By unusuma.lk on
(LK time)රටේ ජනතාව නිදහසේ භුක්ති වින්ද පොල් ටික ඇතැම් බහුජාතික අපනයන සමාගම්වල සූරාකෑමට ලක්වීම පොල් හිඟයට ප්‍රධාන හේතුව වී ඇතැයි පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති බුද්ධික සිල්වා සදහන් කරයි.
කුස්සියේ සිදු වන පොල් නාස්තිය නිසා, පොල් හිඟයක් මතු වී ඇති බවටත් ඊට ගෘහණිය වගකිවයුතු බවටත් කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා කරන විහිළු කතා පිළිනොගන්නා බවද සභාපති බුද්ධික සිල්වා සදහන් කරයි.
මේ රටේ ඉපදුණු මිනිසුන්ගේ පොල් ටික පිටරට පටවා තම තමන්ගේ සාක්කු තර කරගන්නා බහුජාතික බූවල්ලන්ගේ අතකොළු බවට ඇතැම් රාජ්‍ය අංශ පවා පත්ව තිබීම කන්ගාටුවට කරුණක් බවද සභාපති බුද්ධික සිල්වා සදහන් කරයි.
පොල් ගෙඩියක මිල කවදාවත් නැති අන්දමට ගිනි ගණනට ඉහළ ගියේ, බහුජාතික සමාගම් හරහා සිදු වන මෙම මගඩිය නිසා බවට රජය ජනතාවට කියන්නේ නැතැයි ද මීට පෙර මෙවන් තත්ත්වයක් හටගෙන නැතැයි ද ඔහු සදහන් කරයි.