By unusuma.lk on
(LK time)ඩිජිටල් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ සිදුකෙරෙන ප්‍රමුඛ කාර්‍යක් වන ඩිජිට්ල් හැඳුනුම්පත ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය කටයුතු නොබෝදිනකින් ආරම්භ කරන බව ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍ය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
තඹුත්තේගම ප්‍රදේශයේ ඊයේ (26) පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ඩිජිටල් හැඳුනුම්පත හරහා මුල්‍ය ආයතන සමග ගනුදෙනු කිරීමට මෙන්ම බදු ගෙවීමේ කටයුතු සඳහා එමඟින් පහසුකම් සැලසෙන බවත් දත්ත සොරකම් කිරීම සම්බන්ධයෙන් කිසිවෙකු බියවිය නොමැති බවත් එහිදී ජනපතිවරයා අවධාරනය කළේය.
ඩිජිටල් හැඳුනුම්පතට අවශ්‍ය තොරතුරු ඇතුලත් කිරීම සඳහා දිවයින පුරා මධ්‍යස්ථාන 2,300ක් ස්ථාපිත කිරීමට බලාපොරොත්තු වන බවත් එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.