By unusuma.lk on
(LK time)කොළඹ මහ නගර සභාවේ නිල නිවාසවල පදිංචි නැති නගර සභාවේ ඉහළ නිලධාරිනියෝ තිදෙනෙක් සිය දූ දරුවන් ආනන්ද හා විශාඛා විද්‍යාලවලට ඇතුළත් කර ගැනීම සදහා නගර සභාවේ නිල නිවාසවල ලිපිනය සදහන් කරමින් අයැදුම්පත් දැමීමේ සිද්ධියක් අනාවරණය වේ.
නගර සභාවේ දෙපාර්තමේන්තු කිහිපයකට අයත් මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරිනියන් තිදෙනෙකු පිළිබඳව බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා නාගරික කොමසාරිස්වරයාගෙන් වාර්තාවක් කැඳවා ඇත.
ආණ්ඩුකාරවරයාට ලැබුණු පෙත්සමක් මත ඒ ළමයින් අදාළ පාසල් දෙකට ඇතුළත් කිරීම අත්හිටුවා ඇති අතර ආණ්ඩුකාරවරයා විසින් නගර සභාවෙන් මේ පිළිබඳව වාර්තාවක් කැඳවා තිබෙන්නේ ඉන් අනතුරුවය.
මේ අතර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස දන්වා ආණ්ඩුකාරවරයා ඉකුත් (24) වැනිදා ලිපියක් එවා තිබෙන බැවින් අදාළ වාර්තාව යැවීමට කටයුතු කරන බව කොළඹ නාගරික කොමසාරිස් පාලිත නානායක්කාර සදහන් කරයි.