මනුෂ්‍ය ඝාතන කුමන්ත්‍රණය යටතේ දේශබන්දු අත්අඩංගුවට ගන්න නියෝග.!

මාතර මහේස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට නියෝගයක් නිකුත් කරමින් දැනුම්දී ඇත්තේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටයි.

මාතර – වැලිගම – පැලෑන ප්‍රදේශයේ 2023 දෙසැම්බර් 31 වනදා W 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩිතැබීමේ සිදුවීමට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති බවයී වාර්තා වෙයි.

6314 / 23 නඩු අංකය යටතේ සිදුකෙරෙන නීතිමය කටයුත්තට අදාළව මනුෂ්‍ය ඝාතනයක් සඳහා කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව යටතේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා ඇතුළු සැකකරුවන් 06 දෙනෙකු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කර තිබෙනවා.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.