By unusuma.lk on
(LK time)පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් සිය නීතිඥවරු මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෙම පෙත්සම අද (10) අභියාචනාදීකරණයේ වැඩබලන සභාපති මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ සලකා බැලීම සඳහා කැඳවනු ලැබීය.
2023 වසරේ මාතර වැලිගම ඩබ්ලිව්. 15 හෝටලය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් දී ඇති නියෝගය අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පොලිස්පතිවරයා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව වග උත්තරකරුවන්ට නොතිසි ලබාදීමෙන් අනතුරුව පෙත්සම සලකා බැලීම සඳහා ලබන 12 වනදා කැඳවන ලෙසට විනිසුරු මඩුල්ල නියෝග කළේය.
කැතයි හිරිකිතයි. පොඩි මිනිහට රටේ නීති දෙකක්. ලැජ්ජයි
අපි වරදක් කරලා උසාවි නියෝගයක් අල්ලන්න එතකොට මටත් එහෙම කරන්න පුලුවන්ද ෂෝක් නේ ඒක
නීතියේ දෙවගන මුද්ලට හා බලයට රෙද්ද උස්සයි