By unusuma.lk on
(LK time)ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මගින් කිරි ගවයින් 15,000ක් ආනයනය කිරීමට අත්තිකාරම් මුදලක් ලෙස ගෙවූ රුපියල් කෝටි එකසිය හැත්තෑ පහකට ආසන්න මුදලකින් මේ වනතෙක් කිසිදු ප්‍රයෝජනයක් ලැබී නොමැති බව විගණන වාර්තාවකින් හෙළි වී ඇත.
කිරි ගවයින් ආනයනය කිරීමේ ව්‍යාපෘතිය අදියර 3 කින් ක්‍රියාත්මක වූ අතර තුන්වෙනි අදියරේදී එම මුදල් ගනුදෙනුව සිදුව ඇති බවත් එහිදී පළමු සහ දෙවන පියවර යටතේ සිදුකළ කිරි ගවයින් ආනයනය පිළිබඳ නිකුත් කළ විගණන වාර්තා සැළකිල්ලට ගැනීමෙන් තොරව සහ නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව ආනයන සඳහා ඇනවුම් ලබාදී ඇත.
ඔස්ට්‍රේලියාවේ වෙලාර්ට් රූරල් export සමාගමෙන් අදාළ කිරිගවයින් ආනයනය කිරීමට යෝජනා වී තිබූ අතර ආනයනයට සැලසුම් කර තිබූ කිරි ගවයින් සංඛ්‍යාව 2,500ක් නමුත් අදාළ සැලසුම ඉක්මවා කිරි ගවයින් පහළොස් දහසක් ආනයනය කිරීමට එවක ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය තීරණය කර ඇත.
ඒ අනුව කිරි ගවයින්ට අදාළව මුළු කොන්ත්‍රාත් වටිනාකමින් සියයට විස්සක අතිකාරම් මුදල හෙවත් රුපියල් කෝටි 174.9ක මුදල ගෙවා ඇති බවත් 2018 වසරේ සිට 2025 වසරේ පෙබරවාරි වන තෙක් අදාළ ගනුදෙනුවෙන් ලද කිසිදු ප්‍රයෝජනයක් වාර්තා නොවන බව විගණන වාර්තාව සඳහන් කරයි.