චීනය අමෙරිකාවට යුද ප්‍රකාශ කරයි.!

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් තීරුබදු පැනවීමට ගත් තීරණයට එරෙහිව චීනය ඕනෑම ආකාරයක යුද්ධයකට සූදානම් බවට අමෙරිකාවට අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ සම්බන්ධයෙන් අමෙරිකාවේ චීන තානාපති කාර්යාලය සදහන් කළේ,

“අමෙරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වන්නේ යුද්ධය නම් එය තීරු බදු යුද්ධයක්, වෙළෙඳ යුද්ධයක් හෝ වෙනත් ඕනෑම ආකාරයක යුද්ධයක් වේවා. අවශ්‍ය ඕනෑම ආකාරයකට අපි අවසානය දක්වා සටන් කිරීමට සූදානම්.”

චීන අගමැති ලී ක්වාං පසුගියදා නිවේදනය කළේ,

“වෙළෙඳ යුද්ධයක තර්ජන තිබියදීත් රටේ ආර්ථිකය වර්ධනය විය හැකි බවට තමන් විශ්වාස කරන බවත් කැනඩාව සහ මෙක්සිකෝව වැනි අමෙරිකානු සහචරයන්ට තීරු බදු පැනවීමට ගත් ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ගවලින් ප්‍රයෝජන ගැනීමට චීනය බලාපොරොත්තු වෙනවා විය හැකිය. චීනය දිගටම විවෘත වන බවත් තවත් විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට බලාපොරොත්තු වනවා.”

Loading

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *