By unusuma.lk on
(LK time)වැඩ තහනමකට ලක්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පාර්ලිමේන්තු පරීක්ෂණ කමිටුව හමුවේ දෙවන වරට අද පෙනී සිටීමට නියමිතයි.
මොහු පළමු වරට මෙම පරීක්ෂණ කමිටුව හමුවේ පෙනී සිටියේ පසුගිය 19 වනදායි.
දේශබන්දු තෙන්නකෝන් විසින් කර ඇතැයි කියන විෂමාචාර සහ සිය ධූරයේ බලතල බරපතල අන්දමින් අනිසි ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීමට සදහා පසුගියදා මෙම කමිටුව පත් කෙරෙනු ලැබුවා.
එහි සභාපතිවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන කටයුතු කරන අතර, විනිසුරු ඩබ්ලිව්.එම්.එන්.පී. ඉද්දවල සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපති ඊ.ඩබ්ලිව්.එම්. ලලිත් ඒකනායක එහි සෙසු සාමාජිකයින්.