By unusuma.lk on
(LK time)ජාතික හැඳුනුම්පතක් සෑදීමට ව්‍යාජ උප්පැන්න සහතිකයක් සෑදීමට අනුබල දීම යටතේ ගොනුකර ඇති නඩුවේ චෝදනා හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ඉදිරියේ කියවා දෙයි.
අනතුරුව නීතිපතිවරයා විසින් තමන්ට එරෙහිව ගොනු කර ඇති අධිචෝදනා තුනටම තමන් නිවැරැදිකාරිය වන බව විත්ති කූඩුවේ සිට හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අධිකරණය හමුවේ ප්‍රකාශ කළාය.
තම සේවාදායිකාවට එරෙහිව ගොනුකර ඇති පළමු හා දෙවැනි චෝදනා ඉදිරියට පවත්වා ගෙන යෑමට නොහැකි බවට කරුණු පෙන්වා දෙමින් චිත්තිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරයා මූලික විරෝධතා ඉදිරිපත් කළේය.
චෝදනා ගොනුකර ඇති දිනය හා සසඳා බලන විට වසර විස්සක කාලයක් ගෙවී ගොස් ඇති බැවින් මෙම චෝදනා පදනම් විරහිත බැවින් චෝදනා ඉදිරියට පවත්වා ගෙන යෑමට නොහැකි බව පෙන්වා දෙමින් ජනාධිපති නීතිඥවරයා සිය මූලික විරෝධතාව ඉදිරිපත් කළේය.
ඉදිරිපත් කරන ලද ඒ මූලික විරෝධතා පදනම් විරහිත බවට නිගමනය කරමින් මූලික විරෝධතාව ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා මෙම නඩු විභාගය ඉදිරියට පවත්වාගෙන යාමට සාක්ෂි විභාගයට ගැනීමට නීතිපතිවරයාට අවසර දුන්නේය.
වසර විස්සක කාලයක් ගෙවී ගොස් ඇති බැවින් ඒ චෝදනා ඉදිරියට පවත්වා ගෙන යෑමට නොහැකි බවට විත්තියේ නීතිඥවරයා මූලික විරෝධතාවයක් ඉදිරිපත් කළද චෝදනා සම්බන්ධයෙන් නිගමනය කළ යුත්තේ මෙම අවස්ථාවේදී නොව නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයෙන් අනතුරුව බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.
පැමිණිල්ල වෙනුවෙන් දෙහිවල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කළ විශ්‍රාමික නිලධාරියා රජයේ අධිනීතිඥ අකිලා දල්පදාදුගේ මෙහෙය වීමෙන් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදුන්නේය.
අනතුරුව මෙම නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය 2025 මාර්තු (05) වැනිදා දක්වා කල් තැබීමට විනිසුරුවරයා නියෝග කළේය.