By unusuma.lk on
(LK time)ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් පවසන්නේ ආදිවාසි පරපුරේ සංස්කෘතිය විකෘති කරමින් වීඩියෝ නිර්මාණයක් කර අන්තර්ජාලයට මුදා හැරී සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.
මෙරට යූ ටියුබ් නිර්මාණකරනයේ ඉතා ප්‍රභල සන්නාමයක් වන Blok & Dino නාලිකාවට එරෙහිව මෙම නීතිමය පියවර ගැනීමට වැදි නායකයා බලාපොරොත්තු වෙයි.
ඒ මීට සතියකට පෙර ඔවුන් යූ ටියුබ් අවකාශයට මුදා හැරි “සුදු වලිගෙ ඇත්තෝ” නම් වීඩියෝ පටය සම්බන්ධයෙනි.
එම වීඩියෝ පටය් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ ඉතා ජනප්‍රිය වී ඇති අතර යූ ටියුබ් නැරඹුම් වාර මිලියනයද ඉක්මවා තිබේ.
මාධ්‍යයට අදහස් දැක්වෙමින් ආදිවාසී නායකයා පැවසුවේ, ආදිවාසි සංස්කෘතියට නිඟාවන අයුරින් ව්‍යාපාරික අරමුණු කරගෙන මුදල් ඉපයීමේ අරමුණ ඇතිව මෙම වීඩියෝව නිර්මාණය කර ඇති බවයි.
මෙම වීඩියෝ නිර්මාණය කළ තැනැත්තන්ට දුරකථනයෙන් අමතා මේ සම්බන්ධයෙන් දැනුවත් කළ බවත් ඔවුන් ඒ පිළිබඳව කිසිදු ප්‍රතිචාරයක් නොදක්වා සිටීම හේතුවෙන් ආදිවාසී පරපුර පිළිබඳ සමාජයේ පවතින ගෞරවය කෙලෙසෙන බවත් ඌරුවරිගේ වන්නිල ඇත්තන් එහිදී සඳහන් කළේය.
ආදිවාසී භාෂාවද විකෘති කරමින් නිර්මාණය කර ඇති මෙම වීඩියෝපටයට එරෙහිව මෙලෙස නීතිමය පියවර ගන්නා බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
