා පාර්ශ්වය මේ වන විට පෙණහලු පිළිකා අතරින් පළමු තැන සිට පස් වැනි තැනට පත්ව ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

බලු පැටවෙකුට දස වද දී මරා ඡායාරූප මුහුණු පොතේ දැමූ කත අල්ලයි.!

බලු පැටවෙකුට දස වද දී මරා ඡායාරූප මුහුණු පොතේ දැමූ කත අල්ලයි.!

සුනඛයෙකු ගෙල සිරකර අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියකට අදාළව කාන්තාවක් මාන්කුලම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සුරතල් බලු පැටවාගේ ගෙල කඹයකින් සිරකර අමානුෂික ලෙස ඝාතනය කර එහි ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ පළ කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් පාර්ශව රැසක් දැඩි අප්‍රසාදය පළ කර තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ මාන්කුලම් පොලීසිය විසින් සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර සත්ත්ව හිංසා වැළැක්වීමේ පනත යටතේ ඇය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.

මුලතිවු ඔට්ටුසුඩාන් සමථ මණ්ඩලයක් විසින් ලබාදුන් අමානුෂික තීන්දුවක් මත මෙම සුනඛයා ඝාතනය කර ඇති බව සමාජ මාධ්‍ය තුළ සඳහන්ව තිබුනි.

එක වී ඇටයක් දෙන් නෑ.. එස්.කේ.මහින්ද රජයට කොකා පෙන්වයි.!

එක වී ඇටයක් දෙන් නෑ.. එස්.කේ.මහින්ද රජයට කොකා පෙන්වයි.!

ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම මහතා පවසන්නේ ආණ්ඩුව වී සඳහා මෙතෙක් සහතික මිලක් ප්‍රකාශයට පත් කර නැති බවත්, පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කුඹුරටම පැමිණ අමු වී කිලෝව රුපියල් 150-170 අතර මුදලකට ගනිමින් සිටින බවයි.

එබැවින් පුද්ගලික අංශයට වී දෙනවා මිස තුට්ටු දෙකට මිලදී ගැනීමට බලා සිටිනා රජයට ලබා නොදෙන බවත් ඔහු පවසයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති එස්.කේ.මහින්ද සමරවික්‍රම මහතා,

“මේ වන විට බදගිරිය හා වලව කලාපයේ ඇතැම් කුඹුරුවල අස්වනු නෙළමින් තිබෙනවා පුද්ගලික අංශයේ ව්‍යාපාරිකයන් කුඹුරටම ඇවිත් වැඩි මිලට වී මිලදී ගන්නවා.

ගොවියා බලන්නේ තමන්ගේ අස්වැන්න වැඩි මිලකට අලෙවි කර ගන්නයි. මේ දිනවල අස්වනු නෙළන කුඹුරුවල වී පුද්ගලික අංශයෙන් වී කිලෝව රු.170 අරන් වේලලා හාල් කිලෝව රුපියල් 290-300 අතර මුදලකට විකුණනවා ආණ්ඩුවට මේක නවත්තගන්න බැරි එකේ කොහොමද වී වලට සහතික මිලක් දෙන්නේ. මේ අය විපක්ෂයේ ඉන්න කාලේ කියපු එකක්වත් බලයට ආවම කළේ නෑ.

දැන් රටේ වී අස්වනු නෙළමින් ඉන්නේ. ඉතින් රජය තවම කල් මරමින් ඉන්නවා වී සඳහා සහතික මිලක් ගන්න. මේ වෙන කොට මාධ්‍ය මගින් අපි දැක්කා රජය වී 130 විතර ගන්න හදනවා කියලා අපි වලව ගොවියෝ හැටියට කියනවා ගොවියගේ මේ අස්වැන්න තුට්ටු දෙකට ගන්න නම් රජය හදන්නේ එක වී ඇටයක් අපි රජයට දෙන්නේ නෑ.

ආණ්ඩුවේ ගබඩා වලින් වී ගන්නේ කබලේ දමලා බැද්ද වගේ වේලුවට පස්සේ. ඒ විතරක් නෙමේ ආණ්ඩුවේ ගබඩාවට වී ටික අරගෙන ගිහින් දවස් ගානක් පෝලිමේ ඉදලා ඒකේ සල්ලි ටික ගන්නත් තව දවස් ගානක් එ් අයගේ පස්සේ යන්න ඕනේ.

හැබැයි පුද්ගලික අංශය එහෙම නෑ. ඒ අය කුඹුරටම ඇවිත් තෙත බරෙන්මයි වී මිලදී ගන්නේ. වී කිලෝවක් 150-170 අතර මුදලකට. එතකොට ගොවියට වී වේලන කම්කරු කුලියත් කාලයත් දෙකම ඉතුරුයි.

ලොකු ලාභයකුත් ඇවිත් පුද්ගලික අංශයෙන් අමු වී ටික ගෙනිහින් වේලලා කොටලා වෙළෙඳපොළට දමනවා. ඇයි ආණ්ඩුවට බැරි මේ වේදයේ වැඩ පිළිවෙළක් හදන්න. ගොවියා ණය වෙලා මේ කුඹුරු කරලා තියෙන්නේ.

මේවගේ අස්වනු නෙළන කොට ණය කාරයෝ පස්සෙන් වනවා. ඒවා ගෙවන්න ඕනේ.ඒ නිසා ගොවියට වී රික විකුණන කොට එවෙලේ අතට සල්ලි ලැබෙන්න ඕනේ. ආණ්ඩුව මාධ්‍ය ඉස්සරහ ඉඳගෙන කයිවාරු ගැනුවට එක නිලධාරියෙකුවත් තවම ගොවි බිමකට ඇවිත් මේ ගැන හොයලා බලලා විමසලා නෑ.ගොවියගෙ දුක මේ ආණ්ඩුවටත් අද අමතක වෙලා තියෙනවා.

පසුගිය දින පැවති හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති කෘෂිකර්ම කමිටුවේදීත් මේ වී මිල සම්බන්ධයෙන් සාකච්ජා වුණා.එහිදී හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් වරයා කිව්වේත් ඉදිරියේදී වී සඳහා ස්ථාවර මිලක් නියම කරන්න රජය බලාපොරොත්තුවෙන් ඉන්න බවයි.පුද්ගලික අංශයේ අය වී මිලදීගෙන ඉවර වුණාම රජය වී වලට සහතික මිලක් නියම කරලා වැඩක් නෑ. ආණ්ඩුවෙන් වී ගත්තත් ගන්නේ එක් ගොවියෙකුගෙන් සීමා සහිත වූ කිලෝ ප්‍රමාණයක් විතරයි. ඒකේ සල්ලි ගන්නත් පෝලිමේ ඉන්න ඕනේ.

ගොවියගේ ඉතුරු වෙන වී ටික පුද්ගලික මෝල් හිමියන්ට දෙන්න වෙන්නෙ. එහෙම බැලුවම වී ටික එක සැමම පුද්ගලික අංශයෙන් වන ව්‍යාපාරිකයාටම දෙන එක ගොවියට වාසියි. ආණ්ඩුවෙන් වී ගත්තත් ඒවා කොටලා වෙළෙඳ පොළට වවන්න පුද්ගලික අංශයේ සහාය ගන්න වෙනවා.ඒ නිසා අපි රජයට කියනවා වහාම වී සඳහා සහතික මිලක් නියම නොකර මේ වීදියට කල් මරමින් ඉන්නවා නම් අපි රජයට එක් වී ඇටයක්වත් දෙන්නේ නෑ.”

ආශුට අලියා පයින් ගහලා.!

ආශුට අලියා පයින් ගහලා.!

අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් හිටපු එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ මහතා පවසන්නේ තමා එජාප කෘත්‍යධිකාරී මණ්ඩලයෙන් ඉවත් කොට ඇති බවයි.

ආශු මාරසිංහ මහතා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ උපදේශකවරයෙකු ලෙසද කටයුතු කළේය.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 2025 වසර වෙනුවෙන් ඔහුගේ නම කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඇතුළත් කර නොමැති බව ඔහු පවසයි.

මහ මැතිවරණයට පෙර සිටම එක්සත් ජාතික පක්ෂය සමගි ජන බලවේගය පක්ෂය සමඟ එකට එක්විය යුතු යයි තමන් ඇතුළු පක්ෂයේ පිරිසක් දැඩි ස්ථාවරයක සිටි බවත් රනිල් වික්‍රමසිංහ මහතාට සමීප පක්ෂයේ කිහිපදෙනෙකු එයට දැඩි ලෙස විරුද්ධ වූ බවත් ඔහු මෙම සාකච්ඡාවේදී පවසයි.

ඒ සම්බන්ධයෙන් මත ගැටුමක් පැවතිය නමුත් තමන් කෘත්‍යාධිකාරි මණ්ඩලයෙන් ඉවත් කළේ කුමන හේතුවක් නිසාදැයි මේ දක්වා තමන් දැනුවත් කර නොමැති බවත් ඔහු පවසයි.

පක්ෂ මහ ලේකම් තලතා අතුකෝරාල මහත්මියගෙන් මේ පිළිබඳව විමසූ අවස්ථාවේ ඇයද යම් ගැටළුවක් ඇති බව සඳහන් කළ ද එය කුමක්දැයි තමන්ට හෙළි නොකළ බව මාරසිංහ මහතා මෙම සාකච්ඡාවේදී සඳහන් කරයි.

ජනපති ‘හා’ කිව්වට බැංකු ‘බෑ’ කියයි.!

ජනපති ‘හා’ කිව්වට බැංකු ‘බෑ’ කියයි.!

ලාංකීය එක්සත් ව්‍යාපාර සංසදයේ උප සභාපති ලක්මාල් පෙරේරා මහතා පවසන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට සහන සැලසීම සඳහා මුදල් අමාත්‍යාංශය විසින් බැංකු වෙත යවා ඇති ලිපිවල කිසිදු උපදෙස් මාලාවක් සඳහන් කර නොමැති බැවින් බැංකුවලින් තමුනට සහන ලබාගැනීමට නොහැකි වී ඇති බවයි.

කොවිඩ් වසංගතය සහ පැවති ආර්ථික අර්බුදය හමුවේ කඩා වැටුණු තම ව්‍යාපාර යළි ගොඩනගා ගැනීම සඳහා සහන සැලසීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබාදී ඇති උපදෙස් අනුව මුදල් අමාත්‍යාංශය විසින් බැංකු වෙත යවා ඇති ලිපිවල සහන සලසන්නේ කෙසේ දැයි කියා බැංකුවලට මාර්ගෝපදේශයක් ලබාදී නැති නිසා බැංකු විසින් තමුනට සහන ලබාදිය නොහැකි බව පවසන බවද ඒ මහතා සඳහන් කරයි.

එනිසා නිසි මාර්ගෝපදේශ සහිතව බැංකු වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

රටම බලා සිටිනා ලොකු නඩු 11ක් ගැන ඉඟියක්.!

රටම බලා සිටිනා ලොකු නඩු 11ක් ගැන ඉඟියක්.!

හෝමාගම පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේ නීතිපති දෙපාර්තමේත්ව විසින් ප්‍රධාන නඩු කටයුතු 11ක විමර්ශන අවසන් බවට පසුගියදා ප්‍රකාශයට පත්කළ බවත් ඉන් තුනකට ජනවාරි මාසය අවසානයේ නඩු පැවරෙන බවත් ය.

නීතිපති දෙපාර්තමේන්තුවේ ඇතැම් නීති නිලධාරීන් බලපෑම් නොකරන ආණ්ඩුවක් බලයට පත්වන තෙක් ඇතැම් නඩුගොඩු සඟවාගෙන සිට ඇති බවද එහිදී ජනපතිවරයා පැවසීය.

ජනපතිවරයා වැඩිදුරටත් පැවසූවේ, ‍වංචා සහ දූෂණ සම්බන්ධයෙන් පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ දී සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ දී පොලීසිය ඇතුළු නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ආණ්ඩුව කිසිදු බලපෑමක් සිදු නොකරන බවයි.

නිලධාරීන්ට නිදහසේ කටයුතු කරගෙන යාම සඳහා අවස්ථාව ලබා දී ඇති බවද ඔහු අවධාරණය කළේය.

“සමහර කට්ටිය කියනවා ගන්නවා ඇප දෙනවා කියලා. ඒක තමයි නීතිය. පරික්ෂණ කරන කෙනාට අධිකරණයට ඉදිරිපත් කරන්න පුළුවන්, පරික්ෂණ ඉදිරියට ගෙනියන්න ඒයාට අච්චුකරන්න පුළුවන් නඩුවක් දැම්මොත්. පරික්ෂණවලදී කට්ටිය හිරේ දාන්න බැහැ ඒක රිමාන්ඩ්. සමහර පරික්ෂණවලදී ඇප දුන්නා කියලා කවුරුත් කලබලවෙන්න ඕනේ නෑ ඒක නීතිය.

අපි උපදෙස් දීලා තියෙන්නේ පරික්ෂණ කරන්න බිඳින්න බැරි විදිහට ශාක්ෂි එකතුකරලා මහධිකරණයේ නඩුව දාන්න නඩුව ඉක්මනින් විභාග කරන්න, අච්චු කරන්න. අපේ ප්‍රයත්නය මහධිකරණයෙන් නඩු දාන එක. නීතිපති දෙපාර්තමේත්ව පසුගියදා ප්‍රකාශයට පත්කකරලා තිබුණා ප්‍රධාන නඩු කටයුතු 11ක් හොයාගෙන තියෙනවා. ඉන් තුනකට මේ ජනවාරි මාසයේ නඩු දාන්න පුළුවන් කියලා.

එක නීති නිලධාරිනියක් මට කිව්වා සමහර ෆයිල් හංගගෙන හිටියා කියලා. ඒ අය කිව්වේ ඒ ෆයිල් එකට ඒ වෙලාවේ නඩුව දාන්න ගියානම් එක්කකෝ එයා ගෙදර, එක්කෝ නඩුව එළියට කිව්වා. ඒ නිසා මේ වගේ ආණ්ඩුවක් එනකම් මේ ෆයිල් එක තියාගෙන හිටියා කියලා කිව්වා. එහෙම මිනිස්සු ඉන්නවා. එහෙමයි වැඩකරන්න ඕනේ. අපි ස්තූතිවන්න වෙනවා.

අපි හිතුවොත් මේ අපි විතරයි හරි අනිත් ඕක්කොම නැහැ. එහෙම නෑ එහෙම උනන්දුව තියෙන මිනිස්සු ඉන්නවා මේ රටේ. ඉතින් අපි ඒ අයට නිදහස දීලා තියෙනවා. අපි නඩු තෝරන්නේ නැහැ, නම් තෝරන්නේ නේ නැහැ, පුද්ගලයෝ තොරන්නේත් නැහැ. අපි කියලා තියෙන්නේ අදාළ අයතනවලට නිසිපරිදි පරික්ෂණ කරන්න. අපිට විශ්වාසයක් තියෙනවා අපි නැවත නැවත කරන්නේ ඒ ආයතන ශක්තිමත් කරන එක.”