By unusuma.lk on
(LK time)ජනාධිපති කාර්යාලය සතු සුඛෝපභෝගී වාහන අලෙවි කිරීමේ දෙවෙනි අදියර යටතේ සුඛෝපභෝගී වාහන සහ භාවිතයෙන් ඉවත් කර ඇති වාහන 26ක් අලෙවි කිරීමට අදාළ වෙන්දේසිය පසුගිය 15 වනදා පැවැත් විය.
මෙම අවස්ථාවට ව්‍යාපාරිකයෝ 108 දෙනෙකු පමණ එක්ව සිට ඇති අතර පැවති වෙන්දේසියේ දි වාහන 17ක් අලෙවි කිරීමෙන් රුපියල් මිලියන 200ක් ඉක්මවූ මුදලක් රජය උපයා ගෙන ඇති බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් සිය ධුර කාලයේදී පත්කරන ලද උපදේශකවරුන් හා කාර්යමණ්ඩලය වෙත ලබාදී තිබූ වාහන 26ක් මෙලෙස වෙන්දේසියට යොමු කර තිබුනි.
කෙසේවෙතත් එම වෙන්දේසිය සම්බන්ධව චෝදනාවක් එල්ලකරමින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු දයාසිරි ජයසේකර මහතා පවසන්නේ එම වාහන වෙන්දේසියේදී ව්‍යාජ ටෙන්ඩර ගණුදෙනුවක් සිදුව ඇති බවයි.
ඒ අනුව ජනාධිපති කාර්යාලය සතුව තිබූ සුඛෝපභෝගී වාහන 17ක් අලෙවි කිරීමේ වෙන්දේසිය පිළිබඳව තමා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිලි කරන බවද මන්ත්‍රීවරයා පවසයි.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කරන ලදී.