චාමර සම්පත්ට දින දෙයි.!

ඌව පළාත් සභාවට අයත් ස්ථාවර තැන්පතු ගිණුම් ඉවත් කරගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 176කට අධික පාඩුවක් සිදුකළේ යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන තවමත් අවසන් කර නොමැති බව අල්ලස් කොමිසම අද (17) දින කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම පැමිණිල්ල අද දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය හමුවේ කැඳවනු ලැබු අතර අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බලා මෙම පැමිණිල්ල යළි නොවැම්බර් මස (18) වනදා කැඳවන ලෙස නියම කළාය.

එම අවස්ථාවේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත මුදාහැර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අධිකරණය හමුවේ පෙනී සිටියේය. 

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments