කොරෝනා පැතිරුණේ චීනයේ රසායනාගාරයකින්.. CIA හෙළිකරයි.!

Local news (Sinhala)Foreign news (Sinhala)ජනවාරි 28, 2025259 Views

කොරෝනා වසංගතය පිළිබඳව නව වාර්තාවක් අමෙරිකාවේ CIA බුද්ධි අංශය වාර්තා කරයි.

ඒ අනුව කොරෝනා වසංගතයට වගකිව යුතු වෛරසය බොහෝ විට ආරම්භ වන්නට ඇත්තේ රසායනාගාරයකින් බව CIA විශ්වාස කරන අතර මෙහිදී ලබාගත් තොරතුරු සහ සාක්ෂි මත ඔවුන් චීනය දෙසට සෘජුවම සිය ඇඟිල්ල දිගු කරයි.

කොරෝනාව පිළිබඳව කරන පර්යේෂණවලදී ලැබී ඇති සාක්ෂිවලින් පැහැදිලි වන්නේ වෛරසය සතකුගෙන් ව්‍යාප්ත වීමට ඇති හැකියාවට වඩා රසායනාගාරයකින් පිටවීමට ඇති හැකියාව වැඩි බවත් එහෙත් එය 100%ක් නිවැරැදි ද යන්න පිළිබඳව තවමත් කිසිදු ප්‍රකාශයක් කර නොමැත.

අමෙරිකා ජනාධිපති ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ ජාතික බුද්ධි අංශයේ අධ්‍යක්ෂවරයා ලෙස සේවය කළ රැඩ්ක්ලිෆ් බොහෝ කලක සිට කොවිඩ් වෛරසය බොහෝ විට වුහාන් වෛරස් විද්‍යා ආයතනයේ කාන්දුවකින් පැමිණි බව ප්‍රකාශ කර තිබුණි.

කොවිඩ් හි මූලාරම්භය පිළිබඳ පූර්ව වාර්තා බෙදී ගියේ කොරෝනා වෛරසය චීන විද්‍යාගාරයකින් මතු වූයේ වැරැදීමකින් ද නැතහොත් එය ස්වාභාවිකව ඇති වූවක් ද යන්න පිළිබඳව වන අතර එය අදටත් නොවිසඳී ඇති ගැටලුවකි.

බුද්ධි අංශ නිලධාරීන් පවසන්නේ චීන බලධාරීන්ගේ සහයෝගිතාව නොමැතිකම හේතුවෙන් එය කිසි විටෙකත් විසඳිය නොහැකි බවත් බොහෝ කිරීටක වෛරස වවුලන් තුළ සංසරණය වීමට පෙර වෙනත් විශේෂයකට, බොහෝ විට බල්ලන්, බළලුන් මීයන් තුළ සංසරණය වූ බව විද්‍යාඥයන් සදහන් කරයි.

2019 නොවැම්බර් මස අගදී වයිරසය වැලඳුණු පළමු මිනිස් සිද්ධිය වාර්තා වු අතර ඒ වුහාන් හි වෙළෙඳ පොළක එම සතුන් හසුරුවන හෝ මස් කරන මිනිසුන් වෙත ආසාදනය පැතිර යාමත් සමගය. එහෙත් මේ වන විට නිල පරීක්ෂණ මගින් වෛරසය වුහාන්හි රසායනාගාරයකින් පිට වී ගියේද යන ප්‍රශ්නය මතු කර ඇත.

මෙම වසංගතය අමෙරිකානුවන් මිලියන 1.2කට වැඩි ප්‍රමාණයක් සහ ලොව පුරා මිලියන හතකට අධික ජනතාවක් මරා දමා තිබුණේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments
Follow
Search
Popular Now
Loading

Signing-in 3 seconds...

Signing-up 3 seconds...

We are happy to invite you.

දවසේ සිදුවන සිදුවීම් අතරින් ඔබ දැනගතයුතුම දේ පිළිබදව එසැණින් දැනුවත් කරනා අපගේ WhatsApp Group එකට දැන්ම එකතු වෙන්න

hot list

Trending