“රනිල් වඳුරන්ගෙන් බන අහලා ජේතවනාරාමෙට ගල් ගහපු මිනිහෙක්” චාමර සම්පත්.!

අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසූවේ, මාස දෙකක කාලයකදී තමන්ට තරඟයක් ලෙස නඩු කිහිපයක් සාර්ථකව පවරා ඇති බවත් ඒ පිළිබඳව ඔහුට කිසිඳු කනස්සල්ලක් නොමැති බවත් ය.

නඩු දැමීම මෙන්ම වංචාකාරයන්ට එරෙහිවද නීතිමය ක්‍රියාමාර්ග ගැනීම වැදගත් බවත් මන්ත්‍රීවරයා පැවසීය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ බිරිඳ විසින් කරන ලද ඉල්ලීමකට අනුව සිදු කළැයි බවට පවසන මාධ්‍ය හමුව පිළිබඳ අදහස් දක්වමින් චාමර සම්පත් දසනායක මහතා කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ කරන්නේ මගේ නෝනා කියන එකද? රනිල් කියන්නේ රනිල්ගේ නෝනා කියන එකවත් කරන්නේ නැති කෙනෙක් බවයි.

නඩු දමන්නේ නම් ඒවා පැහැදිලි සාක්ෂි සහිතව විය යුතු බවද චාමර සම්පත් මහතා එහිදී අවධාරණය කළා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ චාමර සම්පත් දසනායක මහතා :

මාස දෙකක් මට තරගෙට නඩු පැවරුවා.නඩු දැම්මට කමක් නෑ.හොරු අල්ලන්නත් ඕන. හැබැයි ගාගන්නෙ නැතුව, එළියේ ජරා කරන්නේ නැතුව බාත් රූම් එකේ ජරා කරන්න. මගේ නෝනා කිව්වට රනිල් වික්‍රමසිංහ ප්‍රකාශයක් කළා කියලා දැන් කියනවා.රනිල් වික්‍රමසිංහ කරන්නේ මගේ නෝනා කියන එකද? රනිල් කියන්නේ රනිල්ගේ නෝනා කියන එකවත් කරන්නේ නැති කෙනෙක්

රනිල් වික්‍රමසිංහ කරන්නේ මගේ නෝනා කියන එකද? රනිල් කියන්නේ රනිල්ගේ නෝනා කියන එකවත් කරන්නේ නැති කෙනෙක්.රනිල් කියන්නේ ලෝකේ කාලා වතුර නොබී ඉන්න කෙනෙක්. වඳුරන්ගෙන් බන අහලා ජේතවනාරාමෙට ගල් ගහපු මිනිහෙක්, නේරංජනා ගඟෙනුත් එතෙර වෙච්චි මිනිහෙක් එහෙම කෙනෙක් මගේ බිරිඳ කියන දෙයක් කරාවිද? නඩුවක් දානකොට ඔප්පු කරගන්න පැහැදිලි නඩුවක් දාන්න ඕන.මේ රටේ කවදාවත් ලුණු නැති වුනේ නෑ. සුද්දගෙ කාලෙ ඉඳන් ලුණු නැති වුනේ නෑ. අපෙනුත් දෙයක් ඉගෙන ගන්න තියෙනවා.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments