වාහන ආනයනය ගැන මහ බැංකු අධිපතිගෙන් ප්‍රකාශයක්.!

මේ වනවිට අමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ වටිනාකමකින් යුත් වාහන මෙරටට ආනයනය කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.

ආර්ථිකය දරුණු කඩා වැටීමකට මුල පිරූ 2020 වසරේ මුල් භාගයේ සිට මෝටර් වාහන ඇතුළුව අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ රැසක් ආනයනය තාවකාලිකව අත්හිටුවීමට හා සීමා පැනවීමට බලධාරීන් කටයුතු කළේය.

කෙසේ වෙතත් ආර්ථිකය යළි යථා තත්ත්වයට පත්වීමෙන් පසුව අදියර තුනක් යටතේ වාහන ආනයනය කිරීමට යළි අවසර ලබාදීමට රජය තීරණය කළේය.

ඒ අනුව මෙරටට වාහන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450ක පමණ ණයවර ලිපි මේ වනවිට විවෘත කර ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සඳහන් කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments