විනිසුරුවරිය ශාක්ෂි කූඩුවට කැඳවූ ඓතිහාසික ඝාතනය.!

ශ්‍රී ලංකාවේ ආන්දෝලනාත්මක ඝාතනයක් ලෙස ඉතිහාසයට එක් වූ නීතිඥ වෙස් ගෙන අධිකරණය වෙත ඇතුළු වී පාතාල කල්ලි නායක ගනේ මුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම අවස්ථාවේ මූලාසනයේ සිටි ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ද ප්‍රකාශ ලබා ගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියකු පැවසීය.

ඒ අනුව මෙම ඝාතන සිදුවීමට අදාළව ඇසින් දුටු තවත් එක් ප්‍රබල සාක්ෂියක් වන එම අවස්ථාවේ අධිකරණයේ මූලාසනයේ සිටි මහේස්ත්‍රාත්වරිය ඉදිරියේදී නඩු විභාගය අතරතුර ඊට අදාළ ඇසින් දුටු ශාක්ෂි ලබාදෙනු ඇත.

කෙසේවෙතත් ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගෙන් ප්‍රකාශ සටහන් ලබා ගැනීමට පෙර කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා ලිඛිතව ඉල්ලීමක් සිදුකර අවසර ලබාගෙන තිබේ.

වීම ප්‍රකාශයත් සමගම මේ වන විට ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසෙ මගින් සිදු කරන විමර්ශන වලට අදාළව පුද්ගලයන් 50 කට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ ලබාගෙන ඇත.

මනුෂ්‍ය ඝාතනය ඇතුළු අපරාධ රැසක් මෙහෙය වූ පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තාව ඉකුත් මස 19 වෙනි දින බූස්ස බන්ධනාගාරයේ සිට කොළඹ අලුත් කඩේ . අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැඩි ආරක්ෂාව මධ්‍යයේ රැගෙන වීමෙන් අනතුරුව විත්ති කුඩුව මත සිටියදී නීතිඥ වෙස් ගෙන පුටුවක අසුන්ගෙන සිටි වෙඩික්කරු එකවරම් අසුනෙන් නැගිට කුඩුව අසලටම පැමිණි වෙඩි ප්‍රහාරයක් එල්ල කර ගිනි අවිය එළ ස්ථානයේම දමා පලා ගොස් තිබිණි.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

1
0
Would love your thoughts, please comment.x
()
x