කොළඹ බලය කාටද.?

බහුතර බලයක් හිමි නොවු කොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම හෙට (16) දිනයේ පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව හෙට උදෑසන කොළඹ නගර ශාලාවේ පැවැත්වීමට නියමිත රැස්වීමේදී, නව නගරාධිපතිවරයා සහ උප නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පළමු කාර්යය ලෙස සිදුකිරීමට නියමිතයි.

මෙවර ඡන්ද විමසීමේ ප්‍රතිඵලවලට අනුව කොළඹ මහ නගර සභාවේ 117ක් වන සමස්ත සභික සංඛ්‍යාවෙන් සභික ධුර 48ක් ජාතික ජන බලවේගයට හිමි වූ අතර සමගි ජන බලවේගයට සභික ධුර 29ක් හිමිවිය.

එක්සත් ජාතික පක්ෂයට සභික ධුර 13ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභික ධුර 5ක්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට සභික ධුර 4ක්, සර්වජන බලයට සභික ධුර 2ක් හිමි වු අතර සෙසු සභික ධුර සංඛ්‍යාව අනෙකුත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර බෙදී ගියේය.

මේ අතර හෙට දිනයේදී කොළඹ මහ නගර සභාවේ නව නගරාධිපතිවරයා ජාතික ජන බලවේගයෙන් පත් කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතීඥ සුනිල් වටගල සඳහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments