වහාම අත්අඩංගුවට ගන්නා ලෙසට වරෙන්තු නිකුත් කළ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට විදේශගත වීම වළක්වාලමින් මාතර මහෙස්ත්‍රාත් අධිකරණය විදෙස් ගමන් තහනමක් පනවා ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමක් අනුව දේශබන්දු තෙන්නකෝන්ට විදෙස් ගමන් තහනම පනවා ඇත.
මේ අතර අද (01) දින පාර්ලිමේන්තුවේදී මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල සඳහන් කළේ, මේ වනවිට වරෙන්තු නිකුත් කර ඇති දේශබන්දු තෙන්නකෝන් සැඟව ඇති බවයි.