කොළඹ සහ කොරියාව ඒකාබද්ධ කරන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි.!

කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසූවේ ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ජාත්‍යන්තර විශ්ව විද්‍යාල සමග එක්ව කටයුතු කිරීමේ අරමුණින් කොළඹ විශ්ව විද්‍යාලය සහ කොරියානු ජනරජයේ කොරියානු සමුද්‍රීය සහ සාගර විශ්ව විද්‍යාලය සමග අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවයි.

අධ්‍යාපන ඇමැතිවරයා ලෙස අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය විසින් මෙම කැබිනට් පත්‍රිකාව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව කොළඹ විශ්ව විද්‍යාලයේ ජෛව රසායන සහ අනුක තාක්ෂණ පීඨය මේ සඳහා සම්බන්ධවේ.

ඊට අදාල අවබෝධතා ගිවිසුමට කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයාට ශ්‍රී ලංකාව වෙනුවෙන් අත්සන් තැබීමට ද කැබිනට් අනුමැතිය හිමිව ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.