By unusuma.lk on
(LK time)දවස් 20ක් තිස්සේ අධිකරණයට භාර නොවී සිට ඊයේ (19) දින මාතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට භාරවූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් දැඩි ආරක්ෂාව මධ්‍යයේ අගුණකොළපැලැස්ස බන්ධනාගාරයට ඇතුළත් කළේය.
විවෘත වරෙන්තු නිකුත් කර තිබූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මාකඳුරේ මධුෂ්, හරක් කටා වැනි සංවිධානාත්මක අපරාධකරුවන්ටත් වඩා දරුණු ගණයේ සංවිධානාත්මක අපරාධකරුවකු බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මාතර මහෙස්ත්‍රාත් අධිකරණයේදී අවධාරණය කළේය.
බන්ධනාගාරගත කළ පොලිස්පති දේශබන්දු තෙන්නකොන් අද (20) දින යළිත් මාතර මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන අප්‍රේල් (03) වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.