By unusuma.lk on
(LK time)ළමා හා කාන්තා කටයුතු අමාත්‍යංශය අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් නියෝග කර ඇත්තේ, ළමයින් දරුකමට හදා වඩා ගැනීමට ඉල්ලුම් කරන විදේශිකයන්ගේ ඉල්ලුම්පත් සදහා ලිත් වර්ෂයකට උපරිම ආඥා නිකුත් කළ හැක්කේ සියයක් පමණක් වන බවයි.
ළමයින් දරුකමට හදා වඩා ගැනීමේ ආඥා පනතට අදාළව මෙම ගැසට් පත්‍රය නිකුත් කොට ඇති අතර සියලුම අධිකරණ වලින් නිකුත් කෙරෙන ආඥා සියල්ල වසරකදී සියය නොඉක්මවිය යුතු බව සඳහන් වේ.
එම ආඥා පනතේ අ – 1 ඡේදය යටතේ සඳහන් වන්නේ ලාංකික පුරවැසියන් නොවන හා කවර අවස්ථාවක හෝ ලාංකික පුරවැසියන් ලෙස නොසිටි මෙරට වාසය නොකරන අය වෙනුවෙන් දරුකමට ළමයින් හදා වඩා ගැනීම සදහා කරන ඉල්ලීම් සම්බන්ධයෙනි.
ජනවාරි (08) දාතමින් යුතුව මෙම අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් වී ඇත්තේ ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සාවිත්‍රි පෝල් රාජ්ගේ අත්සනින් යුතුවය.