By unusuma.lk on
(LK time)මේ වනවිට අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා සිටින සිටින හිටපු පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතා බොහෝ විට අනිද්දා (06) අධිකරණය වෙත නීතිඥයන් හරහා බාර වනු ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග පවසයි.
කෙසේ වෙතත් ඔහු ඊයේ (03) දින මාතර කොටවිල පිහිටි ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට බාර වනු ඇතැයි සිතා මාධ්‍යවේදීන් එම අවස්ථාව ආවරණය කිරීමට උදෑසන සිට අධිකරණය ඉදිරිපිට ප්‍රධාන දොරටුව අසලට වී සිටි නමුත් ඔහු පැමිණියේ නැත.
වැලිගම මූලස්ථාන පොලීසියේ නඩු දිනය ලබන බ්‍රහස්පතින්දා බැවින් ඔහු මෝසමක් මගින් එදින අධිකරණයට බාර වනු ඇති බවට සැක කරයි.