ශාරීරක දඬුවම් මින් මතුවට තහනම්.!

ශාරීරික දඬුවම් මඟින් දරුවෙකුට සිදුවන ශාරීරික හා මානසික හිංසනය සම්බන්ධයෙන් වූ නවතම විද්‍යාත්මක තත්වයන් මත දණ්ඩ නීති සංග්‍රහයේ ශාරීරික දඬුවම් සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමට තීරණය කර තිබේ.

එ අනුව එම පනත් කෙපුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

එබැවින්, ඕනෑම ක්ෂේත්‍රයක ශාරීරික දඬුවම් මඟින් හිංසනයට ලක්කිරීම තහනම් කිරීම සඳහා සහ ශාරීරික හිංසනය වෙනුවෙන් දඬුවම් නියම කිරීම සඳහා විධිවිධාන පැනවීම පිණිස (19 වන අධිකාරය වූ) දණ්ඩ නීති සංග්‍රහය සංශෝධනය කිරීම පිණිස 2024-04-29 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබුණි.

ඒ අනුව, අදාළ කාර්යය සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම පිණිස මීට පෙර අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දී ඇති නමුත් ඒ අනුව කටයුතු කිරීමට හැකි වී නොමැත. 

එම පනත් කෙටුම්පත කඩිනමින් නීතිගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ඇති අතර, ඒ අනුව, එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති.

Loading

Tell me 💬
Notify of
guest
2 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments