Why is this happening (Sinhala)

“තව සති දෙකක් මට දෙන්න” ජනපතිගෙන් මේසෙට තට්ටුවක්.!

“තව සති දෙකක් මට දෙන්න” ජනපතිගෙන් මේසෙට තට්ටුවක්.!

ඊයේ දිනයේ හෝමාගම ප්‍රදේශයේ ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගීත්වයෙන් පැවති ජන හමුව අමතමින් ජනපතිවරයා කියා සිටියේ, වී අලෙවි මණ්ඩලය ඇතුළු මෙරට බොහෝ ආයතනයන්හි තම ක්ෂේත්‍රයන් සම්බන්ධයෙන් කිසිදු නිවැරදි දත්ත පද්ධතියක් නොමැති බවයි.

දත්ත නොමැතිවීමෙන් බොහෝ අංශයන් සම්බන්ධයෙන් තීරණ ගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවත් ඊට අදාල දත්ත පද්ධතීන් යලි ශක්තිමත්ව ගොඩනැගීමට මේ වනවිටත් පියවර ගෙන අවසන් බව ජනපතිවරයා අවධාරණය කලේය.

එහිදී ජනපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසීය,

“හාල් හිඟයක් තියෙනවද, කොයි කාලෙද එන්නේ, එහෙනම් අපි ඒ හාල් හිඟයට මොකද කරන්නේ, දත්ත මත තමයි පුරෝකථනයන් එන්න ඕනෙ, කිසි දත්තයක් නැති රටක් මේක, ඒ නිසා අපි ඉතාමත් ශක්තිමත් නිවැරදි දත්ත පද්ධතියක් හදනවා, මම ඕගොලන්ට කියන්නම් තව සති දෙකක් මට දෙන්න.. සහතික මිලට වඩා අඩුවෙන් හැර, වැඩියෙන් එක හාල් ඇටයක් ලංකාවෙ වෙළඳපොලේ නෑ”

පාසැල් දරුවන් අතර සමරිසි උන්මාදයක්.!

පාසැල් දරුවන් අතර සමරිසි උන්මාදයක්.!

මහනුවර ජාතික රෝහලේ වෛද්‍ය නිලධාරි, නීතිඥ පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පවසන්නේ, පාසල් දරුවන් අතර සමලිංගික ආදර සබඳතා ශීඝ්‍ර වර්ධනයක් සිදුව ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි.

වෛද්‍යවරයා පවසන්නේ, විරුද්ධ ලිංගික දූදරුවන් අතර සම්බන්ධතා හීන වී යෑමත්, දරුවන් හුදෙකලා ලෝකවල තනිවීමත්, ජංගම දුරකථන භාවිතය ඉහළ යෑමත් ඇතුළු කරුණු රැසක් මෙයට බලපා තිබෙන බවයි.

මෙම ගැටලුව සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය සෞඛ්‍ය අංශවල ද සහය ලබා ගනිමින් නිසි වැඩපිළිවෙළක් සකස් කළ යුතුව තිබෙන බවත් එය පාසල් මට්ටමින් විසඳුම් සෙවිය නොහැකි බවත් වෛද්‍ය පාලිත බණ්ඩාර සුබසිංහ මහතා පෙන්වා දෙයි.

පාසල් සිසුවියන් මානසික රෝග ප්‍රතිකාර සඳහා යොමුවීම ශීඝ්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව පෙනෙන්නට ඇතැයි ද ඊට ප්‍රධානම හේතුව වී ඇත්තේ මෙවැනි කරුණු බව ද වෛද්‍යවරයා ප්‍රකාශ කළේය.

චීන තිසරපට නවතන්න ඩොලර් මිලියන 35ක්.!

චීන තිසරපට නවතන්න ඩොලර් මිලියන 35ක්.!

ඉතාලියේ බෙන්ජි ඇඟලුම් සමාගම ඩොලර් මිලියන 35ක ආයෝජනයක් හරහා ලොව සුපතල සන්නාම වෙනුවෙන් මෙරට නිපදවෙන තිසරපට සඳහා යොදාගන්නා “බ්‍රා කප්” ලංකාවේදී ම නිෂ්පාදනය කරගැනීම වෙනුවෙන් තාක්ෂණය පුළුල් කිරීමට අදාළව නව ගිවිසුමකට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග අත්සන් තබා ඇත.

ශ්‍රී ලංකාව තුළ සිරිඕ, ඇල්ෆා ආදී නම්වලින් ඇඟලුම් කර්මාන්තශාලා පවත්වාගෙන යන ඉතාලි මව් සමාගමකට අයත් බෙන්ජි සමාගම 2006දී කාන්තාවන් සඳහා තිසරපට නිපදවීම ආරම්භ කර ඇත.

ආයෝජනය හරහා එම සමාගම ‘බ්‍රා කප්’ නිපදවීම සඳහා අවශ්‍ය අලුත්ම යන්ත්‍ර උපකරණ මෙරටට ගෙන ඒමට සැළසුම් කර ඇති අතර මේ ආයෝජන මගින් දැනට නිපදවන මිලියන 30ක ‘බ්‍රා කප්’ ප්‍රමාණය සියයට 35කින් ඉහළ යනු ඇති බව ආයෝජන මණ්ඩලය පවසයි.

එමගින් තිසරපට නිපදවීම සඳහා චීනයේ සිට ‘බ්‍රා කප්’ ආනයන කිරීම සම්පූර්ණයෙන් ම නැවැත්වීමට හැකි වනු ඇති බව ත් මේ සඳහා පිටරටට ඇදීයන විදෙස් විනිමය මේ ඔස්සේ නතර වන බව ත් එම මණ්ඩලය සඳහන් කරයි.

විරෝධය නොතකා නිදහස් පක්ෂය ලකුණට අත ගහයි.!

විරෝධය නොතකා නිදහස් පක්ෂය ලකුණට අත ගහයි.!

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ ඉදිරි මැතිවරණ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණ යටතේ තරග කළ යුතු බවට පක්ෂ සංවිධායකවරු දැඩි ස්ථාවරයක පසුවන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කොටස් කිහිපකට බෙදී පවතින වාතාවරණයක් තුළ එක් පාර්ශ්වයක් පුටුව ලකුණින් ඉදිරි මැතිවරණ සඳහා තරග කළ යුතු බව පවසන අතර තවත් පාර්ශ්වයක් අත ලකුණින් තරග කළ යුතු බවට පවසා ඇත.

කෙසේවෙතත් බොහෝ පක්ෂ සංවිධායකවරුන්ගේ යෝජනාව වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නීත්‍යානුකූල භාවට පත්කර අත ලකුණ යටතේ තරග කළ යුතු බවයි.

අත ලකුණ යටතේ තරග කළ යුතු බවට මීට වසර කිහිපයකට පෙරම පක්ෂ සංවිධායකවරු සඳහන් කළද පක්ෂ නායකත්වට සහ පත්වූ ලේකම්වරුන්ගේ විවිධ මත අනුව එම කටයුතු ක්‍රියාත්ම නොවීය.

එහෙත් ඉදිරියේදී නිදහස් පක්ෂය යළි බලයක් ලබා ගනිමින් දේශපාලන ධාරාවේ සක්‍රීයව කටයුතු කිරීමට නම් අත ලකුණ යටතේ තරග කළ යුතු බවයි සංවිධායකවරුන් අවධාරණය කර ඇත.

“නෝණ්ඩි වෙන්න එපා” යෝෂිත බලන්න ආ නාමල්ගෙන් පොලීසියටත් ආණ්ඩුවටත් අවවාදයක්.!

“නෝණ්ඩි වෙන්න එපා” යෝෂිත බලන්න ආ නාමල්ගෙන් පොලීසියටත් ආණ්ඩුවටත් අවවාදයක්.!

අද (25) උදෑසන බෙලිඅත්ත අදිවේගී මාර්ග පිවිසුම අසලින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ඒමෙන් අනතුරුව නාමල් රාකපක්ෂ, ඩී වී චානක ඇතුළු පිරිසක් මීට සුළු මොහොතක පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අසලට පැමිණියා.

එහිදී අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,

“මම හිතන්නෙ බොහොම හොඳයි මොකද සෙනසුරාදා නිවාඩු දවසේ උදේම නැගිටලා නීතිපති උපදෙස් ක්‍රියාත්මක කරන්න කොළඹට ඇවිල්ලා නැති හින්දා හයි වේ එක දිගේ තංගල්ලට ඇවිල්ලා බෙලිඅත්ත එක්සිට් එකේ නතර කරල කට උත්තරයක් ලියාගෙන ජනතාවගේ බදු මුදල් සල්ලි වලින් පොලීසිය වාහන කීපයක දාල ආරක්ෂාව දීල කොළඹ සී අයි ඩී එකට ගෙනල්ල දැන් කට උත්තර ලියනවා.

පොලීසිය වැඩකරන්න ඕනෙ ඔය විදියට තමයි. හැබැයි ඔය විදියටම පාතාලය මර්ධනය කරන්නත් වැඩ කරානම් බෙලිඅත්ත ඔය එක්සිට් එකේම පස්දෙනෙක් මරල යනකම් පොලීසිය නොදැන ඉන්න විදියක් නෑ.

ඒ වගේම ඊයේ දිනයේත් පාතාලයෙන් ඇවිල්ලා ඝාතණය කිරීම් කරලා තියෙනවා, ඉතිහාසයේ වැඩිම ඝාතණ කිරීම් සිද්දවෙච්චි මාසේ හැටියට ජනවාරි මාසය පත්වෙලා තියනවා.

පොලීසිය දැන් දේශපාලන අවශ්‍යතාවය මත නීතිය ක්‍රියාත්මක කරන්න වෙන මහන්සිය ඔය විදියටම පාතාලේ මර්දනය කරන්න කටයුතු කරොත් බොහොම හොඳයි.

ඉතින් අපිට එන්න කිව්වනම් ඉරිද සෙනසුරාද සඳුදා කියපු වෙලාවට අපි ඇවිත් තියෙනවා. අපිට එන්නත් පුළුවන්. ඒත් පොලීසිය හිතන්න ඇති තංගල්ලට ඇවිල්ලා ආරක්ෂාව සහිතව එක්කන් ඇවිල්ල දැන් ශාක්ෂි ලියනවා.

පොලීසියටත් මම ස්තුතිවන්ත වෙනවා කොළඹ ඉඳන්ම තකහනියක් අපේ ගමට ඇවිල්ල ගමේ එක්සිට් එකේ නවත්තගෙන පොලිස් ආරක්ෂාව සහිතව කොළඹට එක්කන් ඇව්ල්ලා කටඋත්තර ලියන එක ගැන මම සතුටු වෙනවා.

ඒ නිසා අපි ආණ්ඩුවටත් කියන්නේ පොලීසියටත් කියන්නේ කරුණාකරලා නීතිය ක්‍රියාත්මක කරන්න හැබැයි නෝන්ඩි වෙන්න එපා”

මේ අතර යෝෂිත රාජපක්ෂ මහතා ඉතා සතුටින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු යැයි පැසවෙන ස්ථානයක සිට පෙනී සිටි ඡායාරූපයක් සමාජ මාධ්‍ය පුරා පැතිර යයි. එහි සත්‍ය අසත්‍යතාව සම්බන්ධයෙන් පොලීසිය පාර්ශවයෙන් මෙතෙක් දැනුම් දී නැත.

එම ඡායාරූපය පහතින්.

ස්ථානාධිපති කාන්තා වැසිකිළියේ කැමරාවක් සෙට් කරලා.!

ස්ථානාධිපති කාන්තා වැසිකිළියේ කැමරාවක් සෙට් කරලා.!

දුම්රිය මූලස්ථානයේ කාන්තා වැසිකිළියක රහසිගතව කැමරාවක් සවි කිරීමේ චෝදනාව මත දුම්රිය ස්ථානාධිපතිවරයෙකුගේ සේවය අත්හිටුවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

සැකකාර නිලධාරියා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ස්වෙච්ඡා සේවයේ නියුක්ත අයෙක් බව පැවසේ.

මෙය අපරාධ වරදක් හැටියට සැලකෙන සිදුවීමක් වුවද මේ සම්බන්ධයෙන් මෙතෙක් පොලිසියට පැමිණිල්ලක් කර නැත.

අදාළ සිදුවීම ගැන පොලිසියට පැමිණිලි කර නැත්තේ වෘත්තිය සමිති බලපෑම මත බවත් අනාවරණය වී ඇත.

Source – Mawbima

මහින්ද ගෙදර ගෙනියන්න කුට්ටි ඉදිරිපත්වෙයි.!

මහින්ද ගෙදර ගෙනියන්න කුට්ටි ඉදිරිපත්වෙයි.!

අද (24) මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පැවසූවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස අහෝසි කිරීමට පෙර වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක සිය විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට කටයුතු කිරීම වඩාත් සුදුසු බවයි.

හිටපු මන්ත්‍රීවරයා චෝදනා කර සිටියේ විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව සිටි ජාතික ජන බලවේගය අද කිසිඳු හිරිකිතයක් නොමැතිව විධායක බලතල භාවිතා කරන බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නිවස නැවත පවරා ගැනීමට අවශ්‍ය නම් ලිපියක් යොමු කරන ලෙසත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා තමන්ගේ නිවසට ගෙනගොස් නූතන ජීවමාන දුටුගැමුණුට මෙන් සැලකීමට සූදානම් බවත් තිස්ස කුට්ටිආරච්චි වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

හෙළ ලියන්ගෙන් ආණ්ඩුවට සමලිංගික චෝදනාවක්.!

හෙළ ලියන්ගෙන් ආණ්ඩුවට සමලිංගික චෝදනාවක්.!

දේශප්‍රේමී ජාතික බලවේගය නියෝජනය කරන හෙළ කාන්තා බලය සංවිධානය පවසන්නේ ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළ තුළ සමරිසි අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වන බවයි.

එහි සාමාජිකා නීතීඥ මදුමාලි අල්විස් පවසන්නේ පාසල් පෙළපොත් හරහා එය ළමා මනසට කාවැද්දීමේ උත්සාහයක් පවතින බවට තොරතුරු ලැබී ඇති බවයි.

සමරිසි අයිතිවාසිකම් ප්‍රවර්ධනය කිරීම තුළ ළමයින්ට ස්ත්‍රී පුරුෂ ලෙස දෙවර්ගයක් සමාජයේ සිටින බවට හඳුනා ගැනීමට නොහැකි වන බව පවසන ඇය මෙය පිටුපස රාජ්‍ය නොවන සංවිධාන ඇති බවත් චෝදනා කරයි.

ළමයින්ව සමලිංගිකත්වයට පොළඹවා ගැනීම සඳහා විශාල වෛද්‍ය මාෆියාවක්ද ඇති බවත් සමරිසි අයිතිවාසිකම් ඉල්ලා සිටින පුද්ගලයින්ට සමාජයට බලපෑමක් නොවන ආකාරයෙන් මෙතෙක් කල් කටයුතු කළ ලෙස ඔවුන්ගේ අයිතිවාසිකම් පුද්ගලිකව භුක්තිවිඳීම සම්බන්ධයෙන් කිසිඳු විරෝධතාවක් නොමැති බවයි නීතීඥ මදුමාලි අල්විස් වැඩිදුරටත් ප්‍රකාශ කළේ. 

මහා පාපයක්ද.? මහින්ද වෙනුවෙන් සජබ ආණ්ඩුව එකට හැපෙයි.!

මහා පාපයක්ද.? මහින්ද වෙනුවෙන් සජබ ආණ්ඩුව එකට හැපෙයි.!

ඊයේ (23) කොළඹ සජබ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි පැවැසුවේ ලාංකික ජනතාවට නිදහස භුක්ති විඳීම සඳහා දායකත්වය දුන් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නිවසක් ලබා දීම පවක් නොවන බවයි.

ඔහු ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටියේ, යුද්ධයට සම්බන්ධ වුණ හමුදාපතිවරුන්ට ඉඩම් ලබා දීමට හැකියාව ඇත්නම් නම් යුද්ධය නිමා කිරීම සඳහා දේශපාලන නායකත්වය ලබා දුන් නායකයාට නිවසක් ලබාදීම පාපයක්ද යන වගයි.

ඔහු වැඩිදුරටත් පැවසූවේ, හිටපු ජනාධිපතිවරු රාජ්‍ය දේපළ අවභාවිත කර තිබේ නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කිරීම කළ යුතු බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෝ ඔහුගේ පවු‍ලේ අය වරදක් කර ඇත්නම් ඒ සඳහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ය.

එවැනි කාරණා සඳහා සමගි ජන බලවේගය පක්ෂයක් ලෙස විරුද්ධ නොවන බවත් හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලනයට කිසිසේත් එකඟ නොවන නමුත් රටේ ජනතාව වෙනස කරා යොමු කළ නායකයා මහින්ද රාජපක්ෂ බව ඔහු අවධාරණය කළේය.

සූර් වී නිදාගත් රාළහාමි OIC වඩාගෙන යයි.!

සූර් වී නිදාගත් රාළහාමි OIC වඩාගෙන යයි.!

නිල ඇඳුමින් සැරසී බීමතින් කිසියම් ස්ථානයක නිදා සිටින පොලිස් නිලධාරියෙක් තවත් පොලිස් නිළධාරීන් පිරිසක් පැමිණ ඔසවාගෙන යන වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වෙමින් පවතී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ, මේ සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් එවැනි විෂමාචාර සම්බන්ධයෙන් වගකිව යුත්තන්ට එරෙහිව දැඩි විනය ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවත් ය.

එහිදී අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා,

“පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකු තම රාජකාරී කාලසීමාව අතරතුර පොලිස් සේවයට නොගැලපෙන ලෙස හැසිරී යම් ස්ථානයක නිදා සිටින අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙනවා.”

“මේ පිළිබඳව පොලිස්පතිවරයාගේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. මෙම සිදුවීමට අදාළ පොලිස් කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට පොලිස්පතිවරයා දැඩි අප්‍රසාදය ද පළ කළා.”

“එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. එම විමර්ශනයෙන් අනතුරුව මේ සඳහා වගකිවයුතු සියලුම නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගැනීමට කටයුතු කරනවා.”