එක්සත් රාජධානිය කොකාකෝලා තහනම් කරයි.!

Local news (Sinhala)Foreign news (Sinhala)ජනවාරි 31, 2025259 Views

කොකාකෝලා නිෂ්පාදන පෙළක් එක්සත් රාජධානියේ විකිණීම තහනම් කර එම සිසිල් බීම තොග ආපසු කැඳවා ඇති බව වාර්තා වේ.

කොකාකෝලා සිසිල් බීම වර්ග කිහිපයක තයිරොයිඩ් ග්‍රන්ථියට බාධා කරන රසායනික ද්‍රව්‍යයක් ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් රටවල් තුනකට මෙම නියෝගය නිකුත් කර ඇත.

ඒ අනුව මෙම ආපසු කැඳවීම බෙල්ජියම, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තයට අදාළ වන අතර “Coke” Fanta” Sprite” Tropico ඇතුළු බීම වර්ග මෙසේ බලපෑමට ලක් වූ නිෂ්පාදන අතර වන බව වාර්තා වේ.

මේ වනවිට කැෆේ සහ ආපනශාලා වෙත යවන ලද Coca-Cola Original Taste, Coca-Cola Zero Sugar, Diet Coke iy Sprite Zero කෑන් මෙන්ම එක්සත් රාජධානියේ සුපිරි වෙළෙඳසල් වෙත යවන ලද 6.250ml Appletiser මල්ටිපැක් ද ඉවත් කරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ආහාර සැකසීමේදී සහ ජල පිරිපහදුවේදී බහුලව භාවිත වන ක්ලෝරීන් විසබීජ නාශක වලින් ආරම්භ වන ක්ලෝරේට් මෙම සිසිල් බීමවල ඉහළ මට්ටමක අඩංගු වන බව සොයාගෙන ඇත.

ආහාර සහ පානීය ජලයෙහි ක්ලෝරේට් ඉහළ මට්ටමක පැවතීම තයිරොයිඩ් ග්‍රන්ථියේ අයඩින් ප්‍රමාණයට බාධා කිරීම, තයිරොයිඩ් හෝමෝන මට්ටම තාවකාලිකව වෙනස් කිරීම මගින් සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකිය.

පසුගියදා බෙල්ජියම, ලක්සම්බර්ග් සහ නෙදර්ලන්තයේ රාක්කවලින් කොකාකෝලා නිෂ්පාදන ඉවත් කිරීමට කටයුතු කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Follow
Search
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

දවසේ සිදුවන සිදුවීම් අතරින් ඔබ දැනගතයුතුම දේ පිළිබදව එසැණින් දැනුවත් කරනා අපගේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න

hot list

Trending