චාමර සමන්ත ප්‍රසිද්ධ විවාදයක්.!

අද පාර්ලිමේන්තුවේදී බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීන් වන චාමර සම්පත් දසනායක සහ සමන්ත විද්‍යාරත්න යන මන්ත්‍රීවරුන් අතර උණුසුම් විවාදයක් හටගත්තේය.

එහිදී චාමර සම්පත් දසනායක මහතා පැවසූවේ තමන්ට එරෙහිව නඩු ඇත්නම් ඒවා කඩිනමින් පවරන ලෙසයි.

තමන් නඩුවලට බිය නොමැති බවත්, නඩු පරණවීමට ඉඩ නොදී ඇප දීමට නොහැකි වන ලෙස නඩුව පවරන ලෙසත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ගුරුවරයෙක් දණ ගැස්ස වූ බවට තමන්ට චෝදනා කළ ද, තමන් අධිකරණයෙන් නිදහස් වී ඇති බවත්, ඒවා පරණ කතා වන බවත්, අලුත් කතාව වන්නේ සමන්ත කජු කෑ ආකාරය බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

එහිදී ආණ්ඩුපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා ඊට පිළිතුරු සපයිමින් කියාසිටියේ අදාළ මන්ත්‍රීවරයා විසින් සිදුකර ඇති වංචා දූෂණ රැසක් සම්බන්ධයෙන් පැමිණිලි කර ඇති බවත් ඊට අදාළ කටයුතු ඉදිරියේදී සිදුවනු ඇති බවත් ය.

එමෙන්ම බදුල්ල මහ ඇමතිව කටයුතු කළ සමයේ ගුරුවරියක් දණ ගැස්වීම සම්බන්ධයෙන්ද සඳහන් කළ විද්‍යාරත්න මහතා ඊට අදාළ වින්දිත ගුරුවරිය විසින් ලබාදී ඇති ශාක්ෂියද ඉදිරිපත් කළේය.

කෙසේවෙතත් පාර්ලිමේන්තුවේ කාල වේලාව නාස්ති නොකර වෙනම විවාදයක් සඳහා ‍චාමර සම්පත් මහතා යෝජනා කළ අතර සමන්ත විද්‍යාරත්න මහතා එය ස්ථිර කළේය.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.