By unusuma.lk on
(LK time)ප්‍රවාහන නාවික සහ වරාය කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා තමාට එම අමාත්‍යංශයේ රාජකාරී කිරීමට බාධා කරනා බව පවසමින් එහි අතිරේක ලේකම් W.S සත්‍යානන්ද මහතා අධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර ඇත.
තම රාජකාරීවලට බාධාකිරීම වළක්වාලමින් අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව අතුරු නියෝගයක් නිකුත්කරනා ලෙස මෙම පෙත්සම මගින් අතිරේක ලේකම්වරයා අධිකරණයෙන් ඉල්ලා තිබේ.
පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ප්‍රවාහන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්‍ය කපිල පෙරේරා, රාජ්‍ය පරිපාලන අමාත්‍ය ආචාර්‍ය A.H.M අබේරත්න, රාජ්‍ය සේවා කොමිසමේ නිලධාරීන් ඇතුළු 15 දෙනෙකු නම් කර තිබේ.