By unusuma.lk on
(LK time)මාතර මහෙස්ත්‍රාත් අධිකරණය මගින් වරෙන්තු කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අධිකරණය හමුවේ පෙනී නොසිටින්නේ නම් මෙම සතිය තුළ ඔහුගේ දේපළ තහනමට ලක්කරනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පැවසීය.
එම තීරණය සැලවීමත් සමග දේශබන්දු තෙන්නකෝන් මහතාගේ බිරිඳ සහ පුතා නැවතත් ඔවුන්ට අයත් නිවසකට පැමිණ ඇති බව පොලිසිය පවසනවා.
පොලීසිය පවසන්නේ, ඔවුන් නැවත පැමිණි බව සැලවීමත් සමග එම නිවසට ගොස් බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගත්තද දේශබන්දු තෙන්නකෝන් සිටිනා තැනක් ගැන කරුණු අනාවරණය නොවූ බවයි.
කෙසේවෙතත් දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගන්නැයි නියෝගය ලබාදි අදට දින 15ක් ගත වී අවසන් වුවත්, අද වන විටත් ඔහු සමබන්ධයෙන් කිසිදු තොරතුරක් හමු වී නැහැ.