දේශබන්දුගේ නියෝගය කල් දමන ලෙස මෝසමක්.! [Breaking News]

තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණය හමුවේ ගොනුකළ රිට් පෙත්සමේ තීන්දුව අද (17) ප්‍රකාශයට පත් කිරීමට නියමිත පසුබිමක එම නියෝගය කල් දමන ලෙස ඉල්ලා දේශබන්දුගේ පාර්ශවය විසින් අධිකරණයට මෝසමක් ගොනු කිරිමේ සැලසුමක් පවතින බවට තොරතුරු වාර්තා වේ.

එවන් පසුබිමක පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් ඊයේ (16) නිවේදනයක් කරමින් පවසා සිටියේ මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් 06 දෙනෙකු ද රිට් පෙත්සම් ගොනු කරමින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ඇති බවයි.

ඒ අනුව මූලික විමර්ශන අවසන්වන තෙක් එම හයදෙනා අත්අඩංගුවට නොගැනීමට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙන අතර ඔවුන්ගේ රිට් පෙත්සම් ලබන 21 වැනිදා අභියාචනාධිකරණය හමුවේ කැඳවීමට නියමිතයි.

හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇන්ස්ලම් ද සිල්වා, වැලිගම පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති උපුල් කුමාර ඇතුළු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා ඉකුත් පෙබරවාරි 28 වැනිදා නියෝග කළා.

ඒ, 2023 වසරේ දෙසැම්බර් 31 වැනිදා වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේදී මනුෂ්‍ය ඝාතනයකට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මතයි.

එවන් පසුබිමක තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් පසුගිය 10වනදා අභියාචනාධිකරණය හමුවේ රීට් පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

කෙසේ වෙතත් අත්අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් කර දින සිට සති තුනකට ආසන්න කාලයක් ගතව තිබුණ ද හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මේ දක්වා සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.

පොලිස් කණ්ඩායම් 06ක් ඔහු සොයා විමර්ශන සිදුකරන බවයි පැවසෙන්නේ.

Loading

Tell me 💬
Notify of
guest
1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

1
0
Would love your thoughts, please comment.x
()
x