දේශබන්දුගේ දෑත් අපිරිසිදු බව අධිකරණය නිගමනය කරයි.. සැඟව සිටීමට ආධාර දුන් අයටත් වැඩ වරදී.!

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාන් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සැඟව සිටිනා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් අභියාචනාධිකරණය විසින් අද (17) නිෂ්ප්‍රභ කළේය.

එහිදී තින්දුව ලබාදෙමින් විනිසුරුවරයා සඳහන් කර සිටියේ සමස්ත කරුණු විශ්ලේෂණය කර බැලීමේදී පෙත්සම්කාර පොලිස්පතිවරයා කටයුතු කළ ආකාරය තුළින් ඔහු පිරිසුදු දෑත් වලින් අධිකරණය හමුවට පැමිණි බවක් පෙනී නොයන හෙයින් ඔහුගේ පෙත්සම සහ අතුරු සහන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන බවයි.

ඒ 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි ඩබ්ලිව් 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද කැඳවූ අවස්ථාවේදීය.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසන් විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළේය.

එහි තීන්දුව අද පෙරවරුවේ ප්‍රකාශයට පත් කළ අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම විභාගයට ගැනීමකින් තොරව නිශ්ප්‍රභ කරන බවයි.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙහි පෙත්සම්කරු සාමාන්‍ය පුරවැසියෙකු නොව ඔහු රටේ පොලිස්පතිවරයා බවයි.

රටේ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමේ වගකීම පෙත්සම්කරු වෙත පැවරී තිබෙන බව පෙන්වා දුන් විනිසුරුවරයා එවැනි වගකිවයුතු පුද්ගලයකු අධිකරණ නියෝග මඟ හරිමින් කටයුතු කිරීම අනුමත කළ නොහැකි බවද සඳහන් කළේය.

මෙවැනි ක්‍රියා තුළින් නීතියේ ආධිපත්‍යයට මෙන්ම නීතිය කෙරෙහි තිබෙන මහජන විශ්වාසය බිඳ වැටීමටද හේතු වන බවත් විනිසුරු මඩුල්ල සඳහන් කළේය.

පහළ අධිකරණ වලට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ තිබිය යුතු බව පෙන්වා දුන් විනිසුරුවරයා ඔවුන්ගේ කටයුතු වලට මැදිහත් වීමට ඉහළ අධිකරණ අපේක්ෂා නොකරන බවත් සඳහන් කළේය.

මාතර මහේස්ත්‍රාන් අධිකරණයේ යම් ගැටලු සහගත තත්ත්වයක් නිබුණේ නම් ඔහු මුලින්ම කළ යුතුව තිබුණේ එම අධිකරණ නියෝගයට අවනත වී පසුව ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීම බව සඳහන් කළ විනිසුරුවරයා එහෙන් පෙත්සම්කරු එම නීතිමය මූල ධර්මය අනුගමනය කර නොමැති බවත් කියා සිටියේය.

සියලු කරුණු සලකා බැලීමේදී මාතර මහේස්ත්‍රාන්වරයා විසින් නිකුත් කර තිබෙන වරෙන්තුව නිත්‍යානුකූල බවත් විනිසුරුවරයා සිය තීන්දුවේ වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

මේ අතර අද පෙරවරුවේ දේශබන්දු තෙන්නකෝන්ගේ නීතිඥවරු විසින් අධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබුණි.

එම මෝසම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ මෙම සිද්ධියට අදාළ මාතර මහේස්ත්‍රාන් අධිකරණ නඩුවේ සම්පුර්ණ පිටපත ලැබුණේ ඉකුත් සිකුරාදා බවත් එය අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කළ බවත්ය.

ඒ අනුව මෝසම සම්බන්ධයෙන් කරුණු සලකා බලන තෙක් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කල් නබන ලෙසන් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අනිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් දැඩි විරෝධය පළ කළේය.

මෙවැනි ඉල්ලීම් වලට ඉඩ නොදෙන ලෙසන් අදාළ මෝසෙම ප්‍රතික්ෂේප කරන ලෙසන් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලීම් කළේය.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල අදාළ මෝසම ඉවන දමමින් මෙම නින්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.

එමෙන්ම පෙන්සම්කරුට අධිකරණය මග හැර සඟවී සිටීම සඳහා ආධාර අනුබල දුන් පුද්ගලයින් පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙසත් විනිසුරු මඩුල්ල විසින් මාතර මහේස්ත්‍රාත්වරයාට වැඩිදුරටත් නියෝග කළේය.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

1
0
Would love your thoughts, please comment.x
()
x