By unusuma.lk on
(LK time)කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය සඳහා වන සැලසුම් සමාලෝචනය කිරීමේ අරමුණින් ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු බිමල් රත්නායක මහතා සහ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයිය කොන්තා (විශ්‍රාමික) මහතා අද (16) දින කොළඹ මධ්‍යම බස් නැවතුම් පොළේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
‘Clean Sri Lanka වැඩසටහනේ’ අංගයන් ලෙසින් රට පුරා ප්‍රධාන පොදු ස්ථානවල පිරිසිදුකම සහ තිරසාරභාවය ප්‍රවර්ධනය කිරීම, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු කර ගනිමින් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ක්‍රියාත්මක වන අතර, ඒ යටතේ කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණය කිරීමේ ක්‍රියාවලියට මුලපිරීම අද දින සිදු වූ අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත එහි ප්‍රමුඛ කාර්යභාරය පවරන ලදි.
මෙම පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය මඟින් කොළඹ නගරයේ කාර්ය බහුලම ප්‍රවාහන මධ්‍යස්ථානය වන මධ්‍යම බස් නැවතුම් පොළේ මගී පහසුකම් නංවාලීමටත්, මෙහෙයුම් කාර්‌යක්ෂමතාවය වැඩිදියුණු කිරීමට නියමිතය.
තවද, මෙම ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පරිශීලක – හිතකාමීත්වය සහ පාරිසරික ප්‍රමිතීන් කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වේ.
ප්‍රවාහන හා ආරක්ෂක අමාත්‍යාංශ විසින් දියත් කරන මෙම ඒකාබද්ධ මුල පිරීම, විනය සහ ජාතික අරමුණ මතපදනම් වූ යටිතල පහසුකම් වර්ධනය සඳහා ඒකාබද්ධ ඉදිරිගාමී උපාය මාර්ගයක් පෙන්නුම් කරයි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ සහ ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජීවක ප්‍රසන්න පුරසිංහ මහතා ද සහභාගි වූහ.