By unusuma.lk on
(LK time)ප්‍රධාන දේශපාලන පක්ෂ ගණනාවක් කොළඹ මහනගර සභා නගරාධිපති අපේක්ෂකයන් තෝරාගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව මෙවර කොළඹ මහ නගර සභාවට ප්‍රබල සටනක් හටගන ඇතිබව දේශපාලන අංශ ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව පොදුජන එක්සත් පෙරමුණ (පුටුව) සන්ධානයේ නගරාධිපති අපේක්ෂිකාව ලෙස දීපා එදිරිසිංහ මහත්මිය ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුවෙන්) නගරාධිපති අපේක්ෂකයා ලෙස අරුන්දික ප්‍රනාන්දු හිටපු අමාත්‍යවරයා ඉදිරිපත් වීමට නියමිතයි.
එමෙන්ම සමගි ජන බලවේගයෙන් හිටපු අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා ද ජාතික ජන බලවේගයෙන් (මාලිමාව) ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය ද නගරාධිපති අපේක්ෂකයන් ලෙස දැනට නම් කර තිබේ.
එජාපයෙන් හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය ද සර්වජන බලය පක්ෂයෙන් එහි මාධ්‍ය ලේකම් හසන් අලාල්දීන් මහතා ද නගරාධිපති අපේක්ෂකත්වයට තරග කරනා බව වාර්තා වෙයි.