By unusuma.lk on
(LK time)ඕනෑම කෙනෙකුට තමන් ඉන්න ස්ථානයේ සිට සාක්කි ලබාදීමටත්, තමා ඉන්න ප්‍රදේශයේ සිට සාක්කි ලබාදීමටත් හැකි නීති නව සංශෝධන හරහා ක්‍රියාත්මක කරන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.
අමාත්‍ය හර්ෂණ නානායක්කාර සදහන් කළේ,
“දැන් අධිකරණවලදී නඩු කල් යන්න මුලික හේතුවක් වෙන්නෙ මොකක්ද.? සාක්කිකාරයෝ වෙලාවට එන්නේ නැති එක. එක්කෝ නැති එක. ඒ වගේම අපි දන්නවා පෙබරවාරි (19) වැනිදා වෙච්ච සිද්ධිය. අධිකරණයේ තිබෙන ආරක්ෂාවේ ප්‍රශ්න.
අපි මේ ගේන සංශෝධන හරහා ඕනෑම කෙනෙක්ට ශ්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයන්ගෙන් හරහා තමන් ඉන්න ස්ථානයේ සිට සාක්කි දෙන්න, තමා ඉන්න ප්‍රදේශයේ සිට සාක්කි දෙන්න අපි නීතිය ගේනවා. මේ හරහා අපිට විශාල හැකියාවක් මතුවෙනවා අනිවාර්යෙන්ම නඩු පමාවීම, කල්යෑම වළක්වන්න.”