දේශබන්දු පොළව යට සැඟවෙයි.. වහාම අල්ලනු.!

අනිවාර්යය නිවාඩු යැවු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවේ විමර්ශන කණ්ඩායම් 06ක් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතින බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

වැලිගම ප්‍රදේශයේදී වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් නිලධාරියකු මියයෑමේ සිද්ධියකට අදාළව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහෙස්ත්‍රාත්වරයා පෙබරවාරි (28) වැනිදා නියෝග කළේය.

මාතර මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගයට දින 18ක් ගතවී ඇතත් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් තවමත් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති අතර ඔහු තවමත් ප්‍රබල දේශපාලඥයන්ගේ ආරක්ෂාව සහිතව සැගවී සිටින බව වාර්තා වේ.

පොලිසිය මඟහැර සැඟවී සිටින දේශබන්දු තෙන්නකෝන්ට විදෙස්ගතවීම මේ වනවිට තහනම් කර ඇති අතර ඔහුට සැඟවීමට ආධාර අනුබල ලබාදෙන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවද සදහන් කරයි.

දේශබන්දු තෙන්නකෝන් සැඟවී ඇතැයි සැක කරන ස්ථාන 10ක් පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහු සොයා ගත නොහැකි වූ බවත් ඊට අමතරව තවත් ස්ථාන 18කට බුද්ධි නිලධාරීන් යොදවා තවදුරටත් පරීක්ෂණ කරන බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු අධිකරණයට දන්වා ඇත.

මේ අතර තමා අත්අඩංගුවට ගැනීමට මාතර අධිකරණය ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද (17) දින තීන්දු කළේය.

ඒ අනුව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරු මඩුල්ල විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest
0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

0
Would love your thoughts, please comment.x
()
x