By unusuma.lk on
(LK time)අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇත්තේ වැඩ තහනම්ව සිටිනා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණයට අපහාසයක් සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශනය මේ වනවිට අවසන් බවයි.
පොලිසිය වැඩිදුරටත් කියා සිටියේ දේශබන්දු තෙන්නකෝන්ට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයා සූදානම් බවයි.
2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමකදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට වැඩ තහනමට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාසයකට ආසන්න කාලයක් බන්ධනාගාර ගතව සිටි අතර ඔහු පසුගිය අප්‍රේල් 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරුණා.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නීති කෘත්‍ය මෙන්ම ඇප මත මුදා හැරීමෙන් පසු ඔහු අධිකරණ පරිශ්‍රයෙන් පිටව යාමේදී අධිකරණ නියෝග කඩ කරමින් අධිකරණයට අපහාස කර ඇති බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩු ද්විත්වය මෙලෙස අද මාතර මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස ඉදිරියේ කැඳවනු ලැබුවා.
එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යොහාන් අබේවික්‍රම කියා සිටියේ, නඩුවට අදාළව 09 වැනි සැකකරු වන කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ නෙවිල් ද සිල්වාගෙන් මේවන විට ප්‍රකාශ සටහන් කර ගෙන ඇති බවයි.
එමෙන්ම, මාතර භාර නියෝජ්‍ය පොලිස්පති නිශාන්ත ද සොයිසාගේ ජංගම දුරකථනය රස පරීක්ෂක වෙත යොමු කර ඇති නමුත් එහි අවසන් වාර්තාව මෙතෙක් ලැබී නොමැති බව ඔහු සදහන් කළා.