ආරක්ෂාව තර කරයි.. දේශබන්දු රටින් පැන යෑමේ සැලැස්මක් පිළිබඳ තොරතුරු හෙළිවෙයි.!

නීතිවිරෝධී පත්වීමක් ලබා වැඩ තහනම්ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකාවෙන් පලා ගොස් සැඟවීමේ අවදානමක් ඇති බවත්, මේ වෙද්දී ගුවන්තොටුපොළ ඇතුළු සියලු පාර්ශ්වයන්ට ඒ පිළිබඳ සූදානමින් සිටින ලෙස උපදෙස් ලබා දී ඇති බවත් පොලීසියට සම්බන්ධ ඉහළ තනතුරක් දරණ ප්‍රබලයෙකු පැවසීය.

කෙසේ වෙතත් මුහුදු මාර්ගයකින් රටින් පිටවීමට ඇති ඉඩකඩ සලකා බලමින් සිටින බව ඔහු වැඩිදුරටත් කීය.

පොලීසියට සම්බන්ධ ඉහළ තනතුරක සිටින එම ප්‍රබලයා ප්‍රකාශ කළේ, ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට බාර වීම හෝ රටින් පිට වීම යන විකල්ප දෙකෙන් එකක් සලකා බලමින් සිටින බවට සැකයක් පවතින බවය.

මේ පිළිබඳ ජනමාධ්‍ය මෙන්ම සියලු පුරවැසියන් සහ නිලධාරීන් අවදියෙන් සිටිය යුතු බවත්, යුක්තිය ඉටු කිරීමේදී ආණ්ඩුවේ ප්‍රධානීන් මෙන්ම ජනතාව සිටින්නේද එක් පැත්තක බවත් එම ප්‍රබලයා පැවසීය.

අප සමඟ අදහස් දැක්වූ කැබිනට් ඇමතිවරයෙකු පැවසුවේ දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීමට රජය ගත හැකි සෑම උත්සාහයක්ම කැපවීමෙන් ගන්නා බවත්, හැකි උපරිම ශක්තිය යොදවා ඇති බවත් ටිරාන් අලස්ගේ නිවසට පවා යන එන පුද්ගලයන් පිළිබඳ ඔත්තු සේවා යොදවමින් දැඩි නිරීක්ෂණයක සිටින බවත්ය. කෙසේ වෙතත්, දේශබන්දු තෙන්නකෝන් ආරක්ෂා කොට සඟවාගැනීමට හිටපු පාලන සමයන්හිදී විශාල බලයක් සහ ධනයක් අත්පත් කරගත් පිරිස් සහයෝගය දක්වමින් සිටින බව ඔහු සිහිපත් කළේය.

දේශබන්දු තෙන්නකෝන්ගේ දේශපාලන පක්ෂපාතීත්වය නිසා පොලීසිය සතු බලතල අවභාවිත කරමින් සිදු කළ අපරාධකාරී ක්‍රියාවන් රැසක් සහ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු සිදුවීම් රැසක් පිළිබඳ තොරතුරු දන්නා බවත් ඔහු මෙරට අධිකරණ පද්ධතිය තුළට ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු දන්නා තොරතුරු රැසක් හෙළි කිරීමට ඉඩ තිබෙන බවත් අප සමඟ අදහස් දැක්වූ ප්‍රබලයා කීය. එම කරුණු විශ්ලේෂණය කිරීමෙන් පසු රජයේ තක්සේරුව වන්නේ ඔහුව අධිකරණයට ඉදිරිපත් නොවී රහසේම පිට කිරීම සඳහා පාර්ශ්ව කිහිපයක් සූදානමින් සිටින බවය.

තරිඳු උඩුවරගෙදර [සටහන රේඩියෝ]

Loading

Tell me 💬
Notify of
guest
3 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments

We are happy to invite you.

3
0
Would love your thoughts, please comment.x
()
x