By unusuma.lk on
(LK time)ඉන්දියාවේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ මෙහෙයවීම මත මෙරට රැඳී සිටිමින් මනුෂ්‍ය ඝාතන සිදුකරනා කුළී ඝාතකයෙක් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
35 හැවිරිදි ඉහළ බෝමිරිය, කඩුවෙල පදිංචිකරුවකු වන සැකකරු හමුදාවෙන් පලා ගිය අයෙකු වන අතර මොහු ඉන්දියාවේ රැඳී සිටිනා සංවිධානාත්මක අපරාධකරු සමග සම්බන්ධ වී වෙඩි තැබීම් සිදුකර ඇත.
ඉන්දියාවේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරු විසින් සැකකරුට මසකට රුපියල් ලක්ෂයක් බැගින් වැටුපක්ද ගෙවා ඇති බව විමර්ශනයේදී හෙළිවී තිබේ.
ගොතටුව ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10ක්, යතුරුපැදියක් සහ විදේශීය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් ද සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රශ්න කිරීමේදී එම යතුරුපැදිය වෙඩි තැබීම සඳහා සැකකරු විසින් යොදාගන්නට ඇතැයි පොලීසිය සැක කෙරේ.
තවත් සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැළකෙන ගොත අසංක නැමැත්තාගේ කොන්ත්‍රාත්තුවක් මත අපරාධයක් සිදු කිරීමට මට්ටක්කුලිය පොලිස් වසමේ කඳිරානවත්ත ප්‍රදේශයට පැමිණ සිටියදී මොහු අත්අඩංගුවට ගැනීමට කොළඹ අපරාධ කොට්ඨාසය සමත්වී තිබේ.