By unusuma.lk on
(LK time)මෙරට අධිකරණවල නඩු එකොළොස් ලක්ෂ හාරදහසකට අධික ප්‍රමාණයක් එකතු වී ඇති බව වාර්තා වේ.
අධිකරණ ඇමැති හර්ෂණ නානායක්කාර තහවුරු කරන්නේ, නඩු ලක්ෂ 10කට අධික ප්‍රමාණයක් මේ වන විට ගොඩගැසී ඇති බවත් එම ප්‍රමාණය අඩු කිරීමට හැකි උපරිමයෙන් කටයුතු කරන බවයි.
මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 5,600කට වැඩි ප්‍රමාණයක්, අභියාචනාධිකරණයේ නඩු 4,000කට වැඩි ප්‍රමාණයක්, සිවිල් අභියාචනාධිකරණවල නඩු 6,100කට වැඩි ප්‍රමාණයක්, වාණිජ මහාධිකරණයේ නඩු 8,300කට වැඩි ප්‍රමාණයක්, මහාධිකරණවල නඩු 28,000කට වැඩි ප්‍රමාණයක්, දිසා අධිකරණවල නඩු 254,000කට වැඩි ප්‍රමාණයක් මහෙස්ත්‍රාත් අධිකරණවල නඩු 791,000කට වැඩි ප්‍රමාණයක් ඇති බව අනාවරණය වේ.