865ක් නඩත්තුවට කෝටි 34ක්.. එක කුටියක 3යි.!

මරණ දඬුවම් සහ ජීවිතාන්ත සිරදඬුවම් නියම වී වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිරකරුවන් 865ක් නඩත්තු කිරීමට රජය වසරකට රුපියල් 34,22,45,900ක් වැය කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ 2024 කාර්ය සාධන වාර්තාවෙන් අනාවරණය වේ.

ආහාර, ඉඳුම් හිටුම් හා ජල විදුලි පහසුකම් සැලසීමට යන වියදම් මෙම නඩත්තු වියදමට ඇතුළත් වන බව අතර එක් සිරකරුවකුගේ දිනක ආහාර වියදම පමණක් රුපියල් 460ක් වන අතර අනෙක් වියදම් සමඟ එය දවසකට රුපියල් 1,084කි.

කාර්ය සාධන වාර්තාවට අනුව මරණ දඬුවම නියම වූවන් සහ ඒ දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කළ සිරකරුවන් ගණන 637ක් වන අතර ජීවිතාන්ත සිරදඬුවම් නියම වූ සිරකරුවන් හා ඒ දඬුවමට එරෙහිව අභියාචනා ඉදිරිපත් කර තිබෙන සංඛ්‍යාව 228කි.

සිරදඬුවම් නියම වන සිරකරුවන් රඳවා සිටින තෙමහල් චැපල් වාට්ටුව ඉදිකර ඇත්තේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී සමයේ 1844 දී වන අතර එහි කොටසක් අබලන් බැවින් ඒ කොටස පාවිච්චියට නොගැනීම හේතුවෙන් සිරකුටි 150ක තිදෙනා බැගින් රඳවා ඉතිරි පිරිස සාමාන්‍ය සිර වාට්ටුවල රඳවා සිටින බවද බන්ධනාගාර මූලස්ථානය සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest
4 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.