By unusuma.lk on
(LK time)කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පසුගියදා ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්න ද සිල්වා සම්බන්ධයෙන් සිදු කළ අපහාසාත්මක ප්‍රකාශය සම්බන්ධයෙන් සිත් නැවුලට පන් සියලු දෙනාගෙඑන් කොන්දේසි විරහිනව සමාව ඉල්ලා තිබේ.
සිය මුහුණු පොතේ සටහනක් තබමින් මන්ත්‍රීවරයා මේ පිළිබඳව දන්වා ඇත.
ඔහු තැබූ සම්පූර්ණ සටහන පහතින්.
“මාගේ ප්‍රකාශයෙන් සිත් තැළුණු සියලුම දෙනාගෙන් කොන්දේසි විරහිතව මා සමාව ඉල්ලා සිටිමි. එක් රැයකින් රටවල් හැදුනේ නැත. අපේ රටේ මිලියන 22 ක ජනතාව මේ දක්වා අත්විඳි සියලුම කඩා වැටීම් වලට වගකිව යුතු දේශපාලකයින්ම සියලු ශ්‍රී ලාංකිකයෝ භුක්ති විඳිමින් සිටින බොහෝ රාජ්‍ය හා රාජ්‍ය නොවන සේවාවන් සහ වරප්‍රසාද වලටද වග කියන්නෝ වෙති. සැපයක් යැයි 76 වසරකට වෛර කරන්නෝ ඒ සියල්ලටම වෛර කරන්නෝ වෙති.
නිදහස් සෞඛ්‍ය, ආබාධ තිබුණත් ඉහළටම යන්න බාධාවක් නොවන නිදහස් අධ්‍යාපනය, ඉඳහිට බාධා ඇතිවුණත් මේ මට්ටමින් හෝ පවතින විදුලිය, ජලය, ප්‍රවාහනය සහ යටිතල පහසුකම් සහ තවත් සර්ව සම්පුර්ණ නොවුන බොහෝ පහසුකම් සහ ජයග්‍රහණ අවතක් සේරු කිරීමේ බොරුව විශ්වාස කළ හැක්කේ කෙසේද ? 76 වසරක් තිස්සේ බිඳෙන් බිඳ පියවරෙන් පියවර පුරවැසියන්ගේ කැප කිරීම් මතින්ම ගොඩ නගාගත් සම්පත් සහ සේවාවන් භුක්ති විඳිමින් ඒ දේවල්වලටම වෛර කිරීම පුර වැසියන්ගේ සංස්කෘතිය විය යුතුද?
ඔබේ දරුවන් ලොකු මහත් විය යුත්තේ අද පාරට බැස්සම සමාජයේ ඇති වෛරී පරිසරයේද? ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රතිප්‍රහාරය ශිෂ්ට විය යුතු නැති බව වැඩිහිටි ලාංකිකයින් දරු මුණුපුරු ලාංකිකයින්ට දෙන ගුණයහපත්කමද ? නැත. දේශපාලකයින්ගේ වැරදි නීතිය හමුවට ගෙන ආ යුතුය.
නීතියෙන් වැරදි නම් දඬුවම්ද ලැබිය යුතුය. ඒත් ඔවුන්ට මට්ටු කිරීමට රටක සමාජ ආකල්පය පාවිච්චි නොකළ යුතුය. බාල මහලු දුප්පත් පෝසත් උගත් නූගත් ආබාධිත ආබාධ නැති සියල්ලන්වම, දේශපාලන ජයග්‍රහණ සහ බලය අත්පත් කර ගැනීම වෙනුවෙන් නිර්මාණය කළ සමාජ වෛර ප්‍රචාරණ ව්‍යාපෘතියේ කොටස්කරුවන් කර ගැනීම තිබුණු තැනටත් වඩා පහත් තැනකට සමාජය ඇද දැමීමකි.
මා ඒ කතාවෙන් පැහැදිලි කිරීමට උත්සහ කළේ ඒ කාරණාවයි. එහෙත් ඒ වැදගත්ම දේ යටපත් කරමින් මතු වූ සිත්රිදවීම ගැන මා කණගාටු වෙමි. ආබාධත ප්‍රජාව වෙනුවෙන් මගේ සිතේ ඇති සහකම්පනය සහ මා ඔවුන් වෙනුවෙන් කළ කී දෑ ගැන මා මෙහි නොකියමි. ස්තූතියි.”

-දයාසිරි ජයසේකර-