By unusuma.lk on
(LK time)පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සිය ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවේ ඇතුළත් චෝදනා විමර්ශනය කරන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ අද (17) දින වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සාක්ෂි ලබාදුන්නේය.
එහිදී වැලිගම W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය පිළිබඳව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය සඳහන් කළේ,
“ගරු ස්වාමීනි, මේ සිද්ධිය ගැන පරීක්ෂණ දෙකක් යනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේතුව මේ ගැන සොයා බැලුවට පස්සේ තමයි ඒ 7 දෙනාම සැකකරුවන් විදිහට නම් කෙරුණේ.
මේ සිද්ධියට පස්සේ පොලීසිය පිළිබද ජනතාව මත තිබුණු විශ්වාසය නැති වුණා. මේ වගේ සිද්ධියක් ඇති වීම හොද නෑ. ඇත්තටම මේ ගැන කලින් දැනුවත් කරලා එතනට යන්න තිබුණා.
ඇත්තටම ඒ අය පොලීසිය කියලා තහවුරු කරන්න තිබුණා. හොර පාරෙන් ආපු නිසා තමයි ඒ අය පලා යන්න උත්සාහ කළේ. බොරු තොරතුරු පොලිස් දෙපාර්තමේන්තුවට දුන්නා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ ගැන සොයා බලනවා. සමහර සාක්ෂි මේ අය නැති කරලා තියනවා. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මට දන්වලා තියනවා.”
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රශ්න කළේ, මියගිය සැරයන්වරයාට අනීතික විදිහට උසස්වීම් ලබා දීලා තියනවා. ඒක නිවැරදි කරන්න ඕනේ නේද.?
“ඔව් ස්වාමීනි.. ඒ පිළිබඳව විමර්ශනය සිදු කරනවා. එය අවසන් වුණාම ඒ ගැන තීරණය ගන්න පුළුවන්.”
එහිදී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රශ්න කළේ, එතකොට ජනාධිපති අරමුදලින් එතුමාට ලක්ෂ 25ක් ලබාදීලා තියෙනවා. ඒ ගැන ඔබතුමා දැනුවත්ද.?
“ඔව් ස්වාමීනි.. ඒ පිළිබඳව අපි සොයනවා.”
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් ප්‍රශ්න කළේ, ඒ කාලයේ මහජන ආරක්ෂක අමාත්‍යවරයා විදිහට කටයුතු කළේ ටිරාන් අලස් මහතා. මියගිය සැරයන්වරයාගේ ක‍්‍රියා කලාපය පිළිබඳව ඇමතිතුමා දැනුවත් නැද්ද.? සම්පුර්ණයෙන්ම රජයේ මුදල් ලක්ෂ 40ක් එතුමාට ලබා දීලා තියනවා.
“මේ පිළිබඳව ඇමතිතුමාත් දන්නවා. එතුමා මේකට සෘජුව මැදිහත් වෙලා තියනවා. මේ පරීක්ෂණ අවසන් වෙනකන් ඒ මුදල් ගන්න පුළුවන් කමක් නෑ. පොලිස්පතිතුමයි, ඇමතිතුමයි දෙන්නම එකතු වෙලා කරපු මෙහෙයුම තමයි මේක.”
මේ අතර, එවකට පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ විත්තිකාර දේශබන්දු තෙන්නකෝන් පොලිස් විශේෂ කාර්ය බලකායේ 28ක්, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ 09ක් සහ විශේෂ ආරක්ෂක කොට්ඨාසයේ 06ක් ලෙස 43 දෙනෙකුගේ ආරක්ෂාවක් ලබා ගෙන තිබූ බවත්, වැඩබලන පොලිස්පතිවරයා සඳහන් කරයි.
කෙසේ වෙතත් නොදන්වා සැඟව සිටීමට පොලිස්පතිවරයා කටයුතු කිරීමත් සමග එම 43 දෙනා නැවත අදාළ කොට්ඨාස වලට නැවත කැඳවීම සිදු කළ බවත් වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරීය සඳහන් කරයි.
මෙලෙස පළා ගිය අවස්ථාවේ පොලිස්පතිවරයාගේ නිවසේ තිබී ඔහුගේ රාජකාරී ගිනි අවිය රෙදි වලින් ඔත්‍රා රෙදි සෝදන යන්ත්‍රය තුල දමා තිබියදී සොයා ගත් බවද වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරීය සඳහන් කරයි.