කෝප් කමිටුව ඉදිරියේ බබා වූ සාමාන්‍යාධිකාරීට සභාපතිගෙන් පාඩමක්.!

ශ්‍රී ලංකා විදේශ සේවානියුක්ති කාර්යංශයේ 2022 සහ 2023 වර්ෂයන්ට අදාළ විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) එහි සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (27) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී විදේශ සේවා නියුක්ති කාර්යාංශය එහි ව්‍යවස්ථාවට පටහැනිව ක්‍රියාකර ඇති බව අනාවරණය විය.

එම කාර්යාංශය ව්‍යවස්ථාවට පටහැනිව චක්‍රලේඛ නිකුත් කර ඇති බව කරුණු හෙළි වූ අතර කෝප් කමිටුවේ සභාපතිවරයා පවසා සිටිය සාමාන්‍යධිකාරීවරයා කිසිවක් නොදන්නා වඟකිමක් රහිත පුද්ගලයෙක් සේ මෙම ස්ථානයේ රැඳී සිටිනා බවයි.

මෙහිදී කෝප් කමිටු සභාපති නිශාන්ත සමරවීර මහතාට කෝප් කමිටුව සහ එහි වගකීම කුමක්ද යන්න සම්බන්ධයෙන් සාමාන්‍යාධිකාරීවරයා හට දේශනයක් ලබාදීමටද සිදුවිය.

ජනතාවගේ පරමාධිපත්‍ය පාර්ලිමේන්තුවට තියනවා. පාර්ලිමේන්තුව තමයි සියලු මුදල් සම්බන්ධ වඟකිම් දරන්නේ. ඒකාබද්ධ අරමුදලේ තියෙන මුදල්, මුදල් ඇමති හරහා අමාත්‍ය මණ්ඩලයට යනවා.

එතනින් ලේකම්ට යනවා. ලේකම් හරහා ආයතනවලට බෙදෙනවා. ඒ මුදල් පිළිබඳව වියදම් කරන ආකාරය තහවුරු කරන්න කෙහොමද ගන්නේ කෙහොමද කරන්නේ කියලා හැම ආයතනයකටම රොකියුමන්ට් එකක් තියනවා. ඒකකයක් තියනවා. ඒ වෙනුවට නිළධාරීන් පත් කරල තියනවා. ඔවුන්ට වඟකීමක් තියනවා කරන්න. ඒ වගේම බලය පැවරෙන ආකෘතියක් තියනවා.

ඒක තමයි නිළධාරින්ගේ වඟකීම. ඒක හොයල බලන්න විගණකාධිපති දෙපාර්තමේන්තුව පත් කරලා විගණනයක් යනවා. ඒ විගණනනයේ අහු නොවනදේවල් පාර්ලිමේන්තුවේ ඇමති ධුර දරන් නැති මන්ත්‍රී කණ්ඩායමක් පත් කරනවා මේ පිළිබඳ අදාල විමරශනයක් කරන්න. මේක තමයි පාර්ලිම්න්තුවට තියන මුදල් පිළිබඳ කටයුතු කිරිමේ සම්පුර්ණ බලය එ තියන එකම නැවත සොයා බලන ආයතනය මේක.

ඔබතුමාට කියන්න බැහැ කොප් එක ඉස්සරහ කියන්න බැහැ මාර අවුලක් වෙනවා කියලා. අතීතයේ දේවල් මේ අහන්නේ. අනාගතයට කරන්න පුලුවන් දේවල් නෙමෙයි. ඔබතුමාගේ ඔය චක්‍රෙල්කය මෙතෙන්ට ඉදිරිපත් නොකිරිම ගැටලුවක්.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.