By unusuma.lk on
(LK time)අත්අඩංගුවට ගැනීම සඳහා මාතර මහා අධිකරණයෙන් වරෙන්තු ලබාසිටින පොලිස්පති දේශබන්ඩු තෙන්නකෝන් මහතා අතුරුදන්වී අදට දින 11ක් ගෙවී අවසන්ව ඇති මොහොතක ඔහු අද (10) පෙරවරුවේ සිය නීතිඥවරු මාර්ගයෙන් තමා අත්අඩංගුවට ගැනීම වලක්වාලන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්ද ඉදිරිපත් කරනු ලැබීය.
කෙසේවෙතත් ඔහු සිටිනා ස්ථානයක් සම්බන්ධයෙන් මෙතෙක් නිෂ්චිත තොරතුරක් සොයා ගැනීමට පොලීසිය අපොහොසත්ව තිබේ.
එවන් පසුබිමක පොලිස්පතිවරයා සොයා ඊයේ (9) රාත්‍රියේ කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයාගේ නිවසද වැටලීමට පොලීසිය කටයුතු කර තිබුනි.
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා මේ සම්බන්ධයෙන් විශේෂ අනාවරණයක් සිදුකරමින් පවසන්නේ මේ වනවිට පොලීසිය තෙන්නකෝන් මහතා සොයා ස්ථාන 50කට වැඩි ප්‍රමාණයක් පරීක්ෂා කර ඇතත් ඔහු සොයාගැනීමට නොහැකිව ඇති බවයි.
ඔහු පවසන්නේ පොලිස්පතිවරයා ධීවර ප්‍රදේශයක සැඟව සිටිනා බවත්, හිටපු අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ආරක්ෂාව යටතේ සැඟව සිටින බවත් එමෙන්ම ඔහු ස්වාමීන්වහන්සේ නමකගේ වෙස් වලාගෙන සැඟව සිටින බවටත් විවිධ තොරතුරු වාර්තා වන බවයි.
එම තොරතුරු සම්බන්ධයෙන් විමර්ශණ කණ්ඩායම්වල අවධානය යොමුව ඇති බවත් ඇතැම් තොරතුරු මත පොලීසිය විසින් සෝදිසි මෙහෙයුම් සිදුකර ඇති බවත් ඔහු පවසයි.